පසුගිය සුනාමි ව්‍යසනයේදී ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ රටකි ඉන්දුනිසියාව. සුනාමි වැනි හදිසි අාපදාවලට පමණක් නොව වරින්වර නියතයෙන්ම ගිනිකඳු පුපුරා යාමෙන් විනාශවලට ගොදුරු වන ඉන්දුනිසියාව දූපත් 2000කින් පමණ සෑදුණු රටකි. ඉනුත් ප්‍රධාන දූපත් වශයෙන් ජාවා, සුමාත්‍ර, බාලි ආදිය සැලකිය හැකිය.
ඉන්දුනිසියාවේ ආදි යුගයේ භාරතීය හින්දු ආගම පැතිර තිබුණාක් ෙමන්ම මේ වන විටත් එදා හින්දු සංස්කෘතියෙන් බිහිවුණ කලා ශිල්ප එරට දක්නට ලැබේ. විශේෂයෙන්ම රාමායනය, මහාභාරතය වැනි ග්‍රන්ථවල සඳහන් කරුණු අනුව බිහිවුණු සංස්කෘතියක් එහි විය. ඒ නිසාය අදත් එ් අනුව නිර්මාණය වුණ කලා ශිල්ප එරට දක්නට ලැෙබනුයේ. එමෙන්ම රංගන ක්ෂේත්‍රයේ පවා එම මහා කාව්‍ය තවමත් ඉතා අගය කෙරෙන බව දැකගත හැකිය. මේ තුළින් පැහැදිලි වනුයේ පැරණි යුගයේ ඉන්දුනීසියාවත්, භාරතයත් අතර පැවති සම්බන්ධතාවයි. එපමණක් නොව මේ වන විටත් බාලි දූපතේ ඒ හින්දු සංස්කෘතිය නොනැසී පවතී. මෙම දේශය දෙවියන්ගේ දූපත නමින්ද හඳුන්වනුයේ හින්දු ආගම මුල්කොටගෙනය.
බාලි දූපතේ වැදගත් ස්ථානවල හින්දු ආගමික ගොඩනැගිලි ඇති අතර සෑම නිවසකම ඉදිරිපිට හින්දු ආගමික දේව රූප වෙයි. තාමන් අයෝන් (Taman Ayun) නමින් හැඳින්වෙන කෝවිල මෙහි ඓතිහාසික පුද බිමකි. එහි බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර වැනි දෙවියන් පිදෙන අතර උදක ශුද්ධිය වැනි ඇදහීම් සිදු කෙරේ. තානාලොත් (Thanalot) තවත් එවැනිම දේවාලයකි. එයද උදක ශුද්ධිය පිළිබඳ සංකල්පය ඇති ස්ථානයකි. මෙම දෙවොල මුහුද ගොඩකර සාදා ඇතැයිද පැවසෙන අතර එහි ඇති ජලාශයට ඇතුළතින් ඉබේටම ජලය ගලා එයි. එහෙත් එම ජලයෙහි ලුණු රසක් නැත. මේ සම්බන්ධව ද ආගමික දේව සංකල්ප වෙයි. ඉන්දුනීසියාවේ සෙසු දූපත්වලට වඩා හින්දු ආගම ස්ථාපිතව ඇත්තේ බාලි දූපතේය. රාමායනය පිළිබඳ දැඩි විශ්‍වාසයක් ඇතිවා පමණක් නොව එම සංකල්පයන් ජන ජිවිතයට ද සම්බන්ධව පවතී. රාම සීතා කතාව පිළිබඳ විවිධ ගල් කැටයම් පවා ඒ ඒ තැන ප්‍රදර්ශනය වෙයි. හින්දු පමණක් නොව බෞද්ධ ප්‍රතිමා ද මෙම ප්‍රදේශයේ දක්නට ලැබේ. ඉන්දුනීසියාවේ හින්දු බෞද්ධ ආගම් අභිබවා මේ වන විට මුස්ලිම් ආගම පැතිර ඇතත් බාලි දූපතේ තාමත් හින්දු ආගම ප්‍රධාන වෙයි. එහෙත් බටහිර සංස්කෘතින්ටද ගරු කිරීමක් මෙහි වෙයි.
එමෙන්ම එරට දිගම පාලම ඇත්තේ ද බාලි දූපතේය. කිලෝ මීටර් 12 පමණ වන එය මුහුද මැද සාදා ඇත. තවත් අපූරු දැක්මක් නම් ඩෙන්පසාර් වරායත් ගුවන් තොටුපලත් අත ළඟ පිහිටීමයි. කෙනෙකු මේ පැත්තෙන් නැව් නගින විට තව කෙනෙක් එහා පැත්තෙන් ගුවනින් යති. මෙය සුන්දර දර්ශනයකි. එමෙන්ම බාලි දුපතේ ගංගා ද ගමනාගමනය සඳහා යොදාගෙන ඇත.
ඉන්දුනිසියාවට විශේෂත්වයක් වන ලස්සන ඇඳුම් ඇඳීම බාලි දූපතේ තවත් අලංකාරයකි. ලෝක උරුමයක් ලෙස පිළිගෙන ඇති මෙරට බතික් ඇඳුම ඉතාම සිත්ගන්නා සුලුය. කාන්තාවන් පමණක් නොව පුරුෂ පක්ෂය ද ලස්සන බතික් ඇඳුමට පුරුදුව ඇත. ‘‘කබායා’’ නමින් හැඳින්වෙන විශේෂ බතික් ඇඳුම ලොව ප්‍රකටය. රට වටේම මුහුදක් ඇති සුන්දර වෙරළකින් යුතු බාලි දිවයින හෙවත් දෙවියන්ගේ දේශය විදේශිකයන්ගේ සිත් ඇදගන්නා ආකර්ෂණීය දේශයකි. ආදි යුගයේ ඉන්දියාවේ සිට සංක්‍රමණය වූ ජනතාව මෙරට මුලින්ම පදිංචි ව සිටියද මේ වන විට ඉස්ලාම් සහ විවිධ ජන කොටස් මෙහි වාසය කරති.
ඉන්දුනීසියාව ගැන කතා කරන විට බොරෝබුදුර් බෞද්ධ විහාරස්ථානය පළමුව සිහියට එයි. එය ඇත්තේ ජාවා දූපතේ මධ්‍ය ප්‍රදේශයේය. ලෝක උරුමයක් වශයෙන් පිළිගෙන ඇති මෙය ලොව විශාලතම බෞද්ධ විහාරස්ථානයයි. සියවස් ගණනකට පෙර ඉන්දුනීසියාව බෞද්ධ රටක්ව පැවති නිසා මෙවන් මහා සෑයක් නිර්මාණය වී ඇත්තේ. 8 වන සියවස පෙරය. නිර්මාණය කර ඇති ලෝකප්‍රකට මෙම විහාරස්ථානය පුරා බුද්ධාගම චිත්‍රයට නඟා ඇත. විෙශ්ෂයෙන්ම සිද්ධාර්ථ උපත ආදී බෞද්ධ තොරතුරු ගලින් නිමවා ඇත්තේ සිත්ගන්නා ලෙසටය. මෙහි බුදු පිළිම 500කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඉන් සමහරක් කැඩී බිඳී ඇත. තවත් හිඳි පිළිම 72ක් වටේට වෙයි. ඒ සියල්ලම ඉතාම සූක්ෂම ලෙස ඉදිරියට නෙරා යන ආකාරයට නිමවා ඇත. බෝරෝ බුදුර් යන්නෙහි අර්ථය කන්දෙ විහාරය යන්නයි. ඒ මෙය ස්ථාපිත කර ඇත්තේ කඳු ගැටයක නිසා විය යුතුය. නැතහොත් මෙය කන්දක් තරමට උසට පිහිටුවා ඇති නිසයි. වට රවුම් වේදිකා තුනක් සහ හතරැස් වේදිකා 16ක් මෙහි වෙයි. මෙහි නිර්මාණය කර ඇති බුද්ධ රූප වර්ග 3 කට වෙන් කර තිබේ. මෙය මහායාන ධර්මය අනුව කෙරුණු නිර්මාණයක් ලෙස පිළිගෙන ඇත. මේ සා විශාල නිර්මාණයක් කර ඇත්තේ වැලි ගල් සිමෙන්තිවලින් නොව ගිනිකඳු පුපුරා යාම තුළින් ඉතිරිවන ලාවා තුළින් නිපැයුණු පාෂාණ කොටස්වලිනි. ජාවා දිවයිනේද මුලදී හින්දු, බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන වුවද මේ වන විට මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන අතර ලොව විශාලම සුල්තාන් මාලිගාව ඇත්තේද මෙහිය. විශේෂයෙන්ම 14 වන සියවසෙන් පසු බොරෝ බුදුර් වෙත අවධානය අඩුව බෞද්ධ හින්දු ආගම් දෙකම ගිලිහී යන තත්ත්වයක් උදා විණි. මේ වන විට එරට කතෝලික පල්ලිද සෑදෙමින් ඇත. ඉන්දුනීසියාවේ බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් වුවද තමන් කැමති ආගමක් ඇදහීමට එරට ජනතාවට නිදහස තිබේ. ලොව විශාලත්වයෙන් තෙවන තැන ගන්නා මුස්ලිම් පල්ලිය ඇත්තේ ද අගනුවර වන ජකාර්තා හි ය. මෙසේ ඒ ඒ ආගම්වලට අයත් ගොඩනැගිලි, සිද්ධස්ථාන ඇතත් ආගමික ගැටීම් එරට නැත. එමෙන්ම අඟහිඟකම් ඇති බවක්ද නොපෙනේ. ජාකාර්තා නවීකරණය වී සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයකි. කඩ සාප්පු උස ගොඩනැගිලි මංමාවත් දෙස බලන විට ඒ තත්ත්වය වැටහෙයි. සාප්පු සංකිර්ණයකට යන කෙනෙකුට එරට බතික් මෝස්තර ඇඳුම් ආකාර්ෂණියත්වයෙන් ගැලවිය නොහැක.
ඉන්දුනීසියාවේ විශේෂත්වයක් වන හින්දු ආභාස ඇති නැටුම් ජන සංගීතය විදේශිකයන් තුළ ආකර්ෂණයක් ඇති කෙරේ. ඝර්ම කලාපයට අයත් ඉන්දුනීසියාව කෘෂිකාර්මික රටකි. දුප්පත්කමක් නැති නිසා දෝ යාචකයන් කිසි තැනක දක්නට නොලැබේ. සෑම කෙනෙකුටම කුමන හෝ ජීවන මාර්ගයන් ඇත. උසස් අධ්‍යාපන පීඨ ඇති අතර ඒවායෙහි අධ්‍යාපනය ලැබූවන් එයට අදාළව රැකියාවක නියුතුවීමක් අවශ්‍ය නැත. සරසවි අධ්‍යාපන නිම වූ ෙබාහෝ තරුණ තරුණියන් ඉහළ මට්ටමේ වෘත්තිමය කටයුතුවල (වෙළදාම්) නිරතවන්නේ සිය කැමැත්තෙන්මය. පවත්නා සම්පත්වල උපරිම ප්‍රයෝජන ගැනීමට මෙරට තරුණ පරම්පරාව පවා කැප වී සිටිති. බ්‍රසීලයේ මෙන් ඉන්දුනිසියාවේද සරුවට කෝපි වැවෙයි. ඩෙන්පසාර් ගුවන්තොටට යන මග විශාල ෙකා්පිවතු යායක් පසුකළ යුතුව ඇත. එම කෝපි විවිධ කෑම වර්ග සෑදීමට යොදා ගැනීමද අපූරුවකි. කිංචාමනී නගරයෙහි ඇති කටුගෙය නැරඹීමෙන් ඉන්දුනීසියාවේ ඓතිහාසික තොරතුරු රාශියක් දැනගත හැක. විෙශ්ෂයෙන්ම ගිනිකඳු පිළිබඳව ඇති රූපරාමු තුළින් එහි භයානකත්වය අවබෝධ වෙයි.
සද්ද බද්ද නැති, අවුල් වියවුල් නැති සුන්දර දේශයක් වුවද ඉන්දුනිසියාවේ ගිනිකඳු බහුලය. එමෙන්ම ජල ගැලීම් වැනි තවත් ස්වාභාවික විපත්ද සිදු වෙයි. පසුගිය 2016 වසරේ සිහාබන්ග් (SihaBanag) යමහල් පිපිරීමෙන් සිය ගණනක් ජිවිතක්ෂයට පත් වූ අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇත. මෙම වසරේම විශාල ජල ගැල්මක් නිසා ද සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බව කියැවෙයි. සමහරුන් තම නිවෙස් තුළම ජිවිතක්ෂයට පත් ව ඇත.
මීටර් 1770ක් උස කිංචාමනී ගිනි කන්ද පළමුවරට පුපුරා ගියේ 1926 දී ය. ඉන්පසුද වරින්වර එය පුපුරා ගොස් ඇති අතර ඉන් ගලා ආ ලාවා සමහර තැනක තාමත් දක්නට ලැබේ. එම ගිනි කන්ද නැරඹීම සඳහා නගරයේ සිට සෑහෙන දුරක් යා යුතුය. එමෙන්ම භයානකත්වයක්ද ඇති විය හැකි බැවින් එසේ යාමට කලින් ඉන්ෂුවරන්ස් විය යුතුය. පුපුරා යාම කෙෙස් වුවද එය බැලීමට යන සමහරුන් රෝගි විය හැකි බවක්ද පැවසේ.
මෙසේ බලන විට සොබා දහම වුවද සාධාරණ නැතැයි සිතෙනුයේ මෙතරම් සුන්දර යහපත් රටක අසරණ මිනිස් වර්ගයාටම හානි කරන ගිනිකඳු පොළෝතලයෙහිම සඟවා ඇති බැවිනි.
ජේ. ශීලා වික්‍රමරත්න