අභ්‍යවකාශයේත් කසළ ගොඩගැහිලා


 

චීන පර්​ෙ‌ය්ෂකයෝ පිරිසක් මේ වනවිට උදාර මෙහෙයුමකට සූදානම් වෙති. ඒ, පෘථිවි කක්ෂය වටකරගෙන ඇති ‘කසළ’ ඉවත් කිරීම සඳහාය. චීන විද්‍යාඥයෝ මේ සඳහා ලේසර් කිරණ භාවිතා කිරීමට සූදානම් වෙති. මෙම කසළ ඉවත් කිරීමේ යෝජනාව ලොවට ඉදිරිපත් කර ඇත්තේ චීනයේ ෂියෑන් විශ්වවිද්‍යාලයේ ගුවන් හමුදා ඉන්ජිනේරු අංශයට සම්බන්ධ විද්‍යාඥයන්ය.
 
පෘථිවි කක්ෂයේ පාවෙමින් ඇති ‘කසළ’ කුඩා කැබැලිවලට කැඩීම, ලේසර් කිරණ යොදා ගනිමින් සිදු කරන බවත්, එමගින් පෘථිවියට සිදුවන හානිය අවම කර ගැනීමට හැකිවනු ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. චීන ඉන්ජිනේරුවන් පෙන්වා දෙන්නේ, ලේසර් කිරණ තුවක්කුවක් සහිත විශේෂිත චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යවා සුන්බුන් කැබැලි කිරීම යැයි ද පැවැසෙයි. 


මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක්, ෂටලයක් හෝ රොබෝ ගවේෂණ යානයක් හෝ අභ්‍යවකාශයට යැවීම පහසු කාර්යයක් නොවේ. ඊට හේතුව පෘථිවි ගුරුත්වාකර්ෂණයයි. ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී ඉහළට විදීමට නම් අධික බලයක් අවශ්‍ය වෙයි. අභ්‍යවකාශ යානා ෂටල ආදිය පෘථිවි වායුගෝලයෙන් ඔබ්බට පෘථිවි කක්ෂයට ගෙන යන්නේ අධි බලැති රොකට්ටුය. පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටු අක්‍රිය වන්නේ රැගෙන එන අභ්‍යවකාශ යානා, ෂටල හෝ චන්ද්‍රිකා අභ්‍යවකාශයට මුදාහැරීමෙන් පසුවය. 


යළි යළි පාවිච්චියට ගන්නා එවැනි රොකට්ටු ආපසු පෘථිවියට කඩා වැටෙයි. නියමිත ගණනය කිරීම්වලට අනුව, විද්‍යාඥයන් එම රොකට්ටු පතිත කරවන්නේ සාගරයටය. අදාළ රටේ නාවික හමුදාව සීරුවෙන් සිට, එම රොකට්ටු සොයා ගැනීම සිදු කරයි. ඒවා යළි යළි භාවිතා කිරීම සිදුවන්නේ ඒ අනුවය. 


යළි ආපසු පෘථිවියට නොපැමිණෙන, අභ්‍යවකාශයේ රැඳෙන කැබැලි සහ සුන්බුන් ද ඇත. වසර ගණනාවක් තිස්සේ මිනිසා කළ අභ්‍යවකාශ තරණය සමඟ කළ ගනුදෙනුවල අවාසනාවන්ත ප‍්‍රතිඵලයක් ලෙස අද පෘථිවි කක්ෂය වටා කසළ ගොඩක් එක් රැස් වී, පාවෙමින් පවතී. මෙම සුන්බුන් විටින් විට පොළොවට පතිත වෙයි. මීට වසර කිහිපයකට පෙර එනම් 2015 වසරේ ඇමෙරිකානුවන් ඇපලෝ මෙහෙයුම් ඔස්සේ සඳ තරණයට භාවිතා කළ රොකට්ටු ඇන්ජින් කැබැලි අප ශ්‍රී ලංකාවට නුදුරින් ඉන්දීය සාගරයට පතිත විය. එය ගොඩබිමට පතිත වූයේ නම් සිදු​ෙවන විනාශය අතිමහත්ය. 

 


පෘථිවි කක්ෂයේ රැඳී පාවෙමින් ඇති මෙම ‘සුන්බුන්’ අභ්‍යවකාශ කසළ ලෙස හැඳින්වෙයි. මෙම කසළ පෘථිවි කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකාවලටත්, අභ්‍යවකාශ නැවැතුම්පොළටත් විටින් විට තර්ජන එල්ල කරයි. එහෙයින් එම ‘කසළ’ විනාශ කිරීම කෙසේ හෝ කළ යුතුව ඇත. චීන ඉන්ජිනේරුවන් ඉදිරිපත් කළ නව අදහස කෙරෙහි ඇමෙරිකාවේ නාසා ආයතනයේත්, යුරෝපා අභ්‍යවකාශ ආයතනයේත් අවධානය මේ ​ෙවන විට යොමු වී ඇති බව ද දැනගන්න ලැබේ. 


අභ්‍යවකාශයේ සුන්බුන් සහ කසළ අතරේ, මළපහ පවා ඇත. වාසනාවකට පෘථිවි වායුගෝලයට ඇතුළු වුවහොත් මේවා ඉක්මනින් දැවී අළු වී යයි. එහෙයින්, පෘථිවියට පතිත වීමක් සිදු​ෙවන්නේ නැත. එසේ දැවී යන මළපහ වල්ගා තරු යැයි වරදවා වටහා ගත් අවස්ථාද ඇති බව තාරකා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. අභ්‍යවකාශයට මළපහ එක් ​ෙවන්නේ පෘථිවි කක්ෂයට යන එන ගගනගාමීන් නිසාය. ඔවුන් වෙනුවෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉතා මිල අධික සුවිශේෂී වැසිකිළියක් ද ඉදි කර ඇත. මෙම වැසිකිළියේ අපවහන සියල්ල මුදා හැරෙන්නේ අභ්‍යවකාශයටය. 

 

 

 

 

 


ලුසිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි