අයි.එස්. ත්‍රස්තවාදීන් බියපත් කළ කුර්දි සෙබළියෝ


 

කුර්දි සෙබළියෝ

 

 

  • කාන්තාවකගේ වෙඩි පහරින් මිය ගියහොත් තමා ස්වර්ගයට නොයන බවත් අපායට යන බවත් අයි.එස්. ත්‍රස්තවාදීන් විශ්වාස කරනවා

මෑතකාලීන ලෝකයේ කුරිරු හා දරුණුම ත්‍රස්තවාදි කණ්ඩායමක් වූයේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් බව රහසක් නොවේ. අල්ලා ගත් නිරායුධ මිනිසුන්ගේ බෙලි කපමින් ඔවුන් ගෙන ගිය ඊනියා ඉස්ලාමීය රාජ්‍යය සිරියා භූමියේදී බිඳ වැටෙන තුරුම එම කුරිරු ඝාතන පිළිබඳ වීඩියෝ පට ලෝකයා විසින් දක්නා ලදි.   


එහෙත් මෙවැනි කුරිරු ඝාතකයන්ද භීතියට පත් කිරීමට සියුමැලි දෑත්වලට පුළුවන් විය. ඒ කුර්දිස්ථාන කම්කරු පක්ෂ ගරිල්ලා හමුදාවට අයත් සෙබළියන්ය.   


අයිඑස් සටන්කාමියකුට සටනේදී සිදුවිය හැකි නරක දේවලින් එකක් වන්නේ අනුන්ගේ වෙඩි පහරකින් මියයාම පමණක් නොව එම වෙඩි තබන්නා කාන්තාවක වීමය. කාන්තාවක අතින් මරණයට පත්වන්නන් සෘජුවම අපායට යන බව අයිඑස් ත්‍රස්තවාදීහු විශ්වාස කරති.   


2014 අගෝස්තුව වනවිට අයිඑස් ත්‍රස්තවාදීහු ඉරාකය ලිබියාව හා සිරියාවේ බොහෝ ප්‍රදේශ තම පාලනයට යටත් කරගෙන ඉස්ලාමීක් ස්ටේට් නම් රාජ්‍යයක් පිහිටුවුහ. මෙම රටවල් තුනේ නීත්‍යානුකූල ආණ්ඩු අගනුවරට පමණක් සීමා වීය.   


ඉරාකයේ සින්ජාර් ප්‍රදේශයද ඔවුන් යටතට පත්වූ ප්‍රදේශයකි.   


මෙම ප්‍රදේශයේ ජීවත්වූයේ ‘‘යසිඩ්’’ නමැති සුළු ජන කොට්ඨාසයකි. මෙම යසිඩ් වාර්ගිකයන් වැටලූ අයිඑස් ත්‍රස්තවාදීන් ඔවුන්ගේ පිරිමි සහ ගැහැනුන් වෙන් කර පිරිමින්ට වෙඩි තබා මරා දමන ලදි. මෙම ප්‍රදේශයේ වාසය කළ යසිඩ් වාර්ගිකයන් ගණන පනස් දහසක් පමණ වූ බව කියති.   


පිරිමින් දහස් ගණනක් මරාදමා දැරියන් හා ස්ත්‍රීන් අල්ලා ගන්නා ලද්දේ වෙළෙඳපොළේ අලෙවි කිරීම සඳහාය. යසිඩ් වාර්ගිකයන් දහස් ගණනක් ජීවිත බේරාගැනීම සඳහා පලා යද්දී තවත් කාන්තාවන් හා දැරියන් දහස් ගණනක් ත්‍රස්තවාදීන්ගේ අතට හසුවීම සඳහා ආසන්න මොහොතක සිටියහ.   


මේ මොහොතේ ඔවුන් අදහන දෙවියන් වහන්සේ ඔවුන් වෙත එ​ව්වේ ගැලවීමේ හමුද‌ාවක් නොව ගැලවුම්කාරියන්ගේ හමුද‌ාවකි. නැතහොත් සුරදුතිකාවන්ගේ හමුද‌ාවකි. මේ හමුද‌ාව සමන්විත වූයේ කුර්දිස්තාන කම්කරු පක්ෂයට අයත් සෙබළියන් පිරිසකගෙනි.   


සියුමැලි අතින් රුදුරු ගිනිඅවි දරාසිටි කුර්දි සෙබළියෝ දැවැන්ත ප්‍රහාරයක් අයිඑස් ත්‍රස්තවාදීන් වෙත එල්ල කළහ. ඔවුන්ගේ සහායට අැ​ෙමරිකා හමුද‌ාව ගුවන් ප්‍රහාර ගණනාවක් අයිඑස් ත්‍රස්තවාදීන් වෙත එල්ල කළේය. මේ හේතුවෙන් දහස් ගණනක් වූ ස්ත්‍රීන් සහ දැරියන් බේරා ගැනීමට කුර්දි සෙබළියන්ට පුළුවන්විය. මෑත කාලීනව අයිඑස්ට එරෙහි සටන් මාලාවේ මෙම සටන ‘‘සින්ජාර්’’ සටන නමින් හැඳින්වේ.   


ඇමරිකා ගුවන් ප්‍රහාර මැද සින්ජාර් කඳු ගැටයේ සටන් කරමින් සිටි අයිඑස් ත්‍රස්තවාදින්ට ඉදිරි පසින් නොකඩවා එල්ලවන වෙඩි ප්‍රහාර වැලකටද මුහුණ දෙන්නට සිදුවී තිබිණ. ඒ අතරින් ඔවුන්ට ඇසුණේ ගී හඬකි. ඉන් අයිඑස් ත්‍රස්තයෝ භීතියට පත්වූහ. ඔවුන් භීතියට පත්කරවන්නට සමත් වූ ඒ කටහඬ කුර්දි සෙබළියන්ගේය. තමන්ට වෙඩි තබන්නේ ගැහැනුන් බව තේරුම් ගත් අයිඑස් ත්‍රස්තවාදීහු බියෙන් ගල් ගැසුණහ.   


ගැහැනියක අතින් මියයාම යනු ස්වර්ගයට නොව නිරයට යන පාර බව ඔවුන්ගේ ආගමික දේශකයන් උගන්වා තිබේ. එය කුරානයේ නැතත් අයිඑස් ත්‍රස්තවාදී දර්ශනය බිහිකළ අබු මුෂාබ් අලි සර්කාව්ගේ අලුත් දහමේ ලියැවුණකි.   


අයිඑස් කල්ලියේ ආරම්භක නායකයා වූයේ අබු මුෂාබ් අල් සර්කාව්ය.   


යාසිඩ් නමැති කුඩා ජනකොටසද වෙනත් ක්‍රමයක මුස්ලිම් ආගමක් අදහන පිරිසකි. මේ පිරිස ඈත අතීතයේ අරාබි ලෝකය තුළ ඉස්ලාමය බිහිවන මුල් අවදියේ යම් නිකායික ප්‍රශ්නයක් නිසා වෙන්ව ගිය පිරිසකගෙන් පැවත එන්නන් බව විශ්වාස කෙරේ. අයිඑස් වරුන්ට අනුව යාසිඩ්වරුන් මිථ්‍යා දෘෂ්ටිකයන්ය. ඒ නිසා යාසිඩ් පිරිමින් තොගපිටින් මරා දමමින් ගැහැනුන් වහල් සේවයට විකුණන ලදි.   


අයිඑස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකා, යුරෝපීය හා කුර්දිවරුන් සටන් කරද්දී කුර්දි සෙබළියෝද අති මහත් සේවයක් ඉටුකළහ. මුහුණට මුහුණලා කෙරුණු සමහර සටනකදී අයිඑස් ත්‍රස්තයෝ කුර්දි සෙබළියන්ට මුහුණ නොදී පසුබැස පළා ගියහ. මිත්‍යා දෘෂ්ටිකයන් ඝාතනය කිරීම ස්වර්ගයට දොර විවර වීමක් ලෙස විශ්වාස කරන අයිඑස් වරුන් අවි දරන සියුමැලි දෑතට බයේ පලායෑම දෛවයේ සරදමකි.   


කුර්දි ජනයාද මැද පෙරදිග කලාපය ඉස්ලාම් කරණය වෙද්දී එයට මැදිවී හුදකලා වූ ඉස්ලාමීය ආගමිකයන් පිරිසකි. මේ පිරිසෙන් වැඩිදෙනා තුර්කියේ සුළුතරයක් ලෙසද, ඉරානය, ඉරාකය සිරියාව හා අසර්බයිජානයේද වෙසෙති. කුර්දිස්ථාන කම්කරු පක්ෂය කුර්දි සටන්කාමීන්ගේ මූල පක්ෂයයි.


පෙරකී සෑම රටකම වෙසෙන කුර්දි ජාතිකයෝ ඒ සෑම රටකදීම දැඩි මර්දනයකට ලක්ව වෙසෙති. මෙම රටවල ඔවුන් ජීවත්වන කොටස් එකතුකර කුර්දිස්ථානය නමින් රටක් බිහිකර ගැනීම ඔවුන්ගේ ඉලක්කය වුවත් එය කිසිද‌ා ඉටු නොවන සිහිනයකි.   


පෙරකී රටවල් කේන්ද්‍ර කරගෙන වෙසෙන කුර්දි ප්‍රජාව මිලියන 30 ක් 40 ක් අතර ගණනක් බව සඳහන්ය. මෙයින් බහුතරයක් කුර්දිවරුන් සුන්නි ඉස්ලාමයද, තවත් පිරිසක් සියා ඉස්ලාමයද, ඉතා කුඩා පිරිසක් ක්‍රිස්තියානි ආගමද අදහති. එහෙත් ඔවුන් අයිඑස් වරුන්ට වඩා ලිබරල් අදහස් දරන හෙයින් අයිඑස් වරුන්ගේ ම්ලේච්ඡ පහරදීම්වලට ලක්වේ.   
විසිවන ශතවර්ෂය මුල් භාගයේදී තුර්කිය කේන්ද්‍ර කරගත් ඔටෝමාන් අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු එම අධිරාජ්‍යය පැතිර තිබූ මායිම් තුළ අලුත් රටවල් කිහිපයක් නිර්මාණය විය. කුර්දිස්ථානයක් බිහිකිරීමට ඔවුන්ට වුවමනාව තිබුණද එය ඉටුනොවු සිහිනයක්ව අදටත් ගරිල්ලා සටනක් ලෙස පවතී.   


මැද පෙරදිග වෙසෙන ලිබරල් අදහස් ඇති සටන්කාමී කණ්ඩායමක් ලෙස කුර්දිවරුන් සැලකේ. කුර්දි පළාත්වල මැදපෙරදිග අන් මුස්ලිම් රටවල මෙන් ස්ත්‍රීන්ට තහංචි නැත. ගරිල්ලා කණ්ඩායමේ පිරිමි සාමාජිකයන් සමග ගැහැනු භටයෝද උරෙනුර ගැටී සටන් කරති. පිරිමි සටන්කරුවෝ සමග සෙබළියෝ මුර සංචාරයේ යති.   


අයිඑස්වරුන් කාන්තා බලඇණිවලට කැමැති නැත. ඔවුන්ගේ සිටින්නේ පිරිමි සටන්කරුවන් පමණි. අයිඑස්වරුන් කාන්තාව සලකන්නේ දරුවන් හද‌ාගෙන ගෙදරම සිටිය යුතු පිරිසක් හැටියටය. ඔවුන්ට රැකියා කිරීම සඳහා අවසර නොලැබෙයි. පිරිමින්ගේ සියලු වුවමනා එපාකම් ඉටුකරදී කාන්තාව නිවසේ සිටිය යුතුය. එවැනි නීති දමා ඊනියා ඉස්ලාමීය රාජ්‍යයක් පාලනය කළ අයිඑස් වරුන්ට කණට ගැසුවා සමාන පහරක් දීමට කුර්දි සෙබළියන්ට හැකිවූයේ ඔවුන් ජීවත්වන බිම් ප්‍රදේශවල ලිබරල් අදහස් ඇති පාලනයක් ක්‍රියාත්මක වූ නිසාය. අයි.එස්.වරුන් සිරියාවෙන් පලවා හරින අවසන් සටන දක්වාම මෙම කුර්දි සෙබළියෝ යුද බිමේ විශාල සේවයක් ඉටුකළහ.  


බුදුපිළිම කඩමින් ඉස්ලාම් ආක්‍රමණය ඉන්ද‌ියාවට පැමිණි හැටි   


ඉස්ලාම් ආගම බිහිකළ මහම්මත්තුමාගේ මූලික ඉගැන්වීමක් වූයේ පිළිම වන්දනාව නොකළ යුතු බවය. බුද්ධාගමේ, ක්‍රිස්තියානි ආගමේ ප්‍රතිමාවලට වැදීමට නියම කළද ඉස්ලාමයේ පිළිම වැදීමක් නැත. ඉකුත් දා මාවනැල්ලේ බුදුපිළිම කැඩු කල්ලිය ලෙස ප්‍රකට වූ මුලධර්මාවාදී ඉස්ලාම් කල්ලිය ප්‍රසිද්ධ ස්ථානවල තිබූ බුදුපිළිම, කතෝලික පල්ලිවල තිබූ දේව ප්‍රතිමා සහ හින්දු ආගමික ප්‍රතිමා කිහිපයකම සිරස කඩා තිබුණේ නූතන මුලධර්මවාදීන්ද මහමත්තුමාගේ මෙම ඉගැන්වීම අකුරටම ඉටුකරන හෙයිනි.  


මහමත්තුමාගේ උපත සිදු වූ බව විශ්වාස කෙරෙන්නේ ක්‍රිස්තු වර්ෂ 520දී මක්කම නගරයේදීය. සෞදි අරාබියේ පිහිටි මේ නගරය පුරාණ කාලයේ පටන් වෙළෙඳ නගරයක් විය. චීනයේ සිට යුරෝපයේ නැව්තොටු දක්වා වැටී තිබු පුරාණ සේද මාවතේ එක් මධ්‍යස්ථානයක් වූයේ මක්කමයි. චීනයේ සිට මධ්‍යම ආසියාව, මැද පෙරදිග හා යුරෝපය දක්වා ඇදීගිය පැරණි තවලම් මාර්ගයක් වූ ​ෙස්ද මාවත යුරෝපය සහ ආසියාව එකට එකතු කළ ප්‍රධාන මාර්ගය විය.  


එවක යුරෝපා ජාතීන්ට චීන පෝසිලේන්. සේද වස්ත්‍ර ආදි වෙළෙඳ බඩු ඈත චීනයේ සිට තවලම් මගින් යුරෝපය දක්වා ගෙන ගියේ මේ මාර්ගයෙනි. මාර්ගය අතර මග කුඩා නගර කාලානුරූපව මහා වෙළෙඳ නගර බවට පරිවර්තනය විය.   


ක්‍රිස්තුවර්ෂ හතර වන සියවස පමණ වන විට මෙම සේද මාවත දිගේ ගිය වෙළෙඳුන් අලුත් ආගමක පණිවිඩයද ගෙන ගියහ. ඒ බුද්ධාගමයි. භාරතයට ආ චීන තවලම් මගින් චීනයට ලැබුණු බුදු දහම පිළිබඳ පණිවිඩය ගොඩබිම් සේද මාවත දිගේ අරාබිය සහ යුරෝපය දක්වා බෙදා හැරිණි.   


මක්කම, ඩමස්කස්, ට්‍රිපොලි. බෙංගාසි ආදී මැදපෙරදිග වෙළෙඳ නගර තුළ ඒ වන විට අදහමින් තිබූ ආගම් අතරට බුදු දහමේ යම් ඇදහිම්ද එකතු විය. මැදපෙරදිග එවකට තිබූ ආගම් තම ආගමික නායකයන්ගේ පිළිම වන්දනයට හුරුවී සිටියහ. සේද මාවතේ ගිය වෙළෙඳුන් බුදු පිළිමද තම වෙළෙඳ බඩු සමග ගෙනයන්නට ඇත.  


මහමත්තුමා බිහි වූ මක්කම නගරයේ කාබා සිද්ධස්ථානය ඒ වනවිටද ආගමික මධ්‍යස්ථානයක්ව පැවතුණි. කාබා පල්ලිය ඉස්ලාමය නිසා බිහිවූවක් නොව ඉස්ලාම් නායකයන් විසින් තමන් යටතට අල්ලා ගන්නා ලද්දකි. විවිධ ආගමික විශ්වාසයන්ට අයත් පිළිම ප්‍රතිමා රැසක් ඒවන විට කාබා පල්ලියෙහි තිබෙන්නට ඇත.  


කාබා පල්ලිය අයත්වන මැකා ප්‍රදේශය දුරාතීතයේදී රෝම ශිෂ්ටාචාරයේ බලකොටුවක්ව තිබිණ. භාවිත වර්ෂ 106 වන විට මෙම ප්‍රදේශයේ පාලනය කළ රෝමවරුන්ගේ ප්‍රාදේශිය පාලන මධ්‍යස්ථානය තිබූ බව කියන්නේද මැකා නුවර ආශ්‍රිතවය.  


ඉන්පසු එම ප්‍රදේශය බසිසෙන්ටියානු සහ මෙසපොතේමියානු යන පුරාණ ශිෂ්ටාචාර දෙකේ පාලනයට පිළිවෙළින් යටත්ව තිබිණි. පැට්‍රිසියා ක්‍රෝන් සහ ටොම් හොලන්ඩ් යන ඉතිහාසඥයන් දෙදෙනා කියන්නේ මැකාව ඓතිහාසික යුගයේ පටන් වෙළෙඳ නගරයක්ව තිබූ බවය. එම නිසා විවිධ ආගමික මධ්‍යස්ථානද ඒවාට අයත් පිළිම ප්‍රතිමා වන්දනයද එහි තිබෙන්නට ඇත.  


මහම්මත්තුමා පහළ වනවිට මැකාව බෙඩුයින් ගෝත්‍රිකයන්ට ​ගොදුරුවෙමින් තිබිණි. තවත් ජනවර්ගද එහි පාලනය සඳහා සටන් වැදුණහ.   


ඒ සටන්කරුවන්ට එරෙහිව මහම්මත්තුමා සාමකාමී දහමක් දේශනා කළේය. ඔහුට දෙවියන්ගේ පණිවිඩ ලැබෙන බව ජනයා අතර ප්‍රචලිත විය. එහි සිටි අන්‍ය ජාතීන්ට එරෙහිව ධර්මයෙන් ජනයා ඇමතූ මහම්මත්තුමා බෙඩුයින්වරුන්ගේ කණ්ඩායම් තම දේශනා මගින් එකමුතු කරමින් සිටියේය. වසර ගණනක ඇවෑමේදී බෙඩුයින්වරුන් එකට එකතු කිරීමට ඔහුට පුළුවන්විය.  


මහමත්තුමා ජනයා අතර ආගමික නායකයකුගේ තත්ත්වයට පත්විය. තමා දෙසන ආගම සාමකාමී බවත් ඒ වටා එකතු වන ලෙසත් මැකා අවට සිටි ජනයාට ඔහු ආරාධනා කළේය. ප්‍රචණ්ඩ විවිධ ගෝත්‍රවල කලබලකාරී ජීවිතයට වඩා මහම්මත්තුමාගේ සාමකාමී පාලනයට ජනයා වේගයෙන් ඇදී එමින් සිටියහ. ඉස්ලාමය නමැති නව ආගම සෞදි අරාබියේ මැකාවේ බිහිවුණේ එපරිදිය.  


“සියලු පිළිරූ, සංකේත ඇදහීම අතහරිනු. සියල්ල දන්නේ දෙවියන් වහන්සේය. ඔහු අල්ලාය. ඔහුට වඩා දන්නා කෙනෙකු නැත’’ මහම්මත්තුමා තම අනුගාමිකයන්ට පැවසුවේය.  
ඉන්පසු අරාබි මහනගරවල, පැරණි ඓතිහාසික ප්‍රදේශවල තිබූ ඉතා පෞරාණික නගර, පිළිරු, විනාශ කිරීම ආරම්භ විය. වසර දෙතුන් සීයක් තිස්සේ මෙය සිදුවිය.  
ඒ වනවිට ක්‍රිස්තියානියද මැදපෙරදිග බොහෝ ප්‍රදේශවල පැතිර තිබුණි. මහමත්තුමාගේ අනුගාමිකයන් ඒවා විනාශ කරද්දී තම වන්දනාභූමි රැකගන්නට ඒ වන විට සුළුතරයක්ව සිටි ක්‍රිස්තියානිහු යුරෝපයේ රජවරුන්ට පණිවිඩ යැවුහ.  


ක්‍රිස්තියානි ආගමිකයන්ගේ වන්දනීයත්වයට පත් පුදබිම් රැකගන්නට යුරෝපයේ ක්‍රිස්තියානි හමුද‌ා ආවේ කුරුසය පෙරටු කරගෙනය. මැද පෙරදිගට ආ මේ හමුද‌ා ප්‍රකට වූයේ කුරුස හමුද‌ා යනුවෙනි. ක්‍රිස්තියානු හමුද‌ා සහ මුහම්මත්තුමාගේ අනුගාමිකයන් අතර සටන් ප්‍රකට වූයේ කුරුස යුද්ධ නමිනි. අද දක්වාම සිදුවන්නේ මේ දෙපිරිස අතර එද‌ා සිදු වූ සටනේ නූතන හැඩරුවයි.  


පිළිම වන්දනය නිසා අද මෙන්ම එද‌ාද මහත් ජීවිත විනාශයක් සිදුවිය. මහමත්තුමාගේ අනුගාමිකයන් ඇරඹූ පිළිම හා ප්‍රතිමා විනාශ කිරීමේ ව්‍යාපාරය සමග දහස් ගණන් ජීවිත විනාශ කිරීමටද ඔවුන් පසුබටවූයේ නැත. තම ආගම හැර අන් ආගම් මිථ්‍යාදෘෂ්ටිය වපුරන්නේය යන අදහස මත පදනම්ව මැකාවෙන් අැරඹි මෙම සැහැසිකම් කඩුව සහ හෙල්ලයද සමග ආසියාව කරාද වේගයෙන් ඇදී ආවේය. මැකාවෙන් ඇරඹි මහම්මත්ගේ නව ආගම පෙරටුකර ගත් ඉස්ලාම් සටන්කාමීන් සේද මාවතේ ඉදිරියට ගමන් ගත්තේ හමුවන සියලු ප්‍රතිමා විනාශ කරමින් සහ සියලු ජනවර්ග තම ආගමට හරවා ගනිමිනි. එයට අකමැති අන්‍යාගමිකයන් වේනම් ඔවුන්ගේ ගෙල කඩුවෙන් කපා දැමිනි.  

 

කුර්දි සෙබළියෝ සටන් බිමේ

 


රැල්ලක් සේ පැතිර ආ ඉස්ලාමීය ආක්‍රමණය නිසා මොංගෝලියාව ටිබෙටය පාමුල මධ්‍යම ආසියාව, ඇෆ්ගනිස්ථානය හා චීනයේ මධ්‍යය දක්වාම ප්‍රදේශ ඉස්ලාමීය කඩුවට යටත් ප්‍රදේශ බවට පත්විය. පණබේරා ගැනීම සඳහා රජවරුන් ඉස්ලාමයට හැරීමේ ප්‍රතිඵලය වූයේ රජතුමා ඉස්ලාමය වැළඳගනිද්දී රටේම වැසියන් ඉස්ලාමය වැළඳගැනීමය. මෙමගින් රටවල් පිටින්ම ඉස්ලාමයට හැරවිණි. මෙය ඉතා ශීඝ්‍රයෙන් සිදුවිය.  


ඉස්ලාමීය ප්‍රහාරකයන් නිසා ඛේදනීය ඉරණමකට පත්වූ බෞද්ධ රාජ්‍යයක් වූයේ කාෂ්මීරයයි. අදටත් ඉන්දියාව සහ පාකිස්ථානයට මැදිව අනේක විධ ත්‍රස්තප්‍රහාරයන්ට ලක්වන කාෂ්මීරය සවුදි අරාබියේ ටයින් නගරයේ සිට හමුද‌ාවක් රැගෙන ආ මහමුද්බින් කාසිම්ට යටත් වූයේ ක්‍රිස්තුවර්ෂ 711 දීය.  


එවකට කාෂ්මීරය බෞද්ධ නිකේතනයක් විය. එහි තිබූ ප්‍රකට නාලන්ද විශ්ව විද්‍යාලය භික්ෂූන් වහන්සේලා පන්දහසක් අධ්‍යාපනය ලැබූ ලොව විශාලම විශ්ව විද්‍යාලය ලෙස ප්‍රකටව තිබිණ. ඉන්දු නදිය තරණය කරමින් හමුද‌ා සේනාංකයක් රැගෙන ආ මුහමද්බින් කාසිම් නාලන්දාව වනසා භික්ෂූන් පන්දහසම මරා දැමීය.  


කාෂ්මීරය මුහමද්බින් කාසිම්ගේ උමායාද් කාලිපේතය (රාජ්‍යය)ට යටත් වූයේ භික්ෂූන් පන්දහසකගේ රුධිරය ඉස්ලාමය වෙනුවෙන් බිලි ගනිමිනි. ඔහු කාෂ්මීරයට කඩා වැදුනේ සුප්‍රකට කයිබර් දුර්ගය හරහාය.   


වෙස්සන්තර ජාතකයේ සඳහන් වංකගිරිය යනු මෙම කයිබර් දුර්ගය බව සැලකේ. කයිබර් දුර්ගය තරණය කිරීමෙන් කාෂ්මීරය මෙන්ම අවකන් දේශය හෙවත් ඇෆ්ගනිස්ථානයටද පිවිසිය හැකිය. බින්කාසිම් කාෂ්මීරය පමණක් නොව ඇෆ්ගනිස්ථානය ඇතුළු සියලු බිම් ප්‍රදේශ තම ඉස්ලාම් රාජ්‍යය යටතට ගත්තේය. එහි විසූ බෞද්ධ හිමිවරුන් මරාදමා පන්සල් කඩා බිඳදමා බෞද්ධ විහාරාරාම ඉස්ලාම් පල්ලි බවට පත් කළේය.   


මධ්‍යම ආසියාව ලේ විලක් කරමින් ඉස්ලාමය පැතිර වූ බින්කාසිම් එතැන් සිට අද දක්වාම ස්ථාවරව පවතින ශක්තිමත් ඉස්ලාමීය රාජ්‍ය පද්ධතියක් කෘෂ්මීරය ඇෆ්ගනිස්ථානය ආදි රටවල ස්ථාපිත කළේය. එතැනින් පටන්ගත් ඉස්ලාම් ආක්‍රමණය එදා සින්ද් ප්‍රදේශය වූ නුතන පාකිස්ථානයද ගිලගෙන තිබේ.  

 


එය එතැනින් නතරවේයැයි කිවහැක්කේ කාටද?  

 


ප්‍රේමකීර්ති රණතුංග  

 

 


ගරිල්ලන්ගෙන් ​ෙබිරෙන්න හැදූ ගඩාෆිගේ කාන්තා බලඇණිය

මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම් බොහොමයක් සලකන්නේ කාන්තාවන් අතින් මරණයට පත්වීම නිසා ස්වර්ගයට යාමට නොහැකි වෙන බවය. ආගම වෙනුවෙන් මරාගෙන මැරීම ස්වර්ගයට යාමට හේතුවක් ලෙස සලකන මෙම කණ්ඩායම් කාන්තාවක් අතින් මරණයට පත්වීම සලකන්නේ නිරයට දොරටු විවර වීමක් හැටියටය. ආගමික ත්‍රස්ත කල්ලිවල ඉලක්කයක්ව සිටි ලිබියානු පාලක කර්නල් අල් මුවම්බර් ගඩාෆි ත්‍රස්ත කල්ලිවල ඉලක්කයෙන් ගැලවීම සඳහා යොදා ගත්තේ ද මෙකී විශ්වාසයයි.   


එම නිසා ඔහු තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස යොදා ගත්තේ කාන්තාවන්ය. රාජ්‍ය නායකයන් ආරක්ෂා කිරීම සඳහා ශරීරාරක්ෂකයන් ලෙස පිරිමි සොල්දාදුවන් යොදා ගැනෙන මුත් ගඩාෆි මහජනයා හමුවට යන සැමවිට ඔහු වටා සිටියේ ගැහැනුන්ගෙන් සමන්විත ශරීරාරක්ෂක බලඇණියකි. මේ නිසා ගඩාෆිට වෙඩි තැබීමට මූලධර්මවාදී ත්‍රස්ත කල්ලි ඉදිරිපත් නොවූ බව සඳහන්ය.