අප්‍රිකානු වනපෙතේ සොඳුරු මතක සටහන්


රටකින් රටකට

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

‘ඛෙමකුන්ඩෙ’ අපගේ මිත්‍රයා නැවතත් අප දෙදෙනා අමතමින් ‘විල්සන් ඔයාලා දෙන්නාට සෙරෙන්ගෙට් උද්‍යානයේ වාර්ෂිකව සිදුවන සත්ව සංක්‍රමණය (animal migration) දකින්න ලැබෙන්නෙ නැහැ. මේ අගෝස්තු මාසෙනේ සංක්‍රමණය සිදුවන්නෙ දෙසැම්බර් සිට මැයි මාසෙ දක්වායි’’ එහෙනම් ලොජ් (Lodge) එකට ගොහින් දවාලට කෑම කාලා එන්න. මගේ නිල රථයෙන් සංචාරයකට යමු’’ යැයි කීවේය.  


ඉතින් ඔයාත් එන්න අපි එක්ක ලොජ්එකට ගිහින් කෑම කමු අපි ඇවිටිලි කළත් අපගේ මිත්‍රයා සම්බන්ධ වූයේ නැත. වේලාව දහවල් 12 පමණ විය. ඈතින් අලි රංචු බෙරිහන් දෙතත් උන් පෙනෙන මානයක නැත. අප්‍රිකානු අලින්ගේ (Loxodonta africana) ගැහැනු පිරිමි දෙකොට්ඨාසයටම දළ තිබේ. දළ නොමැති අලින් දකින්නේ කලාතුරකිනි. ඒ අතර තුර අපි බලා සිටියදීම පිරිමි සිංහයින් (Male Lions) තම අණසක පැතිරවීමේ ගෙරවීම් (Territorial Calls) සිදු කරන්නට වූහ.   


රංචුව භාර පිරිමි සතා ගැහැනු සතුන් 8-10 (Pride) කගේ හිමිකරුවෙකි. ආගන්තුක සිංහයකු ආසන්නයට පැමිණිය හොත් විසුම් බිම හිමි පිරිමි සතා නැගිට ගොස් (Intruder) බලාත් ප්‍රවිෂ්ටයා එළවා දමයි. එයිනුදු ආගන්තුක සිංහයා පලා නොයන්නේ නම් දෙදෙනා ද්වන්ද සටනකට එළඹෙති. එම සටනින් විසුම් බිම හිමි සිංහයා පරාජිත (Loser) තත්ත්වයට පත්වූයේ නම් ඌ තම ගැහැනු සතුන් හැර දමා පලායයි. 

 
එතැන් සිට ජයග්‍රාහි සිංහයා (Victor) ගැහැනු සතුන් භාරගන්නවා පමණක් නොව උන්ගේ රැකවරණයේ සිටින කිරිබොන පැටවුන් සියල්ල සපා කා මරා දමයි. එහෙත් ගැහැනු සතුන් ඊට හරස් වන්නේ නැත. කිරිබොන පැටවුන් මියයාමත් සමග ගැහැනු සතුන් ඉක්මනින් සංවාසයට සුදුසු තත්ත්වයට (ශාරීරිකව) එළඹෙන බැවින් රංචුව හිමි වූ පිරිමි සතා ගැහැනු සතුන් සමග සංවාසයේ යෙදෙයි.   


බෙල්ලේ කේශරය (Mane) හටගන්නේ පිරිමි සතුන්ට පමණි. සිංහ ධේනුවගේ ගැබ්බර කාලය සාමාන්‍යයෙන් දින 105 කි. ඇය බිහි කරන පැටවුන් ගණන 2 සිට 4 දක්වාය. සමහර විට හයක් 6 විය හැකිය. ආයු කාලය වසර 30 කි.   


ඛෙමතුන්ඩෙ අපගේ මිත්‍රයා (නියෝජ්‍ය භාරකරු) ඔහුගේ ලෑන්ඩ් රෝවරය පදවාගෙන අපි දෙදෙන ආහාර ගත් ලොජ් හෝටලයට පැමිණි පසු ඊට ගොඩ වී සෙරෙන්ගෙටියේ කෙටි සංචාරයක යෙදුණෙමු. උද්‍යානයේ විශේෂ ලක්ෂණය වන්නේ උසැති හා මිටි තණ පිට්ටනිය එම හේතුවෙන් Serengeti Plains යනුවෙන්ද හැඳින්වේ.   


එම සංචාරයේදී ඉම්පාලා (Impala) මුවන්, සීබ්‍රා, Zebra ජිරාෂ්, විල්ඩබ්ස්ට් රංචු දක්නට ලැබුණි.   


සෙරෙන්ගෙටි මූලස්ථානය වන සෙරොනාරා (Seronara) සිටි ගොරොංගොරෝවට දුර සැතපුම් 87 කි. අරූෂා (Arusa) නගරයේ සිට ගොරොංගොවට දුර සැතපුම් 112 කි. සෙරෙන්ගෙටියේ සිට ගොරොංගොරෝ දක්වා මාර්ගය වැටී ඇත්තේ ඔල්ඩුවායි ගොර්ජ් (Olduwai Gorge) හරහාය.   


ඔල්ඩුවායි ගොර්ජ් (ඔල්ඩුවායි දුර්ගය) වනාහි ලිකි (Leaky) විද්‍යාඥ යුවල විසින් ආදි මිනිස් විශේෂ වන Homo Habilis, Homo erectuss ගේ හිස්කබල ඇතුළු අස්ථි කොටස් සොයාගත් ස්ථානයයි.   


චන්ද්‍රාත් මමත් සෙරෙන්ගෙටියේදී අපි දෙදෙන හට නවාතැන් සපයා දුන් ඛෙමකුන්ඩේ අපගේ මිත්‍රයට ස්තූතිකොට ගොරොංගොරෝව බලා පිටත් විමූ. අරූෂා (Arusha) නගරයේ සිට ගොරොංගොරෝව දක්වා ගුවනින් ළඟා වීමටද ගගනයාත්‍රා නැවතුම් පොළක් ඉදිකොට තිබේ.   


සෙරෙන්ගෙටි උද්‍යානයෙන් පිටත්වූ අපි දෙදෙන රැගත් යුනිමොග් ට්‍රක් රථය වැලි සහිත මාර්ගය දිගේ දැඩි ආයාසයකින් ඉදිරියට ඇදෙන්නට විය. මාර්ගය දෙපස වෘක්ෂලතාදිය හෝ වන සතුන් දක්නට නොවීය. එහෙත් ඉහළ ආකාශය සිසාරන වල්චර් (Vultures) පක්ෂීන් සුලභ දර්ශනයක් විය.   


මහපොළොවේ සත්ව මළ සිරුරක් දුටු සැනින් උන් පහළට පියාඹා වුත් එය ගිල දමති. පැය 4 1/2 ක ධාවනයෙන් ගොරොංගොරෝවේ සීමාවට ලඟා වු​ෙණමු. ඉක්බිතිව වාහනය නතර කළ රියැදුරු ‘මාරියෝ’ බිමට බැස අපි දෙදෙන ඇමතීය.   


සර්ලා දෙන්නත් බිමට බැහැලා අවට බලන්න මෙතැන ඉඳලා යන්න තිබෙන්නේ පල්ලමට අඩි 2000 පහළට. පහළටම ගියාම තියෙන්නේ විශාල (වර්ග කිමි 260) සමතලා භුමියක් ආවාටය (Crater) පහළට ධාවනය කරන්නේ සර්පිලාකාරයෙන් (Spirallay) පහළ සමතලා භූමියේ ගස් කොලන් මඩ වගුරු සතුන් සෑහෙන්න බලාගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු ට්‍රක් රථයට නගින්න.   


ආවාටය පහළට යන මාර්ග මනා ලෙස ගල් අතුරා සකස් කොට තිබේ. පැය 03 පමණ ධාවනයෙන් (Crater Floor) ගොරොංගොරෝ තැන්නට අපි ළඟා වීමූ. රියැදුරු මාරියෝ පැවසු පරිදිම එය සමතලා තෙත් බිමකි. තැන තැන විවිධ ප්‍රමාණයේ ස්වභාවික ජලාශ විවිධ මාදිලියේ ගස් කොළන් තණ බිම්, වනසතුන් දැක ගන්නට හැකි විය. 

 
‘සර් අර බලන්න චීටා (Cheelah) ජෝඩුවක් ඊට එහා රයිනෝසිරස් ඉන්නවා ’’ මේ රක්ෂිතයේ ලොකු මහත්මයා ‘ගබෝසෝ (Gabozo) ගෙන් සර්ලා දෙන්නට ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. මුලින්ම යමු ලොකු මහත්මයාගේ කාර්යාලයට සර්ල දෙන්නා හඳුන්වලා දෙන්නම්.   


විශාල සංඥා පුවරුව ගාම්භීර ලෙසින් දැක්වෙන ''Ngorongoro conservation Area - World's largest caldera - Natural Wonder Of Africa'' සංඥා පුවරුව ඇතුළුවන දොරටුවට ඉහළින් දිස්වේ. අපි විනාඩි 05 පමණ එය දෙස බලා සිටින්නට ඇත. මගේ මව් බිමේ සීගිරිය ගල් පර්වතය මට සිහිපත් විය. අපි දෙදෙන ගබෝසෝට හඳුන්වා දීමෙන් පසු වාහනයේ සිටින බව පවසමින් රියැදුරු නික්ම ගියේය. ‘බානා (යාළුවා) අපේ බඩු බාහිරාදිය ට්‍රක් රථයේ තියෙනවා’’   


ගොරොංගොරෝවේ රාත්‍රි දෙකක්   


ගබෝ​ෙසා් නැගෙනහිර අප්‍රිකානු වනජීවි කළමනාකරණ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු බව ඔහු අපට පැවසීය. Welcome Bana ආයුබෝවන් මිත්‍රවරුනි. ගොරොංගොරෝව ගැන මම කෙටි විස්තරයක් පැහැදිලි කිරීමක් කරන්නම්. ඊට පස්සේ ඔයාලා දෙන්නා ඕනෑම ප්‍රශ්නයක් අහන්න. ගොරොං ගොරෝවේ පිහිටීම, උස බිහිවුණු ආකාරය. මෙලහකට ඔයාල දන්නවා ඇති   


මේ ගොරොංගොරෝව බිහි වූ ආකාරයම කුඩා ගිනි කඳු (Volcanoes) 2007 සහ 2008 වසර දෙක තුළ පුපුරාගියා. ඉන් විශාලම ගිනිකන්ද මසායිවරුන් නම් ක​ෙළ් ලෙන්ගායි Lengai කියලා මසායි භාෂාවෙන් දෙවියන්වහන්සේගේ කන්ද Mountain of God හැටියටයි කියන්නේ. ඒ අය දෙවියන්වහන්සේ කෙරෙහි දක්වන්නේ විශාල භක්තියක්. ගොරොංගොරෝ රක්ෂිතය තුළ පිහිටා තිබෙන ඔල්ඩුවායි දුර්ගය. (Olduvai Gorge) ගොරොංගොරෝවෙන් ආරක්ෂා වෙනවා.   


මෙම දුර්ගය ගවේෂණය කළ ලීකි (Leaky) විද්‍යාඥ යුවලට ආදි මිනිසාගේ (Homo habilis) අස්ථි කොටස් හමුවීමෙන් පසු මෙම දුර්ගය මිනිස් සංහතියේ ආරම්භය Seat of Humanity හැටියට සැලකෙනවා.   


අපි දෙදෙන ගබොසෝට කතා කරමින් ඒ අස්ථි කොටස් අපිට දැකගන්න පුළුවන්ද ගබො​්සෝ? ‘‘ඔව් සන්තකින්ම පුළුවන් අපේ කෞතුකාගාරයේදී මිනිසාගේ පරිණාමය (Evolution) ට අදාල අස්ථි හොඳහැටි බලාගන්න පුළුවන්. ‘ඔල්ඩුවායි’ කියන නම හැදුනෙ මේ පළාතේ බහුලව තිබෙන මසායි භාෂාවෙන් හඳුන්වනු ලබන ‘ඔල්ඩුපායි’ (Oldupai) කැලෑවේ වැවෙන හණ හණ ගස් (Sisal) මුල්කරගෙනයි.   


අපි ගබෝසෝ අමතමින් ‘ගොරොංගොරෝවේ දකින්න ලැබෙන සතුන් ගැන කියනවා නම් ‘‘ස්තූතියි මේ රක්ෂිතයේ විශාල ක්ෂිරපායි (Large mammals) 25,000 ක් පමණ වෙසෙනවා.   
නම් වශයෙන් කියනවා නම් රයිනොසිරස් (Black Rhinoceros) අප්‍රිකානු කුළු මී හරකා (African Buffalo) විල්ඩවීස්ට් (Wildebeste) සීබ්‍රා (Zebra) ඊලන්ඩ් ගවයා (Eland) හිපපොටේමස් කොම්සන්ස් ගැසල් (Thompsens Gazelle) ගෝනා (Water buck) ඉම්පාලා මුවන් (Impala) චිටා (Cheetah) කොටියා (African Leopard) හයිනා (Hyena)   


ඒ නමුත් ජිරාෆ් (Giraffe) ලා නම් නැත. හේතුව උන්ට ආහාර නැති නිසා. මගේ කැබ් රථයෙන් චන්ද්‍රා සහ විල්සන් එක්ක ගිහින් එම සතුන් පෙන්වන්නම්.   


ඔයාලා දෙන්නා දවස් කීයක් ඉන්නවද? නතර වෙන්නෙ කොහේද? මම පිළිතුරු දෙමින් ‘අපි දවස් දෙකක් ඉන්නයි බලාපොරොත්තුව. ගොරොංගොරෝලොජ් හෝටලයේ රාත්‍රී නතර වෙනවා... හොඳයි ලොජ් කළමනාකරු ‘පීටර් මගේ යාළුවෙක්. මම එයාට කියන්නම් ඔයාලට උදව් කරන්න කියලා’’ අපි දැන් යමු ගොරොන් ගොරෝ (Lodge) හෝටලයට ඔයාලා ආපු යුනිමොග් රථයටත් අපේ පිටුපසින් එන්න කියාගෙනම. ගොරොංගොරෝ හෝටලය කාමර (09) න් සමන්විත විය. (1983) කළමනාකරු පීටර්ට අපි දෙදෙන හඳුන්වා දීමෙන් අනතුරුව ඔහු අපි දෙදෙන හට කාමරයක් ලබාදුණි.   

 


මේ කාමරය වෙනුවෙන් මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. කෑමවලට විතරක් ගෙවන්න. ස්තූතියි පීටර්’’ අපගේ ඇඳුම් බෑග කාමරයට ගෙන එන ලද්දේ රියැදුරු ‘මාරියෝ’ විසිනි. අපි දෙදෙන ඔහුට සිලිං 5000 ක් අතට දෙමින් මේ මුදල් ඔයාගේ වියදමට තියාගන්න. අපි දෙන්නාගෙන් ඔහුගේ සතුට නිම් හිම් නැත. ‘‘ඔයා කොහේද නතර වෙන්නේ? මේ ගබෝසෝ ලොක්කා කීවා එයාගේ නිල නිවාසයට එන්න කියලා. ගබෝසෝ මහත්මයා අපේ කොලේජ් එකේ හිටිය ශිෂ්‍යයෙක් (Student) නේ මුදල අතට ගත් රියැදුරු මාරියෝ අසන්තේ සානා (Assante Saana) අසන්තේ සානා - ස්වහලි භාෂාවෙන් බොහොම ස්තුතියි කීය.   


එය ඔහු බලාපොරොත්තු නොවූ මුදලකි. මාසිකව ලංකාණ්ඩුවෙන් අප දෙදෙනාට ගෙවූ දීමනා මුදල Us Dollor - 600 කි. එය විශාල ටැන්සානියා සිලිං මුදලකට පරිවර්තනය කර ගැනීමට අපි දෙදෙනාට හැකිවීම වාසනාවකි.   


අපි දෙදෙන ගබෝසෝට දිවා ආහාරයට ඇරයුම් කළත් ‘‘මට කෑම තියෙනවා. අද ඔයාලා දෙන්නා විවේක ගන්න. හවස හතරට (4) විතර මම එන්නම් මගේ වාහනයෙන් අපි යමු සංචාරයකට. අසන්තේ ගබෝසෝ මම ප්‍රතිචාර දැක්වීමි.   


අපි දෙදෙන ලබාදුන් කාමරයට ගොස් ඇඟපත සෝද‌ාගෙන දිවා ආහාරය සඳහා භෝජනාගාරයට පිවිස බොජුන් පත කියවීමේදී එහි සටහන්ව තිබුණේ සීබ්‍රා, ජිරාෆ් ඉම්පාලා (Impala) ඊලන්ඩ් (Eland) මස් උගාලි (Ugali) සුප් බදින ලද අර්තාපල් ආහාරය සඳහා තිබෙන බවයි. අප දෙදෙන ඇනවුම් කළේ ඊලන්ඩ්, ඉම්පාලා මස් සහ බැදපු අර්තාපල් (Potatochips) ය. මස් වර්ග තම්බා තෙලෙන් බැඳ බී ලුණු ගම්මිරිස් යොද‌ා තිබුණි.   


වනජීවි විද්‍යාලයේදී ආහාරය සඳහා දිනපතා ලැබුණේ උගාලි (බඩ ඉරිඟු පිටි තලපය) සහ හරක් මස් කුට්ටි සහිත සුප්ය. එබැවින් බොජුන් හලේ ආහාරය ඉතා රසවත් රජ බොජුනක් විය. අපි දෙදෙන ආහාර ගනිමින් සිටියදී ජයවර්ධන මගේ මිතුරා මා ඇමතීය.   


‘විල්සන් ටිකක් කාපන්. අපිට කාමරේ පිනට හම්බ වුනාට කන කෑමවලට ගෙවන්න වෙනවා. මම කිසිත් නොදොඩා සිටියෙමි. බඩ පිරෙන්න කාපන් අපි දෙන්නා වෙන වෙනම නේ මුදල් ගෙවන්නේ’’ දිවා ආහාරයෙන් පසු අපි දෙදෙනා හෝටලයේ වැරැන්ඩාවේ වාඩි ගතිමු.   


වැරැන්ඩාව තුළ හයිරැක්ස් (Hyrax) සතුන් හත් අටදෙනෙක් බියෙන් තොරව ඇවිදිමින් සිටිති. හෝටලය මිදුලේ ගැවසෙන ඉම්පාලා (Impala) තොම්සන්ස් ගැසල් බැබුන් හිලෑ වී ඇති සැටියක් පෙනේ. ඈතින් සක්මන් කරන සිංහයින් හෝටලය අසලට පැමිණෙන්නේ නැත.   


ගබෝ​ෙසා් පොරොන්දු වූ පරිදි ඔහුගේ කැබ් රථය පදවාගෙන සවස 4.00 ට හෝටලයට සේන්දු විය. අපි ඔහුට විශාල දොඩම් යුෂ වීදුරුවක් ඇණවුම් කළෙමු. අපි අසලම වාඩිගත් ගබෝසෝ අමතමින් චන්ද්‍ර කතා කළේය. ‘ගබෝසෝ අපි ජිරාෆ්ලා (Giraffe) නම් දැක්කේ නැහැ’’ ගොරොංගොරෝවේ ජිරාෆ්ලා නැහැ. උන්ට ආහාර නැති නිසා. ඔය දෙන්නා මගේ වාහනයට නගින්න. ගබෝසෝ රියැදුරු ආසනයේය. මම ඉදිරිපස ආසනයේය. ‘චන්ද්‍රා උඹ පිටිපස්සෙන් වාඩිවෙයං’’ වාහන පණ ගැන්විණි.   


අපි යන මග දෙපස දිස්වන්නේ තණ බුදින විල්ඩබීස්ට් ගවයින්ය. (Wildebeste) ගබෝසෝ කතා කරමින් ‘‘ගොරොං ගොරෝවේ විසූ 15000 පමණ වූ විල්ඩබීස්ට ගහනයෙන් (Population) මේ වෙත කොට ඉන්නේ 7300 ඊලන්ඩ් ගවයින්ගේ (Eland) සහ තොම්ප්සන්ස් ගැසල් මුවන් (Thompsen's Gagele) ගේ ගහණයත් බෙහෙවින් පහත බැහැලා. හේතුව වාර්ෂිකව සිදුවන (තණ බිස්ස) ගිනි ගැනීම් වළක්වාලීමයි. ළපටි තණකොළ හට ගන්නවා අඩුයි. රළු තණ කොළයි (Coarse Grasses) තියෙන්නේ. ඒ නිසා කුළු හරක් ගහණය (Wild buffalo Population) සීඝ්‍රයෙන් වැඩිවෙලා. තව ඉස්සරහට යනකොට සිංහයින් දැකගන්න පුළුවන්.   


සිංහයෝ කීයක් විතර ඉන්නවද. ගබෝසෝ?’’ ‘‘ඉන්නවා හැට පහක් (65) විතර. මේ තණබිස්සේ සිංහයෝ සැඟවිලා ඉන්නවා. රයිනෝසිරස්ලාට (Rhinoceros) නොපෙනී ඉන්නයි බලන්නේ. බැරිවෙලාවත් එහෙම හැංගිලා ඉන්නවා දැක්කොත් ඉන්න ඔක්කොම රයිනෝසිරස්ලා උන්ගේ නාසයට උඩින් තියෙන තියුණු උල් අං (Rhino Hora) පහත් කරගෙන තණ බිස්ස පුරාම දුවමින් සිංහයෝ පලවා හරිනවා.   


සිංහයෝ රයිනෝ පැටවුන්ගේ ඇඟට පැන උන් මරා දමනවා. ඒක තමා වෛරය’’ අපි ඉදිරියට යන විට හය දෙනෙකුගේ සිංහයින් රංචුවක් (Pride) දැකගත හැකිවිය. කේශරය (Mane) සහිත පිරිමි සිංහයා උස් බිමක ලැග සිටී. ගැහැනු සතුන් නුදුරිනි. උන් සමග පැටවුන්ද හතරකි (4 Cubs) සිංහයින්ගේ හැදියාවක් මම කියන්නම්. සමහර විට ඔයාලා දන්නවාත් ඇති.   
තවත් පිරිමි සිංහයෙක් මෙතැනට ආවොත්, මේ ඉන්න ගැහැනු සතුන් භාරව සිටින (Residential Male) සිංහයා සමග පොරකාලා එයා එළවා දමනවා. ඉන්පසු ගැහැනු සතුන් සමග ඉන්න පැටව් නව සිංහයා විසින් සපා කා මරා දමනවා. ඒ එක්කම ගැහැනු සතුන් සංවාස තත්ත්වය පත් වෙනවා. එතැන් සිට නව සිංහයා ගැහැනු සතුන් සමග රතිකෙළිය ආරම්භ කරනවා.   


බල්ලන්ට හැදෙන Canine Distemper රෝගයෙන් සිංහයෝ මිය යනවා. ලේ උරාබොන විස සහිත මැස්සන් (Blood Sucking stable Flies හේතුවෙන්ද සිංහයෝ මියයනවා. 2001 අවුරුද්දේ ඒ අන්දමින් ගොරොංගොරෝවේ සිංහයෝ ගහනයෙන් 34% ක් මියගියා.   


‘‘චන්ද්‍රා කතා කරමින්’ ගබෝසෝ ගොරොංගොරෝව මසායි ගෝත්‍රිකයින්ට තහනම් කලාපයක් නොවෙයිද? මේ මසායි හත් දෙනෙක් බූරුවන් හතර දෙනෙක් පිටේ බඩු පටවාගෙන යන්නේ?   


‘‘අපෝ නැහැ. කොහොමද තහනම් කලාපයක් කරන්නේ? මේක එයාලගේ නිජබිමක්. එයාලගේ පැවැත්මට කොටස් වෙන්කරලයි තියෙන්නේ. මසායි ගෝත්‍රිකයින් සියලු දෙනා එඩේර දිවි පැවැත්මකයි (Pastora lists) ඉන්නේ එයාලා එක තැනක දිගටම වාසය කරන්නේ නැහැ.   


ඔය බුරුවන්ගේ පිටේ බඩු බැඳගෙන තවත් තැනකට ගොහින් පදිංචි වෙනවා. එ් අයගේ හරක් පට්ටිය බැටළුවෝ සියල්ලම ගෙනියනවා.   


මසායිවරයෙක් අසනීපයෙන් හෝ වෙනත් හේතුවකින් ඔවුන්ගේ පැලේ (බෝමාවේ Boma) මියයාමට ආසන්න බව දැනගත් සැණින්ම පණයන්න කලින් ඒ මනුස්සයාගේ කනකර ආයිත්තම් සියල්ල රහසින් ගලවා ගන්නවා. ඒ මනුස්සයා මියගියොත් ඊට පස්සෙ නම් එ්ව ගලවන්නෙ නැහැ. කවුරුවත් කැමති නැහැ මළ මිනිසාගේ ඒව පලදින්න. අසනීප වූ දරුවෙක් හෝ වයස්ගත වූ මසායිවරයෙක් බෝමාව (Boma-නිවස) තුළ මිය ගියහොත් එම පැල්පත් සියල්ලම ගිනි තියනවා.   


ඊට පසු එම පවුල් සියල්ලම වෙනත් තැනකට ගොස් පැල්පත් (බෝමාවන්) ඉදිකර ගන්නවා. මියගිය කෙනාගේ ඥාතීන්ට ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්න වෙනවා. තවද එ් මියගිය මසායිවරයාගේ බිරිඳ සහ සහෝදරයින් එළහරකකු මරා මස් කෑමට අනික් අයට බෙදාදෙනවා. මියගිය එළදෙනගේ කටු එම ස්ථානයේ බිම දමනවා.   


මියගිය සතාගේ මේදය (Fat) එකතුකොට මළ මිනියේ මතුපිට ගානවා (annoint). ගසක් යට සෙවනේ මිනිය තබා මුහුණ නැගෙනහිර දිසාවට හරවා වම් අත කම්මුල මත තබා දකුණු අත තණ කොළ මිටියක් රඳවලා පපුව මත තබනවා. පළමු වන රාත්‍රියේම හයිනා (Hyena) සහ වනාන්තරයේ වෙසෙන හිවලුන් (Jackal) මිනිය කා දැමීම ආරම්භ කරනවා.   
ඒ අයුරින් (Scavenger) සතකු මිනිය කා නොදැම්මොත් එ්ක ඔවුනට අශූභයක් බවයි කියන්නේ. හරි චන්ද්‍රා විල්සන් අඳුර වැටීගෙන එනවා. අපි ආපහු ගොරොංගොරෝ ලොජ් හෝටලයට යමු.   


විල්සන් චන්ද්‍රා ඔයාලා දෙන්නා හෙට දවසේත් ඉන්නවානේ. මට එන්න බැරිවුණොත් මගේ වාහනය රියැදුරු සමග එවනවා. උදේ ආහාරය අරගෙන ඉන්න. මගේ රියැදුරු ටැන්සානියා ගේම් ඩිපාර්ට්මන්ට් (Tanzania Game Department) එකේ සේවය කරාපු සතුන් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්. එයා එවන්නම් ඔබට ස්තූතියි ගබෝසේ (Asante Sana Gaboso)   
ගොරොංගොරෝ ලොජ් හෝටලයට ළඟා වූ පසු ‘ගබෝසෝ මොනවා හරි බොමු’’ මම ඔහුට ආරාධනය කළෙමි.   


අපි කෝපි බොමු.   


ගබෝසෝ අපි දෙදෙනගෙන් සමුගෙන පිටත්ව ගියේය.   


පසු දින පොරොන්දු වූ පරිදි ගබෝසෝගේ නිලරථය අපි සිටි ලොජ් හෝටලයට පැමිණි පසු එම රථයෙන් තවත් සංචාරයක යෙදුණෙමු.   


ඔයාගේ නම කොහොමද?   


මගේ නම මොකේෂි   


අපි බොහොමයක් සතුන් දැක්කා. සිංහයෝ, හයිනා, හිපපොටේමස් ඉන්න පැත්තට යමු’’ ‘‘හරි මම ඒක කරන්නම්’’ පැය තුනක් ඇතුළත එ් සතුන් සියල්ලම ‘මොකේෂි’ විසින් පෙන්වන ලදී. ‘මොකේෂි’ දැන් ඇති අපි ආපහු යමු හෝටලේට   


ඉක්බිතිව චන්ද්‍රාත් මමත් හෝටලයෙන් බියර් බෝතල් 4 ක් මිලදී ගෙන එය සහ සිලිං 4000 මොකේෂිට දුනිමු ‘‘අසන්තේ සානා (බොහොම ස්තුතියි)   


ගබෝසෝ මහත්මයාට ස්තූති කළ බව කියන්න’’ පසුදින උදේ 9.00 ට පමණ රියැදුරු මාරියෝ ලොජ් හෝටලයට පැමිණි පසු හෝටලයේ කළමනාකරු පීටර්ට ස්තූති කොට අපි ආපසු වනජීවි කළමනාකරණ විද්‍යාලය කරා ගමන් ආරම්භ කළෙමු.   


අපි ගොරොංගොරෝවට පැමිණි මග ඔස්සේ කිලිමන්ජාරෝ දකුණ කඳු බෑවුමේ පිහිටා තිබෙන අප්‍රිකානු වනජීවි කළමනාකරණ විද්‍යාලයට ළඟාවෙන විට පසු දින අලුයම 2.00 පමණ විය. නැගෙනහිර අප්‍රිකාව මගේ දෙවැනි නිජබිමයි.