අලුත්ම අලුත් දියඇලි විස්සක්


නාරංගොල්ල ඔයේ ඇති  දිය ඇලි

 

 

  • කි.මී. 2 ක සැඟවුණු දිය ඇලි 20 ක් පමණ තිබෙනවා.   
  • තවමත් කිසිවෙකුත් මෙම දිය ඇලි සියල්ලම අසලට ගොස් නෑ. ඔය දෙපස අංශක 90 ක ගල් බිත්ති.  

 

කඳුහෙල්, දිය ඇළි, ගංගා, උමං ගුහා දස දහසකට අධික වැව් වැනි සොබාවික නිර්මාණ සමුදායක් පිරි අප දේශයේ තවමත් හෙළි නොවුණු සහ මිනිස් ඇස නොගැටුණු නිර්මාණ කිහිපයක් තිබෙන බව කීවොත් ඔබ පුදුම වේද? තවමත් ලංකාවේ හෙළි නොවුණු අපූර්වතම සොබාවික නිර්මාණ පවතියි. එකම දිය පහරකින් නිර්මාණය වන දිය ඇලි 20 ක් පමණ කුලුඳුලේම අප සොයා ගත්තේ ඉතාමත් ප්‍රචලිත ප්‍රදේශයකදීය. නමුත් මෙපමණ කලක් කිසිදු මිනිස් ඇසකට හසු නොවී එපමණ ඇලි ප්‍රමාණයක් සැඟවී තිබුණේ කෙසේද? අද කතාව ඒ පිළිබඳවය. 


ලංකාවේ පුංචි නුවරඑළිය නම් වූ බෙලිහුල්ඔය යනු මධ්‍යම පළාතේ මායිම් වූ හෝර්ටන්තැන්න අභය භූමියේ බෑවුම් ප්‍රදේශයයි. වලවේ ගඟේ ශාඛා බොහෝමයක් පිරුණු බෙලිහුල්ඔය දැවැන්ත කඳු වළලු රාශියකින් සමන්විත ඉසව්වකි. බෙලිහුල්ඔයට මඳක් නුදුරින් පිහිටි කළුපහන ග්‍රාමය යනු ලංකාවේ උසම දිය ඇල්ල පිහිටි ප්‍රදේශයයි. මීටර් 243 ක් පමණ උසැති බඹරකන්ද දියඇල්ල යනු වලවේ ගඟ පෝෂණය කරන්න සමනල වැවට යන ප්‍රධානම අතුගංඟාවකි. වංගෙඩිගල, බළතුඩුව, ගොම්මෝලිය, හෝර්ටන් තැන්න, උඩවේරිය, බමරකන්ද වැනි කඳු ශිඛර ගණනාවකින් වටවුණු බඹරකන්ද දිය ඇල්ල යනු ඉතා සුන්දර සහ සංචාරක ආකර්ෂණයක් සහිත ඉසව්වකි. යක්ෂයාගේ පඩිපෙළ දුර්ග මාර්ග පටන් ගන්නා මෙම මාර්ගය පුරාවටම ගැබ්ව ඇත්තේ නෙත් පිනායන අව්‍යාජ සුන්දරත්වයයි. 


කලුපහන හන්දියෙන් හැරී කි.මී. 4 ක් ගිය විට බඹරකන්ද දිය ඇල්ලත් එම මාර්ග​ෙය්ම තවත් කි.මී. 18 ක් පුරාවට ගිරි දුර්ග මැදින් යක්ෂයාගේ පඩිපෙළ හා උඩවේරිය හරහා ගමන්කොට ඔහිය සිට හෝර්ටන් තැන්නට යන මාර්ගයට ළඟා විය හැක. අනෙක් පසින් පා ගමනකින් උඩවේරිය වතුයාය හරහා ඉදල්ගස් හින්න ග්‍රාමයට ළඟා විය හැක. මීට අමතරව කලුපහන හන්දියේ සිට කිලෝ මීටරයකට ආසන්න දුරක් ගිය විට හමුවන ප්‍රථම මංසන්ධි​ෙයන් දකුණට හරවා ගිය විට ගලපිටියාය වතුයායත් ඒ ඔස්සේ දිරියට යන විට ලෝකාන්ත නිවාඩු නිකේතනය සහ හල්දුම්මුල්ල ආසන්නයට ළඟා විය හැක. කලුපහන සිට බඹරකන්දට යන විට හමුවන එකම පාලම යටින් යන්නේ අද දවසේ අපේ ගමනේ කතානායකයාය. එම ඔය නම් නාරංගොල්ල ඔයයි. හඬ නඟමින් පෙන පිඩු නගමින් ගල් පර උඩින් පැන නැගී ගලා යන නාරංගල්ල ඔය වැසි කාලයම ඉතා ප්‍රචණ්ඩ ලෙස ගලා යන්නේ පළාතම දෙවනක් කරන ශබ්දයකින් සහ කායික බිය උපදවන සුලු රළු පෙනුමකිනි. 


මෙපමණ කාලයක් කිසිදු මිනිස් ඇසක් නොගැටුණු මෙම දිය ඇලි ගොන්න අප හට හමු වූයේ අහම්බයෙනි. එදා අපගේ ගමන වූයේ ගලපිටියාය වතුයාය ඉහළ කෙළවරේ පිහිටි ගලපිටිගල නම් අබිරහස් මානව රූපය සොයා යාමයි. ගලපිටියාය වත්තට පිවිස අපි මාන කැලය අතරින් වතුයායේ ​ෙකළවරට ගොස් පසුව ඝන වනාන්තරයට පිවිසුණෙමු. මෙම ගමනේදී අපි වම් පසින් ඉතාමත් ඈතින් දරුණු ආගාධයක පිහිටි දිය ඇලි කිහිපයක් වරින් වර දැක ගත්තෙමු. ගලපිටිගල ගල් රූපය අසලට පැමි​ෙණන විට අප දිය ඇලි දුසිමකට වඩා එලෙස හඳුනාගෙන තිබුණි. දිය ඇලි කොපමණ පෙනුණ ද එවා පිහිටියේ ඉතාමත් තද හෙලකය. තවදුරටත් අප එම දිය ඇලි පිළිබඳ සොයමින් මහ වනය පීරමින් ඉදිරියට ගමන් කරන විටෙක අප කොපමණ ඉහළක සිටියද ජල පහර පවා දැක ගැනීමට නොලැබුණි. කෙසේ හෝ අපට යා හැකි උපරිම දුර ගිය පසු අප දුටුවේ තවත් දිය ඇලි බොහෝමයකි. මේ වන විට අප දිය ඇලි 17 ක් හඳුනාගෙන තිබූ අතර ඉන් 2 ක් පමණක් අප හොඳින් දන්නා යක්ෂයාගේ පඩි​ෙපළ දුර්ගයේ යන විට දැක ගත හැකි ඒවා විය. ඒවා නම් උඩුවර ඇල්ල සහ නාග​ෙදා්ව ඇල්ලයි. 


මින් පෙර අසා හෝ දැක නොතිබුණු මෙපමණ දිය ඇලි සංඛ්‍යාවක් පිහිටි මෙම ඉසව්ව පිළිබඳ වැඩිදුර සොයා බැලීමට අපට අවශ්‍ය විය. එම නිසාම අපි තිදෙනෙක් පමණක් මෙම දිය දහර ගලා යන දුර්ගයට බැසීමට තීරණය කළෙමු. එම නිසාම ගලපිටගල පමණක් දැක ගැනීමට පැමිණි පසු සෙසු මිතුරු මිතුරියන්ට සමු දුන් අප දහවල් 1 පමණ වන විට හෙලට බැසීමට පටන් ගත්තේ බෑග් පමණක් කරලාගෙනය. හෙලට බැසීමට පටන් ගත් අපට ඔයට අනෙක් පසින් පිහිටි විශාල කන්ද පෙනුණේ අප දෙස බලා සිටින යෝධයෙකු පරිද්දෙනි. බැලු බැල්මට එම ප්‍රදේශය හරහා ඔයට බැසීමට කිසිම ස්ථානයක් හෝ ආකාරයක් නොවීය. මන්ද එම කන්ද පහළටම යනතුරු අංශක 90 ක ගල බිත්තියක් ලෙස පිහිටි නිසාවෙනි. සෘජුවම පොළොවේ බැසීම පමණක් විකල්පයක් වූ හෙයින් ගල් කුළු මාන පඳුරු අතරින් අපි පහළට බසින්නට වීමු. දුර තියාම අප මෙම හෙලේ අවසානය දැක ගත් නිසාවෙන් ඒ වෙත ගමන් කළේ එතනින් පහළ සෘජුවම දිය පහර ඇතැයි සිතමිනි. අඩ හෝරාවකින් පමණ නොනැවතී ආ වේගවත් ගමන නිසාවෙන් අපි සිතු එම අවසානය කරා ළඟා වී ඒ අසල තිබූ ගලකට නැග ගත්තෙමු. 


එය ඇස් අදහාගත නොහැකි දර්ශනයක් විය. මීටර් 1700 පමණ උසක සිට හෙල බසිමින් පැමිණි අප මෙතැනින් පහළ දිය පහර ඇතැයි සිතුව නමුත් එහි වූයේ අප පැමිණි මග මෙන් දෙගුණයක තවත් විශාල හෙලකි. මෙම හෙල ගණ ශාක ව්‍යාප්තියක් සහ අංශක 70 ක පමණ බෑවුමකින් යුක්ත විය. අප පැමිණි දුරට වඩා ඉදිරියේ අපට යා යුතුව තිබෙන හෙල දරුණු බව කල්තියාම අපට පෙනුණි. හෙල පාමුල ඉතා කුඩාවට පුංචියට අපට පෙනුණේ ගලාගෙන යන නාරංගොල්ල ඔයයි. ඉදිරියෙන් පිහිටි කන්ද පාමුලින් අපට දිස්වෙන ඔයේ තිබෙන දිය ඇලි දුසිමකට වඩා අපි එහිදී දැක ගත්තෙමු.


දෙවරක් නොසිතාම හෙලට බැසීමට අපි පටන්​ ගත්තෙමු. ගල් කුට්ටි මතින් පනිමින්, ගස් කඳන් දියේ බසිමින් ක්‍රම ක්‍රමයෙන් බෑවුම වැඩි වන හෙළට අප බසින්නට වූයේ දැඩි පරිස්සමෙනි. වැසි රහිත කාලයක් වූ හෙයින් ගමන දුෂ්කර නොවීය. නමුත් මෙම ගමන සම්පූර්ණ අවදානම් සහගත ගමනක් විය. මන්ද එක්තරා අවස්ථාවක දී ගසක අත්තක් ආධාරයෙන් පහළට බසින විට පහළ තිබූ ගලකට අඩිය තබා බිමට බසින්නට සූදානම් වූ සැනින් එම ගල කඩාගෙන පහළට රූටා යන ලදි. එහිදී සැණින් ගසේ අත්තක් අල්ලා ගෙන සිටි හෙයින් බේරුණෙමි. රූටා ගිය ගල තත්පර ගණනාවක් යනතුරුම පෙරළෙන ශබ්ද ඇසුණි. එහිදී හෙලේ දරුණු බව සහ ගමනේ ඇති ජීවිත අවදානම ගැන අපට තවත් දැනුණි. 
කෙසේ හෝ අපට එක්තරා ස්ථානයක දී හෙල බසින්නට තිබූ එකම විකල්පය නම් නායගිය ස්ථානයක් දිගේය. බොර පාට වතුර ගලා යන ලිස්සනසු ගල් කැබලි ඇති එය දිගේ පස්ස ද බිම තබමින් අපි බැස්සෙමු. අංශක 90 ක පමණ ස්ථාන ගල් අල්ලාගෙන බසිමින් ද ගස්වල එල්ලී බසිමින් ද හෝරා දෙකක් පමණ වන විට අපි ඔය පෙනෙන මානයට ආවෙමු. එහිදී අපට අලංකාර දිය ඇලි ත්‍රිත්වයක් අැසේ දුරින් තිබෙන බව අපි දුටුවෙමු. කෙසේ හෝ අතිශය භයංකාර හෙලේ අප පැමිණි ගමන එක්තරා ස්ථානයක දී අවසන් විය. එම ස්ථානයේ සිට සෘජුවම අංශක 90 ක් පහළට තනි ගලේ හෙලක් වූ අතර එහි උස ඔයේ සිට මීටර් 20 ක් පමණ විය. ඔයට බසින්නට ක්‍රමයක් බලමින් අප ඒ මේ අත කැරකෙන විට එක්තරා ස්ථානයක ගස් පඳුරු අතරින් යා හැකි බව අපි දුටුවෙමු. 


එම නිසාම ගස් පඳුරු අසලට පැමිණ අඩි 5 ක් පමණ උස ස්ථානය අංශක 90 ක එල්ලයෙන් බසින්නට විය. ලිස්සනසුලු පාසි බැඳුණු ගස් අල්ලාගෙන ඉදිරී ගැලවීමට යන පඳුරුවලින් ආරක්ෂා වෙමින් අපි තව තවත් ඉදිරියට ගියෙමු. කෙසේ හෝ අපි නාරංගොල්ල ඔයට බැස ගත්තෙමු. සමස්ත පරිසරයම හරිම ගුප්තය. අපට ඉදිරියෙන් අඩි ගණනාවක් ඉහළට විහිදුණු ගල් පර්වතයකි. පිටු පසින් තවත් අඩි ගණනාවක් උසට විහිදුණු මාන කැලය විය. 


අනෙක් දෙපසින් නාරගොල්ල ඔය විය. අවට ලෝකයෙන් වෙන්ව අප ඉතා හුදෙකලා ඉසව්වක සිටින්නාක් මෙන් විය. ගතේ විඩාව හේතුවෙන් අප දියට බැස ගත්තේ හොඳ හැටි නා ගැනීමටයි. කෙතරම් අව් රශ්මියක් තිබුණද ජලය ඉතාමත් සීතල විය. අප දිය ස්නානය කරන ස්ථානයට මීටර් 30 ක් දුරින් අලංකාර බඹර ඇල්ල තිබූ අතර ඊට පිටුපසින් තවත් සුන්දර දිය ඇල්ලක් විය. ඉහළට පෙනෙන වපසරිය තුළ දෙපසම පිහිටියේ අංශක 90 ක පමණ ගල් බිත්ති විය. එම නිසාම අපට මෙම ඔය දිගේ යාමේ අසීරු බව සහ අවදානම් බව වටහා ගැනීමට වැඩි කාලයක් ගත නොවුණි. මන්ද මෙලෙසින් අපට කිසිවිටකත් ගඟ දියේ හෝ ගඟ දෙපසින් ගඟට සමාන්තරව ඉහළට යා නොහැක. 


එම නිසාම අපට ගඟට මීටර 15 ක් පමණ උසින් පිහිටි ගැට්ට දිගේ ගමන් කිරීම ද පලක් නොවන බව වැටහුණි. එමෙන්ම ක්ෂණික ජල වැඩිවීමක් ඇති වුවහොත් කිසි විටක ගඟේ දෙපසට යා නොහැක. මන්දයක් ගල් බිත්ති නිසාවෙනි. චිරි චිරියේ ගලන දියවර අප සමග ඔච්චම් කරනවා මෙන් තවත් අපට හැඟුණේ මෙතැන් සිට ගඟ පහළට හෝ ගමන් කිරීමට කිසිදු මාර්ගයක් නොතිබීමයි. අප සැලසුම් කළ පරිදි අප එනතුරු මඟ බලා සිටින අනෙකුත් මිතුරන් වෙත ගඟ දිගේ පහලට ගමන් කළ නොහැක. මේ ආදී කරුණු කාරණ සිතමින් අඩ​ෙහා්රාවක් පමණ සීතල දියේ බැස අපි හොඳ හැටි නාගත්තෙමු. 


පරිසරයේ නිහඬ බව බිඳලන දියවරේ චිරි චිරියත් අප ඉදිරියෙන් පිහිටි නිසොල්මන් මහ ශිඛරයත් දකින විට අපගේ සිතේ යම් තිගැස්මක් ඇති විය. එනම් මින් පෙර කිසිදු ආකාරයකින් ලංකාවට හෙළි නොවුණ මෙම දිය ඇළි සමූහය තරණය කිරීමට නිශ්චිත මඟක් හෝ ක්‍රමයක් නොතිබීමයි. සවස් වීම ආරම්භ වූ නිසාවෙන් අප නැවතත් ගමන යාමට සැරසුණේ සීතල දියවරට සමු දෙමිනි. නාරංගොල්ල ඔය ලොවෙන් සැඟව මෙපමණ කලක් තිබුණේ මෙම ඔය දෙපස තිබෙන අංශක 90 ගල් බිත්ති නිසාවෙන් සහ මෙම නිම්නය දැඩි අඳුරු නිම්නයක් වන නිසාවෙනි. කෙසේ හෝ ගලපිටගල බැලීමට පැමිණි අපට මෙම දිය ඇලි ප්‍රමාණය හමු වීම සඳහා ඉතා දුෂ්කර ගමනකින් පසු මෙලෙස ළඟාවීමට හැකිවීම එක්තරා ජයග්‍රහණයකි. 


කෙසේ හෝ අප සිටින ස්ථානයට පහළින් පිහිටි දිය වැටෙන තටකය පසු කර නැවත ඔයට බහින අටියෙන් නැවතත් මහ කැලයට ගොඩවැදුණේ ඉතා අසීරුවෙනි. කෙසේ හෝ ඔයට සමාන්තරව මාන කැලය පිහිටි හෙලේ ගැට්ට දිගේ අප ඉදිරියට ගමන් කළ ද අප සිතූ පරිදි ඔයේ පහළට යාමට කිසිදු ඉඩක් නොතිබුණි. ගැට්ට කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුණේ ගස් වැල් වල එල්ලී ගල් කුට්ටි මත අඩිතබා මාන පඳුරු අතරින් මාරාන්තික ගමනාන්තයක් සලස්වමිනි. මේ වන විට අප නිරායාසයෙන්ම ඔයට වඩා මීටර් 15 ක පමණ උසින් සිටින්නට වූ අතර කිසිදු විදිහකින් ඔයට බැසීමට ස්ථානයක් මෙහි නොවුණි. කාලය වේගයෙන් දිව යන අතරම අපගේ කකුල් රිදීමද වැඩි වන්නට විය. කෙණ්ඩා පෙරළීම කීපයක් ඇති වුණේ නුහුරට අඩි තැබීමට සිදු වූ හෙයිනි. එම නිසාම අප මුළුමනින්ම මාන කැලයට පිවිස ගලපිටගල සොයා ගොස් නැවතත් ආ මගින්ම පල්ලම් බැසීමට සිතා ගලපිටගල සොයා මාන කැලයට පිය නැගුවේ නාරංගොල්ල ඔයට සමුදෙමිනි. 

 

 


නාරංගොල්ල ඔය පිහිටියේ දැඩි දුර්ගයකය, අඳුරු ප්‍රපාතයකය. එම අඳුරු නිම්නය මෙතෙක් කල් ලොවට වසන්ව තිබුණේ එහි ළඟා වීමේ අසීරු බව නිසාවෙනි. 


​ෙකසේ නමුත් සොබාසිරි අප ලංකාවාසීන්ට අලුතින්ම දිය ඇලි 20 ක පමණ දිය ඇලි දාමයක් හඳුන්වා දුන් හේතුවෙන් අප මේ බව පැවසීමට අඳුරට ප්‍රථම බස් රථයට යා යුතුව තිබුණි. කාලය සෙමින් සෙමින් ගෙවුණේ මාන පඳුරු මතින් ඉතා වෙහෙසකර ගමනක් සෙමින් සෙමින් ගමන් කරන අතරතුරය. අපට ඉදිරියෙන් ඉහළින් පෙනෙන කන්දේ මුදුන යැයි සිතා වෙර වීරිය ගෙන එතැනට ළඟා වුවද එතැන් සිට තවත් කන්දක් ඇති බව දුටු විට විඩාව තවත් වැඩි වුණේය. මන්ද මේ වන විට අප සතුව තිබූ ජලය සියල්ලම නිමා වී තිබූ අතර කිසිදු ආහාරයක් අප සතුව නොතිබුණු හෙයිනි. 


අපගේ ගමනට පෙර අඳුර සෙමින් අහස් කුසට ළඟා වූයේ අපව පුදුම කරවමිනි. ජංගම දුරකථන දෙකක පමණක් එළි භාවිත කරමින් ඈතින් පෙනෙන ගලපිටගල සොයා සෘජුවම මාන කැලයම පීරමින් කෙණ්ඩා පෙරළෙන පා වලින් අපි අැවිද්දෙමු. රාත්‍රී 6 පසු වන විට අප හා සිටි අනෙක් සගයාව පිටත් කර හැරියේ ඔහුට වේගයෙන් එහි යා හැකි බව දැනුණු හෙයිිනි. එම නිසාම දැඩි වෙ​ෙහසට පත් සගයා සමගින් තවකෙකු ඉතිරි වූයේ හැකි පමණ ඉදිරියට යන අටියෙනි. ගුප්ත බවින් පිරීගිය නිහඬ මාන කැලය මුළුමනින්ම ගුවනට විවෘතය. අඳුරට ප්‍රථම නිල් තරු කැට රාශියක් කෙමෙන් කෙමෙන් කරළියට පැමිණියේ රාත්‍රියේ හමා යන සුළඟ සමග දැනෙන සීතල තීව්‍ර කරමිනි. රාත්‍රී 7 පසු වන විට අපි බස් රථ​ෙය් සඟයින්ට ඇමතුමක් දී අප දෙදෙනා තනිවම කැලයේ නැවතී පසු දින එන බව පවසා ඔවුනට පිටත් වන ලෙස දැන්වීමු. පසුව අප අසල පිහිටි ගල් තලාවේ අඳුරෙම නිදාගෙන දැඩි සීතලට මුහුණ දෙමින් රැය ගත කරන්නට ඉටා ගත්තෙමු. නමුත් රාත්‍රී 8 පසු වන විට බස් රථයේ සිටි මිතුරන් කිහිප දෙනෙකු විදුලි එළි සහ ජලය ද ආහාර ද රැගෙන අප සිටි ස්ථානයට පැමිණි අතර ත්‍රාසජනක ගමනේ කෙළවර එහි සටහන් විය. 


නාරංගොල්ල ඔයේ ඇලි දාමය යනු සොබාසිරි කණ්ඩායම කුලුඳුලේම ලංකා සංචාරයක සොයා ගත් දායාදයකි. අද දවසේ එහි පිහිටීම හා ස්වභාවය අත් විඳි හෙයින් අපගේ නිගමනය වූයේ දින 7 කින් වත් මෙම දිය ඇළි සියල්ල වෙත බැස ඒවා නරඹා ගමන නිමා කළ නොහැකි බවයි. මන්ද දැඩි ලෙස අවදානම් හා අනතුරු පිරුණ එම ඉසව්වට ළඟාවීම අතිශය අසීරු හෙයිනි. මතු දිනක අවශ්‍ය උපකරණ ද සහිතව දිය ඇලි සියල්ල වෙත බැස නරඹා එහි සැඟවුණු තවත් අරුම දෑ සොයා ගැනීමට සතියකවත් චාරිකාවක් සහිතව නැවත මෙහි එන අටියෙන් අපි අපගේ ගමන නිමා කළෙමු. 

 

 


සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු