ඔබටත් හදිසි අනතුරු සිදුවේද ?


අපට අද රූපවාහිණිය, ප්‍රවෘත්ති පත්‍ර, ගුවන් විදුලිය වැනි මාධ්‍ය මගින් දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශවලත් හදිසි අනතුරු පිළිබඳ අසන්නටත් දකින්නටත් ලැබේ.  


මෙම පුවත් මගින් කියවෙන්නේ මාර්ගවල සිදුවන වාහන අනතුරු, දියේ ගිලීම්, ගෙල වැලලා ගැනීම්, වස පානයකර කිරීම්, වෙඩි වැදීම් සහ කපා කොටා ඝාතනය කිරීම් ආදී හද සසල කරවන සිද්ධීන්ය. 

මෙවැනි හදිසි අනතුරු වලින් මිය යන අය පිළිබඳව ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවට අනුව විමසා බැලීම ඉතා වැදගත්ය.  


කෙනෙකු තම ඡන්ම කේන්ද්‍රය දක්ෂ ජ්‍යෙතිර්වේදියකු ලවා පරීක්ෂා කර බැලුයේ නම් අනතුරු අවම කරගැනීමට බොහෝ දුරට හැකි වන්නේය.  


හදිසි අනතුරු ඇතිවන්නේ රවි ග්‍රහයාගේ බලපෑම අනුව බව සොයාගෙන ඇත. යම් කිසි ශුභ ග්‍රහයකු වුවත් කුජ ශනි යුරේනස් වැනි ග්‍රහයන් අශුභ දෘෂ්ටි ලබා හෝ සංයෝගවී ලග්නයේ සිටියේ නම් එම ග්‍රහයා සිටි ලග්න රාශියට අයත් ශරීර ප්‍රදේශයෙහි තුවාල සහ අනතුරු ඇති කරයි. එසේ නැත හොත් අශුභ දෘෂ්ටි ඇතිකළ ග්‍රහයා සිටි රාශියට අයත් ශරීර කොටසෙහි අනතුරු ඇති කරයි.  


රවි හෝ සඳු ලග්න ගතව අශුභ දෘෂ්ටි පාප සංයෝගවලින් දුර්වල වීම හේතු කොටගෙන සුළු සුළු අනතුරු ඇති වේ.  


රවි හෝ සඳු දශවන භාව ස්පුටයන්ටත් ලග්න ස්පුටයටත් අතර ප්‍රදේශයෙහි හෝ හතරවන නාම ස්ප්‍රටයත් හත්වන භාව ස්ප්‍රටයටත් අතර පිහිටි ප්‍රදේශයෙහි හෝ සිටිය දී කුජ ශනි දෙදෙනාම චතුරශ්‍ර හෝ සහිතව වී නම් හදිසි අනතුරුවලට හේතුවේ.  


කුජ ශනි යුරේනස් යන ග්‍රහයන් අශුභ දෘෂ්ටි වලින් සහ පාප සංයෝග වලින් දුර්වල වීම සහ ලග්නගත වීමද පාප ග්‍රහයකුට ලග්නගත වීමද පාප සංයෝගවීමද හදිසි අනතුරුවලට කරුණු යෙදේ.  


රවි සඳු දෙදෙන මිථුන කුම්භ ධනු යන රාශිවල සිටි පාප ග්‍රහයන්ට අශුභ දෘෂ්ටි පාප සංයෝගවීනම් වෙඩි පහරට ලක්වේ.


සෙනසුරු දුර්වලව කුම්භ රාශියේ සිටියේ නම් උසකින් පඩි පෙළකින් උඩු මහලකින් වැටීමෙන් අනතුරු ඇතිවේ. තවද මාර්ග අනතුරු ඇතිවීමට ද පුළුවන.  


සෙනසුරු ධනු රාශියේ සිට පාප දෘෂ්ටි පා සංයෝග වීනම් සතුන්ගෙන් වාහනවලින් මාර්ගවල දී අනතුරු සිදුවේ.  


සිංහ කුම්භ රාශි දෙකෙහි ප්‍රථම දෙර්කාණ දෙත් වෘෂභ වෘෂ්චික රාශි දෙකෙහි අග දෙර්කාණ දෙකත් පාප දෘෂ්ටි පාප සංයෝග වලින් දුර්වල වී නම් දියේ ගිලීමට පුළුවන. එසේම කන්‍යා රාශියේ දෙවැනි දෙර්කාණයෙහි රවි සඳු දෙදෙනාගේ පාප ග්‍රහයන් හෝ අශුභ දෘෂ්ටි පාප සංයෝග වලින් දුර්වලවීම ද වතුරෙන් අනතුරු ඇතිවීමට හේතුවකි.  


ජල රාශි ගතවූ බුධ කුජගෙන් බලවත් ලෙස අශුභවී සංයෝගවීම හේතුකොටගෙන තද කැපුම් ​ෙකටුම් උණු වතුරෙන්, විදුලියෙන් ගින්නෙන් අනතුරු ඇතිවෙයි.  


යුරේනස් පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිවලින් හෝ සංයෝගවලින් දුර්වල වීම නිසා බලාපොරොත්තු නොවන ආකාරයේ සිදුවීම් වලින් විදුලියෙන් වෙඩි වැදීම් පිපිරවීම් ආදී අනතුරුවලට ලක්වේ.  


රවිට යුරේනස් අශුභ දෘෂ්ටිවීනම් හෝ අශුභ ලෙස සංයෝග වී නම් යන්ත්‍ර සුත්‍ර ආදියෙන්ද විදුලියෙන්ද වාහනවලින්ද දුම්රිය මාර්ගයේදී ද ගුවන්යානා වලදීද අනතුරු ඇතිවේ.  


රවිට නැප්චූන් අශුභ දෘෂ්ටිවීම හෝ අශුභ ලෙස සංයෝගවීම නිසා පල් හොරුන්ගෙන්ද බෙහෙත්වලින්ද වස විෂවලින්ද අමනුෂ්‍යයන්ගෙන්ද භූත විකාරවලින්ද හදිසි අනතුරු ඇතිවේ. මෙහිදී නැප්චුන් ජල රාශියකනම් ස්ථිර වශයෙන්ම සිදුවේ.  


නැප්චුන් කේන්ද්‍රයේ තදබල ලෙස දුර්වල වූ ග්‍රහයා නම් ගුප්ත මරණයක් හෝ ගෑස් වායුවක් වැදීම හේතුවෙන් හෝ දියේ ගිලීම හේතුවෙන් නිසා හෝ බෙහෙත් වස විෂ ආදියකින් හෝ මරනය සිදුවේ.  


රවි සඳු දෙදෙනා තද බල ලෙස පාප ග්‍රහයන්ගේ අශුභ දෘෂ්ටි හෝ පාප සංයෝග වලින් දුර්වලවී ගුරු සිකුරු දෙදෙනාගෙන් ශුභ දෘෂ්ටි සංයෝග නොලද හොත් හදිසි අනතුරකින් මිය යනු ඇත.   


රවි ග්‍රහයා එක පාප ග්‍රහයෙක් සමග සංයෝගවී හෝ අශුභ දෘෂ්ටි වී සිටිය දී ඔහු වෙනත් පාප ග්‍රහයකුට සංයෝග වී හෝ අශුභ දෘෂ්ටි වී හෝ සඳු හෝ රවි පමණක් පාප ග්‍රහයන් කීප දෙනෙකුට සංයෝගවී හෝ අශුභ දෘෂ්ටි වී ගුරු සිකුරු දෙදෙනාම සංයෝග හෝ ශුභ දෘෂ්ටි නොලැබුයේ නම් හදිසි අනතුරක් හේතුවෙන් මිය යනු ඇත.  


මේෂ වෘෂ්චික මකර යන රාශිවල සිටි රවි සඳු දෙදෙනා හෝ පාප ග්‍රහයන් හෝ අශුභ දෘෂ්ටි ආදියෙන් දුර්වල වීනම් භයානක අනතුරකින් මරනයට පත්වේ.  


පාප ග්‍රහයකු ලග්නයෙහි හෝ අටවැන්නේ හො හයවන භාව ප්‍රභවයෙහිම හෝ සිට රවි සඳු දෙදෙනාට අශුභ දෘෂ්ටි සංයෝග ඇති වී නම් භයානක මරණයක් සිදුවේ.  


මිථුන කන්‍ය කුම්භ ධනු පුර්වාර්ධය සහ මනුෂ්‍ය රාශිවල ග්‍රහයන් දුර්වල වීම නිසා මනුෂ්‍ය උපක්‍රමයක් හේතුකොටගෙන මරනය සිදුවේ.  


නැප්චූන් වෘෂ්චික මකර යන රාශීවල දුර්වලවීනම් සතුරන්ගේ දෝහි ක්‍රියාවකින් හෝ දියේ ගිලීමෙන් හෝ අස්භාවික විකාර දෝසයකින් හෝ සිහි මුර්ජාවීමෙන් හෝ මරනය සිදුවේ.  


කේන්ද්‍රයක මෙවැනි ග්‍රහපිහිටීම් ග්‍රහ දෘෂ්ටි තිබු පමණින්ම සෑම කෙනෙකුටම අනතුරු බලවත් විපත් සහ මරණය ඇතිවන්නේ නැත.  


කෙසේ වෙතත් මේ ආකාරයට දක්වා ඇති හදිසි අනතුරු ඔබටත් කල් ඇතිව දැන ගතහොත් වාසනාවන්ත ජීවිතයක් ගෙනයාමට හැකිවේ.  

 

 

 


ජ්‍යොතිර්වේදී 
නිශාන්ත විජේසේන, 
0770472649 0332241947