පාර්ලිමේන්තුවට ඕනෑ තරම් බෙහෙත් තියෙනවා


පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට ඔෟෂධ සැපයීම නතර කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කිරීමට සම්බන්ධව පාදකවූ හේතු කාරණා විමසමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි.  

 


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයට බෙහෙත් සැපයීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නතර කරලා?  
පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. බෙහෙත් තියෙනවා ඕනෑ තරම්. මම ගිහිල්ලා ඇහුවා. අපේ මන්ත්‍රීවරු ඇමැතිවරු එකක් කියන්නේ මෙඩිසින් කියන්නේ මොකද්ද කියන්න දන්නේ නෑ. හැබැයි ඒ ගොල්ලෝ හිතනවා මන්ත්‍රී කෙනෙක් වුණාම ඔක්කොම දන්නවා කියලා. ඒකයි පළමුවැනි කාරණය.  


ප්‍රශ්නය:- ඇයි ඔබ එහෙම කියන්නේ?  
පිළිතුර:-දැන් බලන්න? අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා කියනවා මගෙත් එක්ක ”මෙට්​ෙෆාමින්” නැහැලු. මං කිව්වා “ඔව් නැහැ තමයි” කියලා. මෙට්​ෙෆාමින් කියන්නේ වෙළඳ නාමයක්. ඊට පස්සේ ඉඳන් කිව්වා “ග්ලුකොමැට් නැහැ” කියලා. මං කිව්වා “ග්ලුකොමැට්” කියන්නෙත් වෙළෙඳ නාමයක්. මහාචාර්ය සේනක බිබිලේ කියන්නේ” ඔය වෙළෙඳ නාම පාවිච්චි කරන්න එපා. ඖෂධීය නම පාවිච්චි කරන්න කියලයි.   

 


ප්‍රශ්නය:- ඒක දැනට ක්‍රියාත්මකයි  
පිළිතුර:- ඔව්! තව අවුරුදු දෙකක් යනකොට මම මගේ ‘කොලිටි ලැබ්’ එක හැදුවට පස්සේ දැන් ලංකාවේ පාවිච්චි කරන්නේ ඒ වෙනුවට “ජෙනරික්ස්.” හරි පාර්ලිමේන්තුවෙ වෛද්‍ය මධ්‍යස්ථානයෙත් ඖෂධ නාමය තියෙන බෙහෙත් තියෙනවා. ඒ ඖෂධ නාමයම තමයි රෝහල්වල තියෙන්නේ. අපි රජයක් විදියට බෙහෙත් ආනයනය කරලා බෙදාහරින්නේ රෝහල්වලට ඖෂධ නාමයෙන්. වෙළෙඳ නාම නෑ අපිට.   

 


ප්‍රශ්නය:- ඖෂධ නාමයෙන් තියෙන බෙහෙත් ඔක්කොම තියෙනවා?  
පිළිතුර:- ඔව් ඔක්කොම තියෙනවා. නමුත් අපේ මන්ත්‍රිවරු ඇමැතිවරු පෞද්ගලිකව බෙහෙත් ලියාගෙන ඇවිල්ලා තුණ්ඩු දෙනවා. මේ තුණ්ඩු බාර ගන්න කියලා හිටපු කතානායකවරුන්ගේ ඉල්ලීම පිට ඇමැතිවරුන්ගේ ඉල්ලීම පිට අපේ ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැතිවෙලා ඉන්න කාලේ ඕඩරයක් ගහලා තියෙනවා තාවකාලිකව ඒවා දෙන්න කියලා.  

 


ප්‍රශ්නය:- රාජ්‍ය ඔෟෂධ සංස්ථාවට රුපියල් කෝටි එකහමාරක් විතර ගෙවලා නැති නිසා බෙහෙත් සැපයීම නතර කරලා කියලයි වාර්තා වෙන්නේ!  
පිළිතුර:- මම කියාගෙන ආවේ ඒක තමයි. ඒ තුණ්ඩුවලට බෙහෙත් දුන්නා කියලා අද විගණකාධිපතිගේ විමර්ශනයට ලක්වෙලා තියෙනවා. ඉතින් හරි! විගණකාධිපති එහෙම අහන එක සම්පූර්ණයෙන්ම හරි. දැන් කවුරු හරි නව ​ෙලා්කයෙන් තුණ්ඩුවක් අරගෙන ආවම මහ ​ෙරා්හලෙන් බෙහෙත් දෙනවද? නැහැනේ. මහ රෝහලෙන් බෙහෙත් දෙන්නේ මහ රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කරන බෙහෙත් විතරයි. එතැන බෙහෙත් ඕනෑ තරම් තියෙනවා. නමුත් පිටින් ගේන තුණ්ඩුවලට බෙහෙත් දෙන්නෙ නෑ. මෙතැන වෙලා තියෙන්නේ පිටින් ගේන තුණ්ඩුවලට ආණ්ඩුව සල්ලි වියදම් කරලා තියෙනවා. දැන් මිලියන 18කද කොහේද බිලක් ඇවිත්. මේ බිල අමාත්‍යංශයෙන් ගෙවලා කොටසක් ​ෙගවාගෙන යනකොට විගණකාධිපති අහලා තියෙනවා. “මේ තුණ්ඩුවලට කොහොමද සල්ලි දුන්නේ” කියලා. ඒ නිසා ඒ නිලධාරින් දැන් බයයි ඒවට සල්ලි ගෙවන්න. මට කියන්න පුළුවන්ද නෑ ගෙවන්න කියල. එහෙම රටේ නීති කඩන්න අපට අයිතියක් දීලා නැහැනේ.  

 


ප්‍රශ්නය:- දැන් ඒ ප්‍රශ්නයෙ අලුත්ම තත්ත්වය  
පිළිතුර:- මට ඇවිල්ලා කිව්වම මම කිව්වා “සල්ලි ගෙවීම නතර කරන්න වහාම” කියලා. මමත් රාජ්‍ය සේවයෙ අවුරුදු 15ක් ඉඳලනේ ආවේ. මම දන්නවනේ රාජ්‍ය සේවයේ කරන්න පුළුවන් ඒවා මොනවද බැරි ඒවා මොනවද කියලා. රටේ විගණනයට විරුද්ධව අපට යන්න බැහැනේ. මුදල් ගෙවීම නතර කරලා මම කතානායකතුමාට කිව්වා මේ සල්ලි ගෙවන්න බෑ. විගණන වාර්තාවක් ඇවිත් තියෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාවට මුදල් ගෙවාගෙන ඇවිත් තියෙනවා. නමුත් දැන් ගෙවන්න බෑ.  

 


ප්‍රශ්නය:- එතකොට මොකද වෙන්නේ?  
පිළිතුර:- රාජ්‍ය ඔෟෂධ සංස්ථාවට ඒක අලාභයක් වේවි. කරන්න දෙයක් නැහැ. හැබැයි මම නම් කාටවත් නිලධාරින්ට කියන්නේ නෑ මේ සල්ලි ගෙවන්න කියලා. මොකද ඒක නීති වරෝධි වැඩක්. ඒක තමයි තත්ත්වය. ඒ ඇරෙන්න හැම ඖෂධයක්ම පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තියෙයනවා. පාර්ලිමේන්තුවේ විතරක් නොවෙයි, කැබිතිගොල්ලෑව, පදවියද, කල්මුණේද කිලිනොච්චියේද, මුලතිව්වලද ඔය හැම තැනකම කිසිම අඩුවක් නැතිව බෙහෙත් තියෙනවා.  

සටහන - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්