අපේ ‘ක්ෂිරපථය’ හිතුවට වඩා ලොකුයිලු


තරු පිරි අහස

 

විශ්වය ගැන කොතරම් තොරතුරු හෙළිදරව් කර ගත්තත් හෙළිදරව් නොවුණු තොරතුරු තවත් බොහොමයක් තිබේ. වරින් වර අලුත් තොරතුරු හෙළිකර ගැනීමට විද්‍යාඥයෝ සමත් වෙති.  


අපගේ සෞරග්‍රහ මණ්ඩලය අයත් වන ක්ෂිරපථය මීට පෙර සිතා සිටියාට වඩා ඉතා විශාල බව අලුත් අධ්‍යයනයකින් හෙළිදරව් කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ.
  
මුළු ක්ෂිර පථය හරහා ගමන් කිරීමට ආලෝකයේ වේගයෙන් යන අභ්‍යවකාශ යානාවකට වසර ලක්ෂ දෙකක් පමණ ගත වෙන බව මෙම අධ්‍යයනයෙන් හෙළි විය.  


ඔවුන් මෙම කරුණ සොයාගෙන තිබුණේ තරුවල ඇති ලෝහවල සුලභත්වය විශ්ලේෂණය කිරීමෙන් පසුවය. මීට පෙර සිදුකළ පර්​ෙ‌ය්ෂණවලින් ක්ෂිරපථ තැටියේ සීමාව ලෙස සලකාගෙන සිටි සීමාව ඉක්මවා බලද්දී එහි දුටු දෙය විද්‍යාඥයින් පුදුමයට පත් කර තිබිණි. ඔවුනට දකින්නට හැකිව තිබු​ෙණ් තැටි තරුවලට සමාන සංයුතීන්ගෙන් යුක්ත තාරකාය. (තැටි තරු ලෙස හැඳින්වෙන්නේ සර්පිලාකාර ක්ෂීර පථයක, මන්දාකිණි තැටිය තුළ පිහිටා ඇති තාරකාවන්ය.)  


“තැටි තරුවලට සමාන ලක්ෂණවලින් යුක්ත අධික ලෝහමය ගතිය සහිත තාරකා ක්ෂිර පථ සීමාවෙන් එපිටත් අපට දැක ගන්න පුළුවන් වුණා. ඒ තාරකා ගැන වැඩිදුර විශ්ලේෂණ කරගෙන යද්දී අපිට තේරුණා අපි හිතාගෙන හිටිය තැනින් ක්ෂීර පථය ඉවර නෑ එතනින් එහාටත් පැතිරිලා තියෙනවා කියලා.” කැනරි දූපතේ පිහිටා ඇති තාරකා භෞතික ආයතනයේ පර්​ෙ‌ය්ෂකයකු වන කාර්ල් ඇලෙන්ඩේ පවසයි.  


මෙම අධ්‍යයනයට පෙර ප්‍රකාශ වී තිබුණේ ක්ෂීර පථය හරහා ගමන් කිරීමට ආලෝකයේ වේගයෙන් ගමන් කරන වසර ලක්ෂයක් හෝ වසර එක් ලක්ෂ හැටදාහක් පමණ ගතවෙනු ඇති බවයි. (අභ්‍යවකාශ යානාවකට එක් වසරක් තුළ ගමන් කළ හැකි දුර ආලෝක වර්ෂ එකකි. එම දුර ආසන්න වශයෙන් කිලෝ මීටර් ට්‍රිලියන දහයක් පමණ වේ)  


ක්ෂීරපථය වඩාත් විශාල බව හඳුනාගැනීමට උදව් කළ තැටි තරු විද්‍යාඥයින් දැක තිබෙන්නේ සූර්යයාගේ සිට තුන් ගුණයක් පමණ දුරකිනි. හතර ගුණයක් පමණ දුරකින් තවත් තරු පිහිටා ඇතැයි පර්​ෙ‌ය්ෂක කණ්ඩායම් විශ්වාස කරති.  


ක්ෂීරපථයේ විශාලත්වය සම්බන්ධයෙන් තව දුරටත් පර්​ෙ‌ය්ෂණ මෙහෙයවන බව පර්යේෂණ කණ්ඩායම් පවසති. ක්ෂීර පථය තුළ තවත් බොහෝ දේ සඟවාගෙන ඇතැයි ඔවුහු විශ්වාස කරති.  

 

 

 


පවනි උමයංගනා