ඉන්දියාවේ සරාගිනිය රාඛි සාවන්ත්


රූපෙන් මත්​ෙවලා නටන නාඩගං

‘මම නිරුවතට බයත් නැහැ. නිරුවත ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. කැමරාව ඉස්සරහ ඇඳුම් නැතුව වුණත් මම රඟපාන්න සූදානම් ... මගේ සිරුරෙන් තවත් කෙනෙක් පිනවන්න පුළුවන් නම් මම ඒකටත් පසුබටවන්නේ නැහැ......’   

මේ ආන්දෝලනාත්මක කතාව වෙන කාගෙවත් නෙමේ. අපේ අල්ලපු රටේ සරාගී ලේබලයක් වැදුණ බොලිවුඩ් තාරකාවක් වන රාඛී සාවන්ත් ගේ හඬයි.   


ඇය බොලිවුඩයේ සරාගි චිත්‍රපටවල රඟන නිළියන් අතර නිතර දැකිය හැකි තරුවක්. ඉන්දියාවේ සරාගී චිත්‍රපට සඳහා මේ සරාගී ලේබලය පවතින නිළියන් අතර ඇත්තේ තරගයක්.   
එහෙම ඉදිරියෙන් ඉන්න නිළියක් තමයි මේ රාඛි සාවන්ත් කියන්නෙත්. 1978 නොවැම්බර් මස 25 වන දින ඉන්දියාවේ නේරූ බීඩා පළාතේ උපත ලැබූ ඇය මේ වන විට හින්දි, කන්නඩ, මරාති, ඕඩියා, තෙළිගු, දෙමළ යන භාෂාවලින් නිපදවෙන සරාගී චිත්‍රපටවලට නැතිවම බැරි ‘අයිටම් ගර්ල්’ කෙනෙක්. දිනෙන් දිනම අමුතු කතා කියන රාඛි මේ වනවිට 43 හැවිරිදි වියේ පසුවන්නීය. හැබැයි හැබැහින් හරි සරාගී චිත්‍රපට රාමුවකින් දකින කෙනෙකුට නම් ඇය තාම දාසය හැවිරිදි කෙල්ලක් වගේය.   


1997 වසරේ දී රාඛී බොලිවුඩ්වලට පිවිසෙන්නේ ‘අග්නිචක්‍ර’ නමැති චිත්‍රපටයක සුළු චරිතයකිනි. එකල ඇයගේ නම සඳහන් වනුයේ රූහි සාවන්ත් නමිනි. ඉන්පසුව සුළු රංගනයන් හා චිත්‍රපට නර්තනාංගවලට ඇය නැතිවම බැරි අයෙක් වූවාය. ජෝරු කා ගුලාම්, ජිස් දේශ් මේ ගංගා රෙහෙතා හේ, යේ රාස්තේ හේ ප්යාර් කී යන චිත්‍රපටවලට ඇය ඉදිරිපත් කළ නර්තනාංගවලින් ඇය බොලිවුඩයට නැතිවම බැරි අයිටම් ගර්ල් කෙනෙක් විණි.   


රාඛි සාවන්ත් යනු ඉන්දියානු නර්තන ශිල්පිනියක්, නිරූපිකාවක්, හින්දි චිත්‍රපට හා රූපවාහිනී නිළියක් වන සිටියදී ඇය 2006 දී මතභේදාත්මක ඉන්දියානු රියැලිටි රූපවාහිනී කතා මාලාවක් වන බිග් බොස් වැඩසටහනට කිහිපවරක්ම සහභාගී වූයේය.   


ඇය 2014 වසරේදී ලෝක් සභා මැතිවරණයට තරග කිරීම සඳහා ජායි ෂාගේ නායකත්වයෙන් යුත් රාෂ්ට්‍රියා ආම් පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් දියත් කළේය. කෙසේ වෙතත්, මැතිවරණයෙන් පසු ඇය ඉන්දියානු රිපබ්ලිකන් පක්ෂයට (ඒ) සම්බන්ධ වූවාය.   


මස්ති, මේන් හූන් නා ඇතුළු චිත්‍රපටවල සාවන්ත් කුඩා චරිත නිරූපණය කළද ඒ වනවිට ඇයගේ සරාගී රූ සපුව හමුවේ හැම දෙනාගේම අවධානයට ලක් චරිතයක් වූවාය.   
බොලිවුඩය තුළ ඇයගේ නම වඩාත් කතාබහට ලක් වන්නට වූයේ 2006 ජුනි මාසයේදීය. ඒ බොලිවුඩයේ ජනප්‍රිය ගායක මිකා සිං, ඔහුගේ උපන්දින සාදයේදී ඇයව සිප ගැනීමට උත්සාහ කළ අතර එය මාධ්‍ය ආන්දෝලනයක් ඇති කළේය. 

 
වරින් වර අපූරු කතා මවනා රාඛි 2009 වසරේදී ‘රාඛි කා ස්වම්වර්’ නම් රියැලිටි වැඩසටහන දියත් කළ අතර, ඇය පුරාණ හින්දු චාරිත්‍රය අනුව තම අනාගත සැමියා තෝරා ගැනීමට සැලසුම් කළාය. එතැනින් ඇය තරගකරුවෙකුවූ කැනඩාවේ ටොරොන්ටෝහි එලේෂ් පරුජන් නමැති තම ජීවිත සහකරු තෝරා ගත්තාය. කෙසේ වෙතත්, මාස කිහිපයකට පසු, රාඛි නිවේදනය කළේ සමථයකට පත් කළ නොහැකි වෙනස්කම් හේතුවෙන් මෙම යුවළ වෙන් වූ බවය.   


සාරාගීබව, දක්ෂ නර්තන ශිල්පිනියක වීම නිසාම බොහෝ විට රියැලිටි ෂෝවල ​​ඉදිරිපත් කරන්නියක, විනිශ්චයකාරියක හා සහභාගිවන්නෙකු ලෙස පෙනී සිටීමට රාඛි ඇරයුම් ලැබුවාය.   
රාඛි නිතරම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ආන්දෝලනයකට ලක්වන   


රියැලිටි රූපවාහිනී පෞරුෂයකි. නැගී එන නිරූපන ශිල්පියෙකු වූ දීපක් කලල් සමඟ 2018 දෙසැම්බර් 31 වන දින විවාහ වන බව සාවන්ත් එම වසරේ නොවැම්බර් මාසයේදී නිවේදනය කළද එම වසරේම දෙසැම්බරයේ රාඛි සාවන්ත් මාධ්‍යයට පැවසුවේ ඔහු   


වෙනත් ගැහැනු ළමයෙකු සමඟ විවාහ ගිවිසගෙන සිටින නිසා දීපක් කලල් සමඟ ඇයගේ විවාහය අවලංගු කළ බවය. නැවතත් ඇය 2019 මැද භාගයේදී සවාන්ත් රිටේෂ් නමැත්තා සමග විවාහ ගිවිස ගත්තේය.   


මීට අවුරුදු කිහිපයකට කලින් ඔඩිෂන් එකකට ආපු එක්තරා තරුණියක් පැනල් එක ඉස්සරහ තමන් ඇඳගෙන හිටපු ඇඳුම් එකිනෙක උනා දමන්නේ පැනල් එකේ හිටපු පිරිස පුදුම කරවමිනි. බිකිනියකින් විතරක් සැරසී සරාගී ගමනින් අධ්‍යක්ෂකවරයා ඉදිරියට පැමිණි මේ තරුණිය කැමරාව ඉදිරියේ ඕනෑම රංගනයක් කිරීමට තමන් සූදානම් බව පවසන්නේ දෙපාරක් හිතන්නේ නැතිවයි. ඒක් කිලාඩි ඒක් හසීනා චිත්‍රපටයේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ආපු මේ තරුණිය වෙන කවුරුත් නෙවෙයි බොලිවුඩයේ ආන්දෝලනාත්මක පුවත් මවන රාඛි සාවන්ත්. සුන්දර රූ සපුවත් ආවේගාත්මක හැසිරීමත් රාඛිව වෙනස්ම විදිහකට ප්‍රේක්ෂකයන් අතරට අරගෙන ගිහින් තියෙන්නේ.   

 


ඇය ප්‍රකට ඉන්දීය සගරාවක් වූ ‘ස්ටාර් ඩස්ට්’ වෙත සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඇයගේ ඇවතුම් පැවතුම්, අධ්‍යක්ෂවරුන් සහ නළුවන් සමග ඇති කර ගන්නා ගැටුම් සහ ඇයට වඩා ඉන්දීය ප්‍රේක්ෂක අවධානයක් දින සිටින සනී ලියෝන් ගැන මෙසේ කියා සිටියාය. 

 
‘මම සද්දනැතිව වැඩ පෙන්වන කාලයක්. පෞද්ගලික ජීවිතයට වඩා වෘත්තීය ජීවිතය ගැන තමයි මම මේ දවස්වල හිතන්නේ. මම වෙනස්ම තේමාවක් සහිත අලු‍ත් චිත්‍රපටයක වැඩ භාරගත්තා. ඒ වගේම ඇඟ අඩුකරගන්න එක ගැන මේ දවස්වල හිතනවා   


මමනම් කවදාවත් ප්‍රමුඛ පෙළේද? දෙවන පෙළේද? කියලා චිත්‍රපටි කරන්නේ නැහැ. මට යමක් කරන්න පුළුවන්, මගේ ගාන ගෙවන්න ඕන. චිත්‍රපටයක් භාරගන්නවා. සමහර විට ඔබට මගේ හොඳ චිත්‍රපට මගඇරිලා ඇති. කවුරුහරි අපිව අයිටම් සෝන්ග් එකකට ගන්නේ අපි ජනප්‍රිය නිසා. ඒක නිසා චිත්‍රපටයට වෙනස්ම නිළියක් ලැබෙනවා. ඇත්තටම අපේ ඉදිරි ගමනටත් මේක ලොකු වාසියක්. මම වැඩිපුරම ඉන්න කැමතිත් ඒ වගේ දර්ශන වලට තමයි.   


නිරුවත නැතිනම් අද රාඛි කෙනෙක් මෙතන නැතිවෙන්න ඉඩ තිබුණා. මම නිරුවතට බයත් නැහැ. නිරුවත ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. කැමරාව ඉස්සරහ ඇඳුම් නැතුව වුණත් මම රඟපාන්න සූදානම්. ඒකයි රාඛිගෙයි අනිත් නිළියන්ගෙයි තියෙන වෙනස.   


මම ක්ෂේත්‍රෙයේ ගැටුම් ඇතිකරගන්නේ නිකම් නෙමෙයි හේතුවක් ඇතිව. බොරු කියන අය මට පේන්න බැහැ. මාධ්‍ය ඉදිරියේ මාව විවේචනය කරන අය කැමරාවෙන් පිටුපස කාටත් හොරා ඇඳුම් ගලවනවා කියන එක මම හොඳට දන්නවා. ඒ නිසා මට ඔය කිසිකෙනෙක් අදාළ නැහැ.   


සනී ලියෝන් එක්ක මගේ ගැටුම ඒක කවදාවත් ඉවරවෙන එකක් නෙමෙයි. මට ඔය ගෑනිව පේන්න බැහැ. එයා කවුද කියන්න මේ මුළු ලෝකෙම දන්නවා. එහෙම කෙනෙක් බොලිවුඩ්වලට වද්දගැනීමත් පිස්සුවක්. මේක තමයි අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම. ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙනවනේ. කවුරු කොහොම කිවුවත් මම දන්නවා සනීට වඩා මම ජනප්‍රියයි. ආයේ කතා දෙකක් නැහැ. ඒක ස්ථීරයි   


කවුරුහරි මගෙත් එක්ක රඟපාන්න බැහැ කියනවනම් ඒක එයාලගේ අදක්ෂකම. සමහර විට රාඛී එක්ක රඟපාන එක එයාලට අභියෝගයක් වෙන්න ඇති. මම නිතරම ඇත්ත කතාකරන කෙනෙක්. අසාධාරණය මට පෙන්නන්න බැහැ. ඔය කියන අධ්‍යක්ෂකවරයා මගේ ළඟම මිතුරියකට අනවශ්‍ය යෝජනාවක් කරලා. එයාට මම සැලකුවා හොඳ වැඩියි. තවත් කට ගහගෙන ආවනම් මම දෙන්නේ සෙරෙප්පුවෙන්.   


අසභ්‍ය වීඩියෝ පටවල රඟපාන නිළියක්ද යන්න ගැන එම සම්මුඛ සාකච්ඡාවේදී ඇයගෙන් ඇසූ විට ඇය ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.   


“ඔව් මම ඒ ගැන කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. හැබැයි මම ඒ දේවල් කරන්නේ කාටවත් හිරිහැරයක් වෙන විදිහට නෙමෙයි. මගේ සිරුරෙන් තවත් කෙනෙක් පිනවන්න පුළුවන්නම් ඒකට මම පසුබට වෙන්නේ නැහැ. කවුරුත් එහෙම කියන්නේ නැහැ. මොකද රාඛි ඉස්සරහ එයාට විරුද්ධවෙන්න කාටවත් පුළුවන්කමක් නැහැ. රාඛි විවේචනය කරන්න පුළුවන් එයාටම විතරයි. වෙන කාටවත් ඒ තරම් හයියක් නැහැ කියලා මම හොඳට දන්නවා. 

 

 

සටහන   
තිළිණි ද සිල්වා