අතුරුදන් මැලේසියා යාන සොයන්න ප්‍රංශය යළි අතගසයි


 

ප්‍රංශ ජාතිකයන් සිව්දෙනකුද සමග 2014 මාර්තු 8 වැනිදා වැනිදා අතුරුදන් වූ මැලේසියා ගුවන්යානයවූ එම්.එච් 370 පිළිබඳ සොයා බැලීමට ප්‍රංශය යළිත් තීන්දු කර ඇත. රටවල් ගණනාවක නාවික හමුද‌ා එක් වී ඉන්දියානු සාගරය පුරා මෙම යානය සොයා මෙහෙයුම් දියත් කළද එය අසාර්ථක ලෙස සලකා අතහැර දමන ලදි.
  

එහෙත් ප්‍රංශ පුවත්පතක් වන ‘ලා පැරිසියන්’ ප්‍රකාශ කරන්නේ ලෝක ව්‍යාප්ත චන්ද්‍රිකා ජාලය තුළ අැති ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාව දෙස සිට ඉතා පහතින් ගමන් ගත් ගුවන් යානයක් ඉන්දියානු  සාගරයේ දකුණු දෙසට ඇතුළු වූ බව පෙනීගොස් ඇතැයි එම පුවත්පත කියයි.   


මේ නිසා යළිත් පරීක්ෂණ මෙහෙයුම් ඇරඹීමට තීරණය කර ඇත. මෙයට පෙර කුඩා දූපතක තිබී යානයේ යැයි සැලකෙන දොරක්ද ප්‍රංශ ගවේශකයන්ට හමුවිය.  

 

 

 

 


ප්‍රේමකීර්ති.