මහින්ද රාජපක්ෂ මහත්තයගේ තීරණය ළඟ අපි හිටගන්නවා


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ   
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   

ජොන්ස්ටන් ප්‍රනාන්දු  

විපක්ෂය කුමක්ද කරමින් සිටින්නේ? මහින්ද කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුද? ඒ සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුවලට තිබෙන උත්තරය මොකක්ද? ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවකි.

• ප්‍රශ්නය:- මේ මොහොතේ ඔබ දකිනවද ඔබලාට වාසිද‌ායක තත්ත්වයක් රටේ තියෙනවා කියලා?   


පිළිතුර:- පැහැදිලිවම වාසිද‌ායක තත්ත්වයක් තියෙනවා. 2015 ජනවාරි 8 වැනිද‌ායින් පස්සේ අපේ පරාජයත් එක්ක. ඊට මාස 8 කට පස්සේ තිබ්බ මැතිවරණයේදී කවුරුවත් දකින්නේ නැති ජයග්‍රහණයක් මම දකිනවා. එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් හදලා අපේ කඳවුරට කුඩුවෙන්න ගහලා. අපේ මැති ඇමැතිවරුන් හිරේ ද‌ාලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දරුවන් හිරේ ද‌ාලා. රාජ්‍ය නිලධාරින්, රණවිරුවන්, මහා සංඝරත්නය හිරේ ද‌ාලා ඒ විදියට මහා ප්‍රහාරයක් එල්ල කරලත් එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ මොකක්ද? තනි බලයක් ගන්න පුළුවන්ද? ඔවුන්ට 106යි. අපිට 96යි.   


• ප්‍රශ්නය:- සංඛ්‍යා ලේඛන අනුව පරාදයිනේ?   


පිළිතුර:- මම ​ෙම් කියන්නේ අපි ලබපු දේශපාලන ජයග්‍රහණ ගැනයි. යූඑන්පියට තනි ආණ්ඩුවක් හද‌ාගන්න බැරි වුණා. ප්‍රාදේශීය සභා මැතිවරණය තිබ්බෙත් නෑ. ඔවුන් වැඩියෙන්ම කතා කළේ දූෂණ හා හොරකම් ගැනයි. හැබැයි ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකට නැති චෝදනාවක් යූඑන්පියට ආවා. මහ බැංකුව හොරා කාපු ආණ්ඩුව කියලා. මැති ඇමැතිවරුන්ට නොවෙයි ඒ චෝදනාව ආවේ කෙළින්ම අගමැතිවරයාට. පළාත් පාලන මැතිවරණය තිබ්බෙම නෑ. අපි සටන් කරලා ඡන්දය ගත්තා. ප්‍රතිඵලය මොකක්ද? අලුත් පක්ෂය යෝධ ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ නිසා ඒ දේශපාලන වාසිද‌ායක තත්ත්වය තවමත් එලෙසින්ම තියෙනවා විතරක් නොවෙයි දවසින් දවස වැඩි වෙනවා.   

 

අපි ඒ තුනෙන් දෙකේ බලය නැති කළා. රට විනාශ කරන්න ගේන්න හදපු ව්‍යවස්ථාව අපි නතර කළා. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉන්න අය කියන්න පටන් ගත්තා ලොම් හැලිච්ච නායකයෝ ටික එළවන්න ඕනෑ කියලා. අපි නොවෙයි කිව්වේ යූඑන්පී එක පිපුරුවා. කට්ටියක් කිව්වා රනිල් එළවන්න ඕන සජිත් ගේන්න ඕනෑ කියලා. ආණ්ඩුව ඇතුළෙන් පුපුරලා විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ජයග්‍රහණ පොකුරක් අරගෙන තියෙනවා. අපිට තියෙන්නේ ස්ථාවර ආණ්ඩුවක් ගන්න එක විතරයි


• ප්‍රශ්නය:- නමුත් අතරමගදී ආණ්ඩුවක් අරගෙන ඒ වාසිද‌ායක තත්ත්වය සම්පූර්ණයෙන්ම නැතිකර ගත්තා?   


පිළිතුර:- ඕක මේ එක්සත් ජාතික පක්ෂය කියන එක.   


• ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඒකත් ජයග්‍රහණයක් කියලද?   


පිළිතුර:- ඒක ජයග්‍රහණයක් නොවෙයි ජයග්‍රහණ පොකුරක්. එකක් තමයි ඔවුන් පත්කර ගත් පොදුඅපේක්ෂක ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ගැලවී ආවා. ඊළඟට අපි කරපු ප්‍රධානම සටන මොකක්ද? විපක්ෂනායකකම අපට දෙන්න කියලා සටන් කළා. ඔවුන් ඒක දුන්නෙම නෑ. කතානායකවරයා ඒකපාර්ශ්විකව කටයුතු කළා. ඔහු එක්සත් ජාතික පක්ෂයෙ කතානායකවරයෙක් හැටියට තමයි කටයුතු කළේ. දුන් නැති විපක්ෂනායකකමත් අගමැතිකමත් අපි ගත්තා. ඒක ලොකු ජයග්‍රහණයක්. අගමැතිකම අරගෙන අපි පෙන්නුවා මේ රටේ ජනතාවට අපිට ජීවන වියදම අඩුකරන්න පුළුවන් කියලා. මේ රටේ මිනිසුන්ට සහන දෙන්න පුළුවන් කියලා. අඩු කරන්න බෑ කිව තෙල් මිල අපි අඩු කළා. ජනතාවට ආදරේ කරන එකම නායකයා මහින්ද රාජපක්ෂ කියල අපි නැවත වරක් ඔප්පු කළා. මේ අය ගේන්න හිටියා ව්‍යවස්ථාවක්. මොවුන්ට තුනෙන් දෙකේ බලයක් තිබුණා. ඒ බලයෙන් ඔවුන්ට කරන්න බැරි දෙයක් නෑ කියලා තමයි ඔවුන් පෙන්නුවේ. මහ බැංකුව හොරා කාලා අගමැතිකමේ ඉන්නත් පුළුවන් ඉතුරු හොරු ටික අත්අඩංගුවට ගන්​ෙන් නැතිව ඉන්නත් පුළුවන් කියන බලය පෙන්නාගෙන හිටියේ. අපි ඒ තුනෙන් දෙකේ බලය නැති කළා. රට විනාශ කරන්න ගේන්න හදපු ව්‍යවස්ථාව අපි නතර කළා. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉන්න අය කියන්න පටන් ගත්තා ලොම් හැලිච්ච නායකයෝ ටික එළවන්න ඕනෑ කියලා. අපි නොවෙයි කිව්වේ යූඑන්පී එක පිපුරුවා. කට්ටියක් කිව්වා රනිල් එළවන්න ඕන සජිත් ගේන්න ඕනෑ කියලා. ආණ්ඩුව ඇතුළෙන් පුපුරලා විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ජයග්‍රහණ පොකුරක් අරගෙන තියෙනවා. අපිට තියෙන්නේ ස්ථාවර ආණ්ඩුවක් ගන්න එක විතරයි.   


• ප්‍රශ්නය:-බහුතරය නැතිව ආණ්ඩුව අර ගැනීම දේශපාලන ළදරු වැඩක් කියලා ඔප්පු වුණා?   


පිළිතුර:- නෑ එහෙම එකක් නෑ. මේක සටනක්. සටනේ එක පියවරක් විතරයි. ඒ සටන අපි ජයග්‍රහණය කළා. අන්තිමට විපක්ෂනායකකම දෙන්න වුණා. ඒ විතරක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ කා එක්කද හිටගෙන ඉන්නේ කියන එක රටට හෙළිවුණා. අනුර කුමාර දිසානායක කඩේ යන්නේ කාටද කියලා ඔප්පු වුණා. තිස්ස අත්තනායක කූඨ ලේඛන හැදුවා කියලා නඩු දැම්මා. ඇත්තටම ​ෙදමළ සන්ධානයත් එක්ක ගිවිසුමක් තියෙනවා කියලා මෙතැනදී ඔප්පු වුණා. පාර්ලිමේන්තුව තුළ විශාලම සටන ගෙනිච්චේ රනිල් වික්‍රමසිංහටත් වැඩිය ඒකේ ඉන්න තරුණ මන්ත්‍රීවරුන්ටත් වැඩිය සුමන්තිරම් සහ දෙමළ ජාතික සන්ධානයයි. ඒ ගොල්ලෝ ආණ්ඩුව තුළ ඉඳගෙන විපක්ෂනායකකම තියාගෙන හිටියා. අණ්ඩුව තුළ ඉඳගෙන අනුර කුමාර විපක්ෂයෙ ප්‍රධාන සංවිධායක විදියට හිටියා. මේවා ඔක්කොම හෙළි වුණා. ඒ නිසා ජයග්‍රහණ රාශියක් ලැබුණා. දැන් අපිට තියෙන්​ෙන් මැතිවරණයක් ගෙන්න ගන්න එක විතරයි. 

 
• ප්‍රශ්නය:-ඒ වුණත් පාර්ලිමේන්තුවේ ගැටුම බලන්න. බල ලෝභය නිසා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් උමතු ලෙස හැසිරුණා. ඒක මුළු රටම දැක්කා. ඔබත් පෙරමුණේම හිටියා?   


පිළිතුර:- ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ කතානායකවරයයි. කතානායකවරයා මේ රටේ නීතියට පටහැනිව කටයුතු කළා. ජනාධිපතිවරයා ගත්ත නීත්‍යානුකූල තීන්දුවක් පිළිගත්තේ නැහැ. ඔහුගේ නායකත්වය තියෙන පාර්ලිමේන්තුවට ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිහි​ ගේන තරමට ඔහු අවස්ථාව දුන්නා. ඔහුගේ හඬ පටයක් තියෙනවා. ‘මට මෙතැන මිනියක් දෙකක් මැරුණත් කමක් නෑ.’ කියලා කියනවා. සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රීතුමා පැමිණිලි කළාම ඔහු උත්තර දෙන්නේ එහෙමයි. ඒ හඬ පටය අප සතුව තියෙනවා. අපි සටන් කළේ පිහි ගෙනාව මන්ත්‍රීවරුන්ව වහාම අත්අඩංගුවට ගන්න කියලයි. පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණයි. පිහි ගෙනාපු අය අත්අඩංගුවට ගත්තා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නෑ. මේකට කතානායකවරයා වගකිව යුතුයි.   


• ප්‍රශ්නය:-ගැටුම පිළිබඳ වාර්තාවක් කතානායකවරයාට බාර දීලා තියෙනවා?   


පිළිතුර:- ඔය ඔක්කොම කරන්නේ බය කරන්න. යූඑන්පිය හැමද‌ාම කළේ මෙල්ල කර ගන්න බය කරන එකයි. එ් නිසා තමයි අලුත් අලුත් උසාවි හදන්නේ. බොරු පැමිණිලි ද‌ාන්නේ. බොරු නඩු ද‌ාන්නේ. ඒ නිසා මේකත් ඒ වගේ දෙයක්. අපි හිතනවා අපි එද‌ා කළේ හරි දෙයක් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්නේ නැති වුණාම ලෝක​ෙය් හැමතැනම මේ වගේ සටන් වෙලා තියෙනවා. මේක අලුත් දෙයක් නොවෙයි. අපි කළේ යුක්තියේ සටන. අපි බයේ හැංගිලා හිටියා නම් රටේ ජනතාව අපිට ගහනවා. අනික් පැත්තෙන් දැක්කද එද‌ා කතානායකවරයා පොලිස් හමුද‌ාවක් අරගෙන ආපු හැටි. කොහේද එහෙම වෙලා තියෙන්නේ. මෙහෙම නාඩගම් නටන පාර්ලිමේන්තුවක් අපි ජීවිතයටවත් දැකලා තියෙනවද? කතානායකවරයා පිස්සුවෙන් වගේ​නේ හැසිරුණේ. ඒ සටන අපි කළ යුතුයි. ජනතාව වෙනුවෙන් ඒ සටන කළ යුතුයි. වැදගත්කම් ගැන කතා කරලා වැඩක් නෑ. ජනතාව පාරට බැස්සා නම් සිද්ධ වෙන දේ බලන්න. ලෝකයේ එහෙම යුක්තිසහගත සටන් ​ෙවලා තියෙනවා. මාලිගා වට කරලා තියෙනවා. එතැනදී හෙව්​ෙව් නෑ පුටුව කැඩුවේ කවුද? පොත්වලින් ගැහුවේ කවුද කියලා. ඒවා හොයන්න කමිටු දැම්මේ නෑ. ජනබලවේගය කියන්නේ ඒකටයි. ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු වෙනුවෙන් තමයි ජනතාව පෙළගැහෙන්නේ. ඒනිසා ඒ සටන වෙනුවෙන් අපිට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරනවා නම් ඉස්සෙල්ලාම කටයුතු කළ යුතු වෙන්නේ පාර්ලිමේන්තුවට පිහි අරන් එන්න ඉඩ දුන්න කතානායකවරයාට එරෙහිවයි. මරා ගත්තත් කමක් නෑ කියලා කියපු කතානායකවරයා තමයි ඉස්සෙල්ලාම අත්අඩංගුවට ගත යුත්තේ. ඊට පස්සේ අපිව අත්අඩංගුවට ගන්න. හැබැයි කතානායකවරයත් එන්න ඕනෑ අපිත් එක්ක රිමාන්ඩ් එකේ ඉන්න.   


• ප්‍රශ්නය:-අලුත් ව්‍යවස්ථාවට තුනෙන් දෙකේ බලය හද‌ාගන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුදලට බා ගැනීමේ සූද‌ානමක් තිබෙන බවට පුවත් පළවුණා. ඔබට කවුරුහරි එහෙම කතා කළාද?   


පිළිතුර:- මගෙත් එක්ක ඕවා කතා කරන්න එන්නෙත් නෑ. ඔවුන් දන්නවා මම කෙළින් ඉන්​ෙන් කොතනද කියලා. මම ඉන්න තැන හරියට කෙළින් ඉන්නවා. ඒ නිසා මට කතා කළේත් නෑ. කතා කරන්න එන්නෙත් නෑ. එහෙම එන අයට දෙන්න ඕන තරම් සල්ලි ඒගොල්ලන්ට තියෙනවා. මහ බැංකු හොරකම් සල්ලි තියෙනවා. හම්බන්තොට වරාය විකිණීමෙන් මහා මුදලක් හොරකම් කළා. ඇතිවෙන්න සල්ලි තියෙනවා. දෙමළ ඩයස්පෝරාවෙන් සල්ලි ලැබෙනවා.   


• ප්‍රශ්නය:- ඔබට ඔබගේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. අපේ අයවත් ගන්න හැදුවනේ. නමුත් බැරි වුණා. ලක්ෂ 500 ඉඳලා 1000 ගියා. ලක්ෂ හාරද‌ාහට ගිහිල්ලා ඇති. ඕක පන්දහටත් නගින්න පුළුවන්. නමුත් මට විශ්වාසයක් තියෙනවා අපේ අය කාවක්වත් බාගන්න බෑ කියලා.   

 

මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන සාකච්ඡා කළ යුත්​ෙත් ජනාධිපතිවරණයට දින නියම වුණාට පස්සෙයි. එතකොට තමයි තීන්දුව හරියට ගන්න පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මේ රටට තව වැඩ ගොඩාක් කරගන්න තියෙනවා. එතුමා නිවැරැදිම වෙලාවට තීරණය ගනී. කවුරු කැමැති වුණත් නැතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසා සියලු දෙනා සාකච්ඡා කරලා බොහොම සමගියෙන් මේ තීන්දුව ගත යුතුයි. එතැන තමයි ජයග්‍රහණය තියෙන්නේ


• ප්‍රශ්නය:-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමහර මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාට අවශ්‍ය පරිදි හැසිරෙන්න ඉඩ තිබෙන බවක් කියවෙනවා?   


පිළිතුර:- එහෙම කතා තියෙනවා. හැබැයි තාම කවුරුවත් සහාය දීලා නෑ. චන්ද්‍රිකා මැතිනියගේ ​ෙරා්ල් එකත් අපි හොඳට දන්නවා. හැබැයි දේශපාලන විඥානය නැති නැවත ඡන්දයකට යන්න බලාපොරොත්තු නොවන කෙනෙක් යාවි. හැබැයි එහෙම අය අප අතර නෑ.   


• ප්‍රශ්නය:- පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන ලොකු සංවාදයක් රටේ තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ කියනවා ‘මම සූද‌ානම්’ කියලා?   


පිළිතුර:- ඔය සංවාද බල රහිතයි කියලයි මම හිතන්නේ ජනාධිපතිවරණයක් නැතිව. ජනාධිපතිවරණයකට තව කල් තියෙනවා. ජනාධිපතිවරණය ආවම අපි සාකච්ඡා කරන්න ඕනෑ. අපිට පක්ෂයක් තියෙනවා. පක්ෂ ගණනාවක් අපිත් එක්ක ඉන්නවා. ඒකේ බහුතරයක් පොහොට්ටුවේ ඉන්නේ. පොහොට්ටුවත් එක්ක පක්ෂ ගණනාවක් තියෙනවා. දැන් අපි එකතු වෙලා ඉන්නවා ජනාධිපතිතුමත් එක්ක. ඒ නිසා මම හිතන්නේ මේක ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කළ යුතු මොහොතක් නොවෙයි කියලයි. ඒක කතා කළ යුතු වෙලාවක් තියෙනවා. ඒ තීන්දුව ගතයුතු වෙලාවක් තියෙනවා. ඒ තීන්දු ඔක්කොම ගත යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. විශාලතම පුළුල්තම දියුණුතම සන්ධානයක් හදලා තමයි ඒ තීන්දුව ගත යුත්තේ. ඒ තීන්දුව දැන් සාකච්ඡාවට බඳුන් නොවිය යුතුයි කියලයි මම හිතන්නේ. ඒක අවශ්‍ය නැති කතිකාවක්. ඒ ගැන කතා කරන්න වෙන පක්ෂ පෙළඹෙව්වට ඒ ගැටයට අපි අහුවෙන්න හොඳ නෑ කියලයි මම හිතන්නේ.  


• ප්‍රශ්නය:- එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ කිව්වේ ‘මම සූද‌ානම්’ කියලා?  


පිළිතුර:- ඔව්. එතුමා එහෙම කියලා තිබුණා. ගිය ඉරිද‌ා ලංකාදීපයේ එතුමගේ සම්මුඛ සාකච්ඡාවත් මම කියෙව්වා. එතුමට එහෙම කියන්න පුළුවන් හැබැයි තීන්දුව ගතයුතු වෙලාවක් තියෙනවා. ඒකට මේ වෙලාව නොවෙයි කියලයි මම හිතන්නේ. මම දන්න දේශපාලනයට අනුව මම අදහන දේශපාලනයට අනුව ඒකට වෙලාවක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා දිහා බැලුවම එතුමා පරිණත දේශපාලනඥයෙක්. එතුමා මේ සියල්ලම තීරණය කරයි. ඒ වෙලාව එනකම් ගෝඨාභය මහත්තයා කතා කළාට කමක් නෑ. ඒක එතුමගේ පෞද්ගලික මතය. නමුත් අපි ඒ ගැන සාකච්ඡා කළ යුතු වෙලාවක් තියෙනවා.  

 

• ප්‍රශ්නය:-ඔබ ප්‍රශ්නය මග හරිනවා?  


පිළිතුර:- නෑ. මේ වෙලාවේ අපේ සටන විය යුත්​ෙත් කුමක්ද? පළාත් සභා ඡන්දය ගන්න ඕනෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැළලිලා තියෙන්නේ. මේ ආණ්ඩුව ඡන්ද තියන්නේ නෑ. ඒ නිසා වහාම ඡන්දය ගන්න ඕනෑ. ඒක ජයග්‍රහණය කළාට පස්​ෙස් අපි බලන්න ඕනෑ මහ මැතිවරණයකට යන්න. ඒ මැතිවරණයට කොහොමද යන්නේ. ඒවයි අපි සාකච්ඡා කළ යුත්තේ. ජනාධිපතිවරණය ආවම ඒ සාකච්ඡාව අපි පටන් ගමු.  


• ප්‍රශ්නය:- ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ නම් අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ? නැවතත් සහෝදර සමාගමක්?  


පිළිතුර:- නෑ. මෙතන පවුලක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ. ඒකයි මම කිව්වේ මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන සාකච්ඡා කළ යුත්​ෙත් ජනාධිපතිවරණයට දින නියම වුණාට පස්සෙයි. එතකොට තමයි තීන්දුව හරියට ගන්න පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මේ රටට තව වැඩ ගොඩාක් කරගන්න තියෙනවා. එතුමා නිවැරැදිම වෙලාවට තීරණය ගනී. කවුරු කැමැති වුණත් නැතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසා සියලු දෙනා සාකච්ඡා කරලා බොහොම සමගියෙන් මේ තීන්දුව ගත යුතුයි. එතැන තමයි ජයග්‍රහණය තියෙන්නේ.  


• ප්‍රශ්නය:-ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා කියලා තිබුණා අපේ අපේක්ෂකයාගේ පුරවැසි ප්‍රශ්නය විසඳිලා කියලා?  


පිළිතුර:- යාපා මහත්තයලාගේ ඒ කතා ඔක්කොම පෞද්ගලික මත දැන්වීම්. මම මේ කතා කරන්නෙත් පෞද්ගලික මතය. නමුත් මම කියන්නේ පක්ෂයයි තීන්දුව ගත යුත්තේ කියලා. සන්ධානයක් හැටියටයි අපි තීන්දුව ගත යුත්තේ. දැන් ඔය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කියලා. තව කණ්ඩායමක් කියන්නේ සජිත් ඕනෑ කියලා. තව අය කියනවා රාජිත ඕනෑ. චම්පික ඕනෑ කියලා. කරු ජයසූරියගේ නමත් කියනවා. නවීන් දිසානායක කියනවා තරුවක් ගේන්න ඕනෑ කියලා. ඒකත් පවුලක්නේ. මාමයි බෑනයිනේ. පවුල් ගන්නවා නම් හැම පැත්තෙම පවුල් තියෙනවා. හැම පක්ෂයකම ඔය ප්‍රශ්නය තියෙනවා. අපේක්ෂකයෝ ගණනාවක් ඉන්නවා.  

 

ජනතාවට සහන දෙන්න බැරි​ වෙච්ච නායකයෝ අද සහන දෙනවා කියනකොට මිනිස්සු හිනා වෙනවා. ප්‍රාදේශීය සභා ඡන්දය වෙලාවෙත් කිව්වනේ අරවා දෙනවා, මේවා දෙනවා කියලා. ඒත් මිනිස්සු ඡන්දය දුන්නද? මේ මිනිසුන්ව රවටන්න බෑ. මේ රට වේගයෙන් ආපස්සට යනවා. එහෙම ආපස්සට යන රට ගොඩගන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි


• ප්‍රශ්නය:- ඔබේ කණ්ඩායමේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ගෝඨාභයට විරුද්ධයි?  


පිළිතුර:- ඔව් එතුමා කියලා තිබුණා ජනාධිපති අපේක්ෂකත්වයට එයත් සුදුසුයි කියලා. එක එක්කෙනා එක එක දේවල් කියනවා තමයි. පහුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අන්තිම මොහොතේ දී ආවේ.  


• ප්‍රශ්නය:-ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළොත්?  


පිළිතුර:- ඒ නිසා තමයි මම කිව්​වේ ඒක ඒ වෙලාවේ තීරණය කළ යුතුයි කියලා. එතුමා ආවොත් සන්ධානය හරහනේ ඒක තීරණය විය යුත්තේ.  


• ප්‍රශ්නය:- මේ ප්‍රශ්නයට කෙළින් උත්තරයක් දෙන්න. බැරිවෙලාවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ඔහුගේ සටන ඔබලාගේ අතට ගන්නවාද?  


පිළිතුර:- මහින්ද රාජපක්ෂ මහත්තයා තීරණය කරන්නේ මොකක්ද අපි එතැන හිට ගන්නවා.  


• ප්‍රශ්නය:- ලොකු සහන දෙන අයවැයක් එනවා කියලා ආණ්ඩුව කියනවා?  


පිළිතුර:- සහන දුන්නනේ මේ ගොල්ලෝ. සේනා දළඹුවා ආවනේ. ගොවීන් අනාථයිනේ. මොනවද දීලා තියෙන සහන. අයවැය එනකන්ම ඉන්න ඕනෑ නැහැනේ. මේ ආණ්ඩුවේ හදවතක් තියන මිනිස්සු නෑ. එහෙම හදවත් තිබුණු නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ හිටියා. ඩඩ්ලිලා, ඩී.එස්ලා එහෙම නායකයෝ. දැන් එහෙම නායකයෝ නැහැ. සාලාව අවි ගබඩාව ගිනි ගත්තා. ඒ මිනිසුන්ට තවම වන්දි දීලා නෑ. කෑගල්ල දිස්ත්‍රික්කය නාය ගියා. ගංවතුරට යට වුණා. වගාවන් හත් වතාවක් විනාශ වුණා. මීතොටමුල්ල කුණු කන්දට යටවෙලා මිනිස්සු මැරුණා. ඒ ජනතාවට සහන දෙන්න බැරි​ වෙච්ච නායකයෝ අද සහන දෙනවා කියනකොට මිනිස්සු හිනා වෙනවා. ප්‍රාදේශීය සභා ඡන්දය වෙලාවෙත් කිව්වනේ අරවා දෙනවා, මේවා දෙනවා කියලා. ඒත් මිනිස්සු ඡන්දය දුන්නද? මේ මිනිසුන්ව රවටන්න බෑ. මේ රට වේගයෙන් ආපස්සට යනවා. එහෙම ආපස්සට යන රට ගොඩගන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි.  

• ප්‍රශ්නය:- මේක මැතිවරණ වසරක් මෙන්ම නඩු තීන්දු ප්‍රකාශයට පත් කෙරෙන වසරක් කියලත් කියනවා. මොකක් වෙයිද?  


පිළිතුර:- ඔව් අපි දැක්කා අලුතෙන් උසාවි හදනවා. මහ රෑ උසාවි ඇරලා නඩු ඇහුවා. අපි විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනයි කියලා. අපි තාමත් ඒක තරයේ විශ්වාස කරනවා. මේ රටේ ජනතාවට සාධාරණය ඉටු කරගන්න තියෙන එකම තැන අධිකරණය විතරයි. නමුත් අපි දැක්කා ඒ අධිකරණයට ඇඟිලි ගහන්න හදපු විදිය. අවුරුදු විස්සේ තිහේ නඩු තියෙද්දී දේශපාලන පළිගැනීමේ චේතනාවෙන් පැමිණිලි ද‌ාලා නඩු හදලා හිරේ ද‌ාන්න හැදුවා. දැන් ම​ෙග් නඩු ටික බලන්න. නඩු දෙකකින් මාව නිදොස් කර නිදහස් කළා. දවස් හැත්තෑ හතරක් මාව හිරේ ද‌ාලා තිබුණා. වරදක් නොකර. මොකක්ද හේතුව දේශපාලනය. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක දේශපාලනය කිරීම. ඒකම විතරයි හේතුව. බැඳුම්කර හොරු ටිකත් හිරේ ද‌ාලා නඩු අහනවා නම් මේ ගොල්ලෝ සාධාරණයි කියලා අපිට හිතන්න තිබුණා. එහෙම නෑ. අල්ලස් කොමිසමට අපි පැමිණිලි 10ක් කරලා තියෙනවා. වචනයක් ඒ ගැන කතා කරන්නේ නෑ. විපක්ෂයේ ඉන්න දක්ෂ කථිකයන්ට ගහනවා. විපක්ෂය වෙනුවෙන් කතා කරන කථිකයන්ට ගහනවා. හාමුදුරුවන්ව හිරේ ද‌ානවා. රට වෙනුවෙන් පෙනී ඉන්න මාධ්‍යයට ගහනවා. තර්ජනය කරනවා. ඒ නිසා අපට විශ්වාස කරන්න පුළුවන් එකම තැන අධිකරණය පමණයි. මොන බලපෑම් ආවත් ඒ ස්වාධීනත්වය රැක ගනී කියලත් අපි විශ්වාස කරනවා. අග්‍රවිනිශ්චයකාරතුමා හා විනිශ්චයකාරවරුන් අභීතව බලපෑම්වලට යටත් නොවී කටයුතු කරයි කියලා අපි තරයේම විශ්වාස කරනවා.

 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්