උපතේ ග්‍රහ පිහිටීම අනුව ධනවතකු ​ෙවනු ඇත


ඕනෑම කෙනෙකුට ධන කුවේරයෙකු විය නොහැක. ඒ සඳහා උපතේ සුබ පහිටීම මෙන්ම උත්සාහයද තිබිය යුතුය. රජ පවුලක උපතත් රජකම ලැබේවි යැයි නිකන් බලා නොසිටිය යුතුය. ඒ බව බුදු දහමේ අංගුත්තර නිකායේද සඳහන් වේ. “කිං කරිස්සති තාරකා’’ ග්‍රහචාරවලට පමණක් යමක් කළ නොහැක. ඒ සඳහා ආයාසද ගත යුතුය. 

උපතේ විවිධ ග්‍රහ බල දැක්වුව මුත් ඉන් පලක් නොමැති බව පෙන්වන අවස්ථාද වේ. එසේ වන්නේ එකී ග්‍රහයා යමෙක් උපදින අවස්ථාවේ. ඝොර භෂ්ම වැනි අශුභ ශෂ්ඨ්‍යාංශකය වූ විටෙක බව ජ්‍යොතිෂය පෙන්වා දෙයි. 
සඳුගේ පිහිටීම අනුව යෙදෙන ධන යෝගයක් ගැන ශ්‍රී කාලිදාසයෝ දක්වා ඇත. රවි, සඳු ආදී ග්‍රහයින් පස්දෙනාට පිළිවෙළින් තිහ දාසය හය අට දහය දොළහ හා එක යන අාකාරයෙන් රශ්මි කලා දැක්වේ. 


ලග්නයෙන් හා චන්ද්‍රයාගෙන් නමවෙනි රාශියට අධිපති ග්‍රහයින්ගේ රශ්මි කලා දෙක එනතු කර දොළහෙන් බෙදූ විට ලබන ශේෂය චන්ද්‍රයාගේ පටන් ගෙන ගැනගත් රාශිය දක්වයි. එම රාශියෙහි පාපයන්ගෙන් තොරව ගුරු, සිකුරු සඳු වැනි සෞම්‍ය ග්‍රහයෙක් වෙත් නම් ඔහු කෝටිපතියෙක්, සිටුවරයෙක් හෝ වෙනත් ධන කුවේරයෙක් වන බව දැක්වේ. 


ශනි, කුජ, වැනි පාප ග්‍රහයෙක් වෙත් නම් එම ග්‍රහයා උච්චව සිටී නම් ඔහුට ද කෝටිපතියෙක් වීමට හැකිය. 


මේ අතර දෙක නමය හා එ​ෙකාළහ යන ස්ථාන අධිපතීන් එම තැන්වලම නම් ඔහුද ඒකාන්තයෙන් ධනවතකු වනු ඇත. 

 

 

 


සම්භාව්‍ය පොතපත ඇසුරෙනි 
එම්.බී.ඊ. සුමනරත්න  
‘උදය’ හොරවල, වැලිපැන්න.