‘දේශපාලන කුමන්ත්‍රණයෙන් වූ පාඩුව ලබන මැතිවරණයේදී ජනතාව අය කරගනීවි‘


(අංජුල මහික වීරරත්න)


දේශපාලන කුමන්ත්‍රණ නිසා රටට සිදු වූ රුපියල් බිලියන 100ක පමණ පාඩුව ඊළඟ මැතිවරණයේදී ජනතාව විසින්ම කුමන්ත්‍රණකරුවන්ගෙන් අයකරගනු ඇතැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවැසීය.


කුමන්ත්‍රණයෙන් රටට සිදු වූ පාඩුව නඩු මාර්ගයෙන් අයකරගත හැකිදැයි සළකා බලන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


වෙනස්කම් සිදුකිරීම සඳහා විශාල ඉල්ලුමක් තිබෙන බව කී අමාත්‍යවරයා ඒ ඉල්ලීම්වලට නායකයන් ඇහුම්කන් දී කටයුතු කළහොත් සටන ජයගෙන එක්සත් ජාතික පක්ෂය නැවත ස්වර්ණමය යුගක් කරා ගෙනයමට හැකියාව තිබෙන බවද කීය.