අන්තිම කැමැත්ත පරිදි ජේ.ආර්. කැලණියේදී අවසන් ගමන ගියහැටි


මැති ඇමැති පා ගැටුණු බ්ම්පෙත්

කැලණි විහාරය   

 

විහාර භූමියේ ජේ.ආර්. දේහය ආදාහනය කළ ස්ථානය   

 

හෙලේනා විජයවර්ධන මැතිනිය උපන් නිවස   

 

 


ෙහලේනා විජයවර්ධන මැතිනිය විසින් කැලණි රජමහා විහාරයේ තනවන ලද නව මහා ප්‍රතිමා මන්දිරයට 1927 ජනවාරි 10 දින සුබ මොහොතින් මුල්ගල් තබන ලදී. එම අවස්ථාවට ද තරුණ ජේ.ආර්. සහභාගී විය.   


1946 දෙසැම්බර් 28 දින අභිනව​ ශෛලමය මහා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිස්ථාපනය සිදුකරන ලද අතර ලක්දිව පතල කීර්තියක් ඇති කලා ශිල්පීන්ගේ සේවය ලබාගෙන ද්වි භූමික මහාප්‍රතිමා මන්දිරය බුද්ධ ශාසනයට පූජා කළාය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරමින් පවත්වනු ලබන කැලණිය දුරුතු මහා පෙරහර ද 1927 දී ආරම්භ කළ හෙලේනා විජයවර්ධන මැතිනිය විසින් විහාරස්ථානයේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් කලා වැවේ අක්කර 250ක සරු කෙතක් ද කැලණිය විහාරස්ථානයට පූජා කරන ලදී.   


​ෙසා්ලියස් මෙන්ඩිස් නමැති මහා කලාකරුවා විසින් නිර්මිත අතිරමණීය මූර්ති හා බිතු සිතුවම් කැලණි විහාරයේ රූපණය වූයේ ද හෙලේනා විජයවර්ධන මැතිනියගේ පූර්ණ අනුග්‍රහයෙනි. තම මිත්තණිය සමඟ කැලණි විහාරයට පැමිණ මේ කටයුතු සඳහා ජේ.ආර්. ද සහභාගී වූ අතර මානෙල්වත්ත විහාරය වැනි බෞද්ධ සිද්ධස්ථානයක් කැලණි විහාරයට නුදුරින් ආරම්භ කිරීමට ජේ.ආර්. තම ඉඩම පරිත්‍යාග කළේ ද මේ නිසා විය හැකිය.   


කැලණි ශුද්ධ භූමිය පූජා නගරයක් කිරීමට 1952 දී පාර්ලිමේන්තුව තීරණය කළේය. 1958 දී පූජා නගර යෝජනා ක්‍රමයට මුල් ගල් තබන ලද අතර 1963 දී එකල සිටි අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් පූජා නගරයේ ප්‍රථම අදියරයට මුල්ගල තබන ලදී.   


පාර්ලිමේන්තුවේ කැලණිය අාසනය මුලින්ම නියෝජනය කරන ලද්දේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිඳුන්ය. 1943 දී ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති   වශයෙන්   ජයතිලක   මැතිඳුන්ට එහි   යාමට   සිදු  වූ අතර පසුව කැලණිය අසුන හිස් විය.   


තම සිතේ තිබූ බලවත් ආශාවක් මුදුන් පමුනුවා ගත් ​ෙජ්.ආර්. වහා කැලණිය ආසන අපේක්ෂක ධුරය තමා සතු කර ගත්තේය. 1943 අප්‍රේල් අතුරු මැතිවරණයට කැලණි අසුනට තරග කළ ජේ.ආර්. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් විය. පසුව 1947 අගෝස්තු මාසයේදී පැවැත්වුණු මැතිවරණයේදී ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් දියත් කළ ඡන්ද සටනින් එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේය. අභිනව රජයේ මුදල් ඇමැතිවරයා ලෙස පත් වූයේ ජේ.ආර්. ය.   


එවකට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් අතර ළාබාලතම මුදල් ඇමැතිවරයා වූයේ ද ජේ.ආර් ය. ඩී.එස්. හා ඩඩ්ලි අගමැතිවරු යටතේ අයවැය වාර්තා හතක් ජේ.ආර්. ඉදිරිපත් කළෙ​්ය.   


තනතරෙන් විශ්‍රාම යාමෙන් වසර කීපයකට පසු හදිසියේම රෝගාතුර වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ශල්‍ය කර්මයකට ද භාජනය කිරීමෙන් පසුව 1996 නොවැම්බර් පළමු වැනි දින අභාවප්‍රාප්ත විය. 1996 නොවැම්බර් 4 දින රාජ්‍ය ගෞරව සහිතව ඒ මහතාගේ ආදාහන කටයුතු කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට සියලු විධි විධාන යොදා තිබිණි.   


මේ අතර ඔහුගේ ඥාතියෙකුට ජේ.ආර්.ගේ පුද්ගලික දින පොත හමුවිය. එය ඉතා පරීක්ෂාවෙන් කියවාගෙන යනවිට ජේ.ආර්. විසින් ඉංග්‍රීසි බසින් ලියා තිබූ විශේෂ සටහනක් සොයා ගැනීමට හැකි විය. මහා භාරකාරතුමා වෙත ලියා තිබූ ජේ.ආර්.ගේ අන්තිම කැමැත්ත එහි සඳහන්ව තිබූ අතර “මාගේ මරණය සිදු වී පැය 24ක් ඇතුළත කැලණි ගං ඉවුරේ කැලණි රජමහා විහාර දර්ශන පථයේ දවාලන්න” යනුවෙන් එහි සඳහන්ව තිබිණි.   

 

තම දේහය කැලණි විහාරයේ භූමියේ ආදාහනය කරන ලෙස ජේ.ආර්. දින පොතේ සටහන් කර තිබු අයුරු 

 


​ෙම් සටහන අනුව ක්‍රියාත්මක වූ ආදාහන කමිටුව ජේ.ආර්. ගේ ඉල්ලීම අනුව කලින් තීරණය වෙනස් කර කැලණි විහාරය ඉදිරිපිට භූමි භාග​යේදී අවසන් කටයුතු සිදු කළේය. ජේ.ආර්. තම අන්තිම කැමැත්ත ලියා තබන ලද්දේ 1991 මැයි මස 09 වැනිදාය.   


වැල්ලම්පිටිය සේදවත්ත පුරාණ විහාරයේ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් ප්‍රකාශ කරන අන්දමට එම විහාරස්ථානයට පූජා කර ඇත්තේ හෙලේනා විජයවර්ධන මැතිනියගේ මහගෙදර හා ඉඩම්ය. හෙලේනා මැතිනිය ඉපදුණු වලව්ව ද විහාරස්ථානයට පූජා කර එම විහාරස්ථානයේ ඉතිරි වැඩ කටයුතු ද විජයවර්ධන පවුල විසින් ඉටු කර දී තිබේ.     


ජේ.ආර්. ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව විවෘත කළ පළමු විහාරස්ථාන ගොඩනැගිල්ල පිහිටියේ ද සේදවත්ත පුරාණ විහාර භූමිය තුළය.  


මෙම විහාරස්ථානය හා තුඩුගල වලව්ව අතර ඇති දුර කිලෝ මීටරයකටත් වඩා අඩු වන අතර ජේ.ආර්. කුඩා කල සිට ආ ගිය විහාරස්ථානය වන්නේ ද සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයයි.   

 


දොම්පේ - 
අජිත් මදුරප්පෙරුම