ඉසිවර ශාපයෙන් මිය ගිය වානර රජු


භාරත දේව සභාව

දුන්දාබි සිතා සිටියේ තමා ලෝකයේ වෙසෙන ශක්ති සම්පන්නතම පුද්ගලයා ලෙසය. ඒ නිසාම තමන් ශක්තිමත් පුද්ගලයන් වෙත යමින් තමන්ගේ අසීමිත ශක්තිය ප්‍රදර්ශනය කිරීම පිණිස සටන් කරන්නට යෝජනා ගෙනාවේය. එක් දිනක් ඔහු ගියේ සයුරු රජු හමුවන්නටය. ඔහු හමුවට ගිය දුන්දාබි, මට උඹත් එක්ක සටන් කරන්න ඕනෑ යැයි සයුරු රජුට තර්ජනය කළේය.
   
‘‘උඹ දැනගනින් මේ ලෝකෙ ඉන්න ශක්තිසම්පන්නම යක්ෂයා මම බව’’   
සරදම් සිනාවකින් දෙතොල සරසාගත් සයුරු රජු, දුන්දාබි දෙස මොහොතක් බලා සිටියේය. දුන්දාබි යනු තම පුරාජේරුව කීමට කැමති මෝඩයකු බව තේරුම් ගත් සයුරු රජු ඔහු වෙත ගියේය.   
‘‘ඔබත් එක්ක සටන් කරන්න සුදුසු මම නෙවෙයි, කඳු රජ්ජුරුවොයි. ඒ නිසා ගිහින් හිමාවන් හමුවෙන්න. ඔහු තමයි ඔබ සමඟ සටන් කරන්න සුදුසුම කෙනා’’   
සයුරු රජු පැවසුවේය.   
‘‘හිමාවන්?’’   
දුන්දාබි ඇසුවේ ගැඹුරු හඬකිනි.   
සයුරු රජු දෙස කෝපයෙන් බැලූ දුන්දාබි මොහොතක් වත් පමා නොවී හිමාවන් කඳු රජ්ජුරුවන් හමුවන්නට ගියේය.   
හිමාවන්ගේ මැදුරේ දොර ළඟ නතර වූ දුන්දාබි දෙතුන් වරක් දොරට තට්ටු කළේය. ඔහුගේ අතට මොනතරම් බලයක් වීද යත් තට්ටු කළ විගසම දොර තල්ලු වී ගියේය.   
“හිමාවන්, මම ආවෙ උඹ එක්ක සටන් කරන්න. එළියට වරෙන්.”   
දුන්දාබි වෙත පැමිණි හිමාවන් මොහොතක් සෘජුව ඔහු දෙස බලා සිටියේය.   
‘‘ඔබට අවශ්‍ය සටන් කිරීමටද?’’   
හිමාවන් ඇසුවේ සංසුන්වය   
‘ඔව් මං වරක් කිව්වෙ, ඇහුණෙ නැද්ද?’’   
හිමාවන් යළි සිනා නැගුවේය   
කරුණාකර කිසිකන්දා නුවරට යන්න එහි ඉන්නවා ඉන්ද්‍රගෙ පුතා. ඔහුගෙ නම වාලි. ඔහු අනිවාර්යයෙන්ම ඔබ සමග සටනට ඒවි.   
හිමාවන් දෙස කෝපයෙන් බැලූ දුන්දාබි තම අපේක්ෂාවන් බිඳී යෑම ගැන කනගාටුවෙන් සිටියේය. මොහොතක් වත් පමා නොවූ ඔහු වාලි හමුවන්නට කිසිකන්දා නුවරට ගියේය.   
වානරයන්ගේ රජු වන වාලිගේ මැදුර වෙත ගිය දුන්දාබි මැදුරේ දොර වේගයෙන් තල්ලු කළේය.   
ඒ මොහොතේ තම බිරින්දෑවරු තුරුලු කරගෙන නින්දේ පසු වූ වාලි රජු එක්වරම ඇසුණු හඬින් අවදිවිය.   
නැගුණු හඬ කුමක්දැයි බලන්නට කාමරයෙන් එළියට පැමිණි වාලි රජු දුටුවේ දුන්දාබි යක්ෂයා තම මැදුරේ සිටින හැටිය.   
‘‘උඹද වාලි කියන්නෙ?’’   
දුන්දාබි ඇසුවේය   
තම නිවෙසට පැමිණ, අනවසරයෙන් නිවසට ඇතුළු වී තර්ජනාත්මක ස්වරයෙන් කතා කරන යක්ෂයා ගැන වාලි රජුට ඇති වූයේ කෝපයකි.   
‘‘ඔව් මම තමයි ඇයි? මොකක්ද උඹට තියෙන ප්‍රශ්නෙ?’’   
වාලි රජුද දුන්දාබිට නොදෙවෙනි හඬකින් ඇසුවේය.   
ඒ මොහොතෙහිම නින්දෙන් පිබිදුණු වාලි රජුගේ බිසෝවරු පැමිණ වාලි වට කරගත්හ.   
‘‘වරෙන් ගහගන්න’’   
දුන්දාබි පැවසුවේය   
වාලි රජුගේ බිසෝවරුන්ගේ මුව විවර වූයේ අව්‍යක්ත හඬක් ද සමගය.   
‘‘මම ආවෙ උඹත් එක්ක ගහගන්න’’   
දුන්දාබි යළිත් කීවේය. ඒත් උඹ ඉන්​ෙන නිදිමතේ. ඔය නිදිමත කාරයෙක් එක්ක මම කොහොමද ගහගන්නෙ. මම එකපාරක් ගහපු හැටියෙ උඹව පරඩැලක් වාගේ විසිවෙයි’’   
‘‘උඹ මට විහිළු කරනවද?’’   
වාලි රජු විමසුවේය ‘‘උඹ හිතන්නෙ මට උඹත් එක්ක ගහගන්න අවදියෙන්ම ඉන්න ඕනෑ කියලද?”  
වාලි රජු සිය ගෙලබැඳි රන්වන් තැල්ල අතගාමින් කීවේය.   
සිය පියාණන් වූ ඉන්ද්‍ර විසින් තිලිණ කරන ලද මේ රන් තැල්ල අනෙකුත් තැලිවලට වඩා සුවිශේෂි එකකි. තමා සමග සටනට සැරසෙන ඕනෑම අයෙකුට මේ රන් තැල්ලේ දිස්නය වැදෙන්නට සැලස්වූ විගසම සතුරාගේ ශක්තියෙන් අඩක් සිඳී යන නිසාය.   
වාලි රජුගේ ගෙල බැඳි තැල්ලේ ආලෝකය දුන්දාබි ගේ මුහුණට පතිත වූවා පමණි. මෙතෙක් වේලා ඔහුට දැනුණු සටන් පිපාසය එක්වරම සංසිඳිනි.   
තවත් වචනයක් වත් කතා නොකළ වාලි, දුන්දාබි ගේ අතින් අල්ලා තමන් වෙත ඇද ගත්තේය. ඉනික්බිති අත මිට මොලවා ළය හරහා පහරක් එල්ල කළේය. දුන්දාබි පරඬලක් සේ පසෙකට විසිවී ගියේ ඔහුවද පුදුමයට පත් කරමිනි. බිම ඇද වැටුණු දුන්දාබිට නැගිට ගැනීමට තරම්වත් ශක්තියක් නොවීය.   
‘මගෙ ශක්තියට මොකද වුණේ?’’   
දුන්දාබි, රිදුම් දෙන සිරුරින් යුතුව කෙඳිරිලි හඬ නැගුවේය.   
හොඳටම කෝප වී සිටි වාලි, දුන්දාබි වෙත ගොස් ඔහුගේ ගෙල සිර කර ගත්තේය.   
මෙහොතකට පසු ඔහු මියගියේය. බිම ඇද වැටුණු දුන්ද්‍රබිගේ සිරුරට පා පහරක් ද ගැසූ වාලි එතැනින් නික්මුණේය.   
‘‘මෝඩයා’’   
ඔහු තමන්ටම කියාගත්තේය. ඔහුගේ බිසෝවරු බිය වූ නෙත්වලින් බලා සිටියහ.   

වාලි හිතුවේ පහර දෙක තුනකින් මායාවී මෙල්ල කිරීමටය. එහෙත් එය ලෙහෙසි පහසු සටනක් වූයේ නැත. වාලි සහ මායාවී දවසක් දෙකක් නොව දවස් විසි අටක්ම ගහමරා ගත්හ.   
අන්තිමේ දී ගුහාවෙන් රුධිර ගංගාවක් ගලාගෙන ගියේය. සුග්‍රීව ඒ ලේ ගංගාව දැක භීතියට පත්විය. ලේ ගලන්නේ කාගේ සිරුරින්ද යන්න ඔහු නොදත් නිසාය. වැසුණු දොරෙන් හිස පෙවූ සුග්‍රීව ගුහාව දෙස බැලුවේය. වාලි රජුගේ සිරුර බිම වැටී තිබූ අතර මායාවී යක්ෂයා හති අරිමින් සිටියේය.   

 


දුන්දාබි ගේ මළ සිරුර එලෙසම තිබෙද්දී ආපසු තම මැදුරට ගිය වාලි හමුවට ඉසිවර මාතන්ග් පැමිණියේ ඇසිල්ලකිනි. ඉසිවරයා සිටියේ කෝපයට පත්වය. ඔහුගේ ​ෙරෟද්‍ර මුහුණ වාලි භීතියට පත්කරන සුලු විය.   
‘උඹ දුන්දාබි ගේ මළ සිරුර දාලා ආවෙ මගෙ ආශ්‍රමයෙ. ඒකෙන් මගෙ භාවනාවට ලොකු බාධාවක් වුණේ. මම උඹට වගේම කැලේ ඉන්න අනිත් හැම වානරයටමත් ශාප කරනවා’   
ඉසිවරයා කෝපයෙන් ගිගුරුවේය.   
“මතක තියාගනින් වැඩිකල් යන්න කලින් උඹේ ඔද බිඳෙනවා. ඊට පස්සෙ උඹව මැරිල යනවා’’   
ඉසිවරයාගේ ගෝරනාඩුව වනය තුළ සිටි සියලුම වානරයන්ට හොඳින්ම ඇසුණි. ඉන් කලබල වූ වානරයෝ පැමිණ වාලි රජු වට කරගත්හ.   
‘‘රජතුමනි කරුණාකර ගිහින් ඉසිවරයාගෙන් සමාව අයැද සිටින්න. මේ ශාපය ඉවත් කරගන්න’’   
කොහොමටත් බය භීරාන්තව සිටි වාලි රජු වහාම ඉසිවරයාගේ දෙපා නැමදුවේය.   
“මට සමාවෙන්න. මම ඉක්මනින්ම යක්ෂයාගේ මළ සිරුර එතැනින් ඉවත් කරන්නම්. ඇත්තටම මා දැන සිටියේ නැහැ දුන්දාබිගේ මළ සිරුර හැර දැමුවේ ඔබතුමාගේ ආශ්‍රම භූමියේ බව. ඔබේ භාවනාවට වූ බාධාව ගැන සමාවෙන්න. අර ශාපය ඉවත් කර ගන්න.   
වාලි රජු සමඟ වනයේ සිටි සිය ගණන් වානරයන්ද පැමිණ ඉසිවරයාගේ දෙපා වැන්දාහ.   
වාලි රජු බරපතළ වරදක් නොකළ බව ඉසිවරයා වටහා ගත්තේය. ඔහු වාලි රජු දෙස එවර බැලුවේ සන්සුන්වය.   
‘‘වාලි ඔබ දන්නවද ඉසිවරුන්ගේ වචනවල විශාල බලයක් තිබෙන බව’’   
ඉසිවරයා ඇසුවේය.   
‘එහෙමයි’’   
වාලි කීවේය.   
“දැන් මා ඔබට ශාප කර අවසන් දැන් කෙසේවත් මට ඒ ශාපය ඉවත් කිරීමට නොහැකියි’’   
‘ඉසිවරයාණනි එසේ කරන්න එපා’’   
සියලු වානරයෝ ඉල්ලා සිටියහ.   
‘‘එහෙත් මට දැන් කළ හැක්කක් නැහැ. මා කළ ශාපය ඉවත් කර ගැනීමට මටද නොහැකියි වාලි’’   
ඉසිවරයා ඉවත ගියේය.   
ඊට දින ගණනාවකට පසු වාලි හමුවට ආවේ යක්ෂයෙකි.   
ඔහු මායාවි නම් විය.   
‘‘වාලි වරෙන් මගෙත් එක්ක ගහගෙන බලන්න. උඹ දුන්දාබි මගේ යාළුවා, මරදැමුව විදිහට නුඹට මාව මරාදාන්න බැහැ’’   
මායාවි යක්ෂයා ගිගුරුවේය   
ඒ වන විට වාලි රජු සිටියේ ඔහුගේ රාජ සභාවේය. මැති ඇමතිවරුන් ඉදිරියේදී යක්ෂයා කළ අභියෝගය හමුවේ වාලි රජු පත්වූයේ බලවත් අපහසුතාවකටය. සැබැවින්ම ඔහුට දැනුණේ ලැජ්ජාවකි.   
තම අසුනින් නැගිටගත් වාලි යක්ෂයා හමුවට ගියේය. දුන්දාබි යක්ෂයාට පහර දුන් විදිහටම මේ මායාවි යක්ෂයාටත් පහරදී මෙල්ල කළ හැකි බව ඔහු විශ්වාස කළේය.   
‘හරි වරෙන්’’   
‘‘ඔව් වරෙන් මගෙ පස්සෙන්’’   
මායාවී ගොස් ඔහුගේ ගුහාවට ඇතුළු විය.   
කේන්තියෙන් සිටි වාලි තම සොයුරා වන සුග්‍රීවට කතා කළේය.   
‘‘මම මූට දෙකක් ඇනලා එනතුරු මෙතන මුරකරන්න’’   
වාලි කීවේය.   
අනතුරුව මායාවී යක්ෂයා රිංගාගත් ගුහාව තුළට වාලි ඇතුළු වූවේය.   
“මේ සටනින් මට ජයගැනීමට නොහැකි වුවහොත් ඔබ කිසිකන්දා නුවරට ගොස් රාජ්‍යය බාර ගත යුතුයි.’’   
වාලි රජු කෑගසා කීවේ සූග්‍රීවටය.   
කෙසේ වෙතත් වාලි හිතුවේ පහර දෙක තුනකින් මායාවී මෙල්ල කිරීමටය. එහෙත් එය ලෙහෙසි පහසු සටනක් වූයේ නැත. වාලි සහ මායාවී දවසක් දෙකක් නොව දවස් විසි අටක්ම ගහබැණ ගත්හ.   
අන්තිමේ දී ගුහාවෙන් රුධිර ගංගාවක් ගලාගෙන ගියේය. සුග්‍රීව ඒ ලේ ගංගාව දැක භීතියට පත්විය. ලේ ගලන්නේ කාගේ සිරුරින්ද යන්න ඔහු නොදත් නිසාය. වැසුණු දොරෙන් හිස පෙවූ සුග්‍රීව ගුහාව දෙස බැලුවේය. වාලි රජුගේ සිරුර බිම වැටී තිබූ අතර මායාවී යක්ෂයා හති අරිමින් සිටියේය.   
‘වාලි මැරිලා’’   
සුග්‍රීව තමන්ටම කියාගත්තේ ශෝකයෙනි.   
එබැවින් වාලි රජු කලින් පැවසූ පරිද්දෙන්ම ගුහා කට වසා දැමූ සුග්‍රීව වහාම කිසිකන්දා නුවර බලා ගියේය.   
නගර වැසියන් කැඳ වූ ඔහු සිදු වූ බිහිසුණු සිද්ධිය දැනුම් දුන්නේය.   
“වාලි රජු සතු කිරුළ ඔහු මා වෙත ප්‍රදානය කළා එබැවින් අද පටන් මමයි කිසිකන්දයේ රජු’’   
එසේ කී සුග්‍රීව ඊළඟට වාලි රජුගේ අග බිසව වූ තාරාව ද සරණ බැඳ ගත්තේය.   

 

 


කතාවේ ඉතිරිය ලබන සතියට...   

 

 


ශාන්ත කුමාර විතාන