දයාසිරි ජයසේකර මහත්තයා කියන ඒවා අපි මොකටද ගණන් ගන්නේ?


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
මහින්දානන්ද අලුත්ගමගේ   

 

රටේ අලුත් දේශපාලන තත්ත්වයත් සමග පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාමාර්ග මොනවාද?  
මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

 

• ප්‍රශ්නය: රටේ දේශපාලනය කාල බෝම්බයක් වගෙයි. කොයි වෙලාවේ පුපුරලා යයි ද කියන්න බෑ.  


පිළිතුර: ඔව්. ඊට මූලික හේතුව තමයි මේ වෙනකොට රට පත්වෙලා තියෙන තත්ත්වය. රටක පැවැත්මට මූලිකවම බලපාන කාරණය තමයි ජාතික ආරක්ෂාව. ඕනෑම රටක ජාතික ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැත්නම් රටේ පැවැත්ම පිළිබඳව විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ. අද රටේ ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක්වෙලා. ඒනිසා රට ඒ හරහා බරපතළ අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටිලා.   


තව පැත්තකින් රටේ ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක්වෙලා. තව පැත්තකින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ මේ ආර්ථික කඩා වැටීම දෙගුණ තෙගුණ වෙලා. රට ලෙහා ගන්න බැරි පඹ ගාලක පැටලිලා තියෙන්නේ. දේශපාලන අර්බුදය උග්‍රවෙලා.   


ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර නයි මුගටි දේශපාලනයක් ක්‍රියාත්මක වෙන්නේ. මේ සියල්ලම කැටිකර ගත්තම රට ඉතාම ව්‍යාකූල තත්ත්වයක තියෙන්නේ. ඒ එක්කම තීරණාත්මක මැතිවරණයකට තව තියෙන්නේ මාස හයයි. ඒ තමයි ජනාධිපතිවරණය. මේ ආණ්ඩුවට මොන මැතිවරණ කල් දැම්මත් ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නෑ.   

 

අපි රිෂාද්ට විරුද්ධව විශ්වාසභංගය ගෙනාවා. ඒකෙන් ආණ්ඩුව දෙදරුවා. ආණ්ඩුව ඉරිතැලුවා. ආණ්ඩුව ඇතුළේ බරපතළ අර්බුදයක් ඇති වුණා. ඒක විසඳා ගන්න ඇමැතිවරු ඉල්ලා අස්වුණා. ඒ ඉල්ලා අස්වීම ඇතුළේ ඊට වඩා බරපතළ අර්බුද මතුවෙලා.


• ප්‍රශ්නය:ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් තියන්න සූදානමක් තියෙනවා.   


පිළිතුර: ජනමත විචාරණයක් ගෙනාවට 19 වැනි සංශෝධනයට අනුව ජනමත විචාරණයකින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න බැහැ. අනිවාර්‌යෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගන්න ඕනෑ. ඒ නිසා විශ්වාස කරනවා මේ මොහොතේ පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොව රටට අවශ්‍ය වන්නේ ශක්තිමත් ආණ්ඩුවක්. ශක්තිමත් නායකයෙක්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයක් පමණයි.   


• ප්‍රශ්නය: නමුත් ඔබලා කිය කියා හිටියේ ආණ්ඩුව විසුරුවන්න. ඉක්මන් මැතිවරණයකට යන්න කියලයි.   


පිළිතුර: දැන් තියෙන්නේ අලුත් තත්ත්වයක්. මේ වෙලාවේ ජනමත විචාරණයකට ගිහින් මහ මැතිවරණයකට ගියොත් රටට එන්නේ අස්ථාවර ආණ්ඩුවක්. බහුතරයක් නැති ආණ්ඩුවක්. විවිධ පුද්ගලයන්ගෙන් යැපෙන්න වෙන ආණ්ඩුවක්. ඒක සුදුසු නෑ. ලංකා ඉතිහාසයෙ මේ මැතිවරණ ක්‍රමය තුළ දෙවරයි ස්ථාවර බලයක් සහිතව ආණ්ඩු පිහිටුවල තියෙන්නේ. ඒ දෙකම ජනාධිපතිවරණයක් තියලා ඒ ජනාධිපතිවරණ ජයග්‍රහණ සැණින් පවත්වපු පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි බහුතර ආණ්ඩු හැදුවේ.   
ඒ නිසා මේ වගේ කොර ගහන, ඇදගෙන යන ආණ්ඩුවක් නොවෙයි මේ වෙලාවේ රට ගොඩනගන්න සමත් ආයෝජකයෝ පැමිණෙන ඔවුන්ගේ විශ්වාසය ගොඩනැගීමට සමත් ආණ්ඩුවක්. ඒකට ශක්තිමත් ජනාධිපතිවරයෙක් පළමුව පත්කර ගත යුතුයි.   


• ප්‍රශ්නය: ඔබ දන්නව ද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් තියෙනව කියලා?   


පිළිතුර: එ් සම්බන්ධයෙන් විවිධ කතා තියෙනවා. නමුත් විපක්ෂයක් හැටියට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි දේශපාලන වාසි ගන්න ගියේ නෑ. ඔබට මතකයි යුද්ධය අවසන් කාලයේ එක්සත් ජාතික පක්ෂය යුද්ධය හෑල්ලු කරපු ආකාරය. එදා එක්සත් ජාතික පක්ෂය යුද්ධය විවේචනය කරපු ආකාරය. හැබැයි මේ වෙලාවේ විපක්ෂනායකතුමා රටට ආදර්ශයක් ලබා දුන්නා. මේ වෙලාවේ මේ ප්‍රශ්නය දේශපාලනීකරණය කරන්න යන්නේ නැතිව රට වැටිච්ච වෙලාවේ රට ගොඩගන්න සහාය දිය යුතුයි කියලා.   
අගමැතිවරයා කැඳවපු රැස්වීමට විපක්ෂනායකතුමා ගියා. ජනාධිපතිවරයා කැඳවූ ආරක්ෂක කවුන්සිලයට ගියා. අපිට තිබුණා මේක විවේචනය කරමින් රටපුරා උද්ඝෝෂණ තියලා රජයට ඉල්ලා අස්වෙන්න කියන්න. එහෙම කළා නම් මේ වැටිච්ච රට තවත් වැටෙනවා. හැබැයි එහෙම වුණා නම් තව මාස හයකින් මේ රට ගත්තාම අපටයි යන්න බැරිවෙන්නේ.   
ඒ නිසා විපක්ෂනායකතුමා ඉතාම පැහැදිලිව මේ තත්ත්වය රටට කිව්වා. රට තුළ ජාතිවාදී ගැටුමකට අවශ්‍ය පරිසරය හදන්න එතුමා උත්සාහ කළේ නෑ. සියලු දෙනා සමථයකට පත්කර ගනිමින් වැටිච්ච රට ගොඩගන්න පුළුවන් ආකාරයේ සහයෝගයක් එතුමා ලබා දුන්නා.   


• ප්‍රශ්නය:මුස්ලිම් ඡන්ද නැතිවෙයි කියන බයට එහෙම කළා නොවෙයි?   


පිළිතුර: මුස්ලිම් ඡන්ද අපට ලැබුණේ කොහොමත් අඩු ප්‍රතිශතයක්. එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් ඡන්ද දිහා බලාගෙන තමයි මේ ප්‍රශ්නය කළමනාකරණය කළේ. අපි එහෙම දේශපාලන වාසි බලාගෙන කටයුතු කළා නම් රිෂාද් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංගයක් ගේන්නේ නෑ. බදුර්දීන් ඇමැතිතුමාට විශ්වාසභංග යෝජනාව ගේන්න යෝජනා කළේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ වෙනුවෙන් සියලු කටයුතු සංවිධානය කළේ එතුමායි. ඒනිසා ඔය ඔබ කියන විදිහේ අරමුණකින් විපක්ෂනායකතුමාවත් අපේ පාර්ශ්වයත් කටයුතු කළේ නෑ. අන්තවාදීන්ට උදව් කරපු අයට දඬුවම් දිය යුතුයි කියන ස්ථාවරයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නේ.   


ඒ වෙනුවෙන් එතුමා පෙනී හිටියා ඒ අන්තවාදී පිරිසක් කරපු අපරාධයක් පදනම් කරගෙන සමස්ත මුස්ලිම් ජනතාවට අසාධාරණයක් නොවිය යුතුයි කියන ස්ථාවරයෙ එතුමා ඉන්නවා.   


• ප්‍රශ්නය:ආණ්ඩුවක් පිහිටුවනවා නම් ඒ ආණ්ඩුවේ බදුර්දීන්ලා ඉන්න බැහැ කියලා පොහොට්ටුව ඇතුළෙන්ම හඬක් මතුවෙලා.   


පිළිතුර: පැහැදිලියි. මුස්ලිම් පක්ෂ නොවෙයි. රිෂාද් බදුර්දීන් කියන පුද්ගලයා මත තමයි මේක කියන්නේ. ඔහු අන්තවාදයට හා ත්‍රස්තවාදයට උදව් කළා කියලා චෝදනා තියෙනවා. එ්නිසා මේ චරිතය අපි හදන ආණ්ඩුවක් ඇතුළේ ඉන්න බෑ කියන ස්ථාවරයෙ අපි ඉන්නවා. රිෂාද් බදුර්දීන් ඇමැතිවරයා පමණක් එහෙම ඉන්න බෑ.   

 

එක්සත් ජාතික පක්ෂය ඇතුළෙම දැවැන්ත බල අරගලයක් තියෙනවා. සජිත්ව ජනාධිපති අපේක්ෂක කරන්න වෙනම මෙහෙයුමක් යනවා. රනිල්ව දාන්න වෙනම ​ෙමහෙයුමක් යනවා. ඒ අතරේ කරු තව ගමනක් යනවා.


• ප්‍රශ්නය: ඔබ චෝදනා ගැන කතා කළා. චෝදනාවලින් දමලා ගහනවා. ඊට පස්සේ මුකුත් නෑ. මේවා මාධ්‍ය සංදර්ශන නොවෙයිද?   


පිළිතුර: අපි විපක්ෂයක් හැටියට මීට වඩා මොනවද කරන්න තියෙන්නේ. අපි ගහන්න ඕනෑ තැනට නියම බෝම්බෙ ගැහුවා.   


අපි රිෂාද්ට විරුද්ධව විශ්වාසභංගය ගෙනාවා. ඒකෙන් ආණ්ඩුව දෙදරුවා. ආණ්ඩුව ඉරිතැලුවා. ආණ්ඩුව ඇතුළේ බරපතළ අර්බුදයක් ඇති වුණා. ඒක විසඳා ගන්න ඇමැතිවරු ඉල්ලා අස්වුණා. ඒ ඉල්ලා අස්වීම ඇතුළේ ඊට වඩා බරපතළ අර්බුද මතුවෙලා.   


කබීර් හෂීම් ඇමැතිවරයා යළි දිවුරුම් දුන්නා. මුස්ලිම් පක්ෂ අතර අර්බුදයක් හැදිලා. ඔවුන් සියලු දෙනාම රිෂාද්ට චෝදනා කරනවා. දැන් ඔවුන් රිෂාද්ට කියනවා ඔබට තිබුණේ ඉල්ලා අස්වෙන්න. ඔබ අප සියලු දෙනාම පාවා දුන්නා කියලා දැන් මුස්ලිම් ඇමැතිවරු අතර ලොකු අර්බුදයක්. ආණ්ඩුව ඇතුළේ ලොකු අර්බුදයක්.   


නිරෝෂන් පෙරේරා රාජ්‍ය ඇමැතිතුමා කියනවා පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් වූයේ නැත්නම් ආණ්ඩුවේ පැවැත්ම අනතුරුදායකයි කියලා. ඉතින් ඒනිසා අපි ගහන්න ඕනෑ තැනට ඇනේ ගහලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ පිපුරුම අපි ආරම්භ කරලා තියෙන්නේ.   


අපට උවමනා නෑ මිනිස්සු පාරට ගෙන්නලා ජාතිවාදී කෝලාහලයක් දිහාවට මේක හරවන්න. අපට එහෙම විනාශයක් දකින්න අවශ්‍ය වුණේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ විපක්ෂනායකතුමා හරි තැනට නියම වෙලාවට නියම ඇනේම ගැහුවා.   


• ප්‍රශ්නය: පොහොට්ටුවේ ප්‍රබලයන් කියනවා ගෝඨාභය රාජපක්ෂ දඩයම් කිරීමේ උත්සාහයක ආණ්ඩුව ඉන්නවා කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ?   


පිළිතුර: ආණ්ඩුවට තියන ලොකුම භය ගෝඨා භය. හැමෝම ගෝඨාභයට භයයි. මොකද ඔහු තමයි රටම ඉල්ලන නායකයා. ඔහු තමයි මේ වෙලාවේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය වෙච්ච ජාතික ආරක්ෂාවට තියෙන හොඳම උත්තරය. ජාතික ආරක්ෂාවට සහතිකයක් දෙන්න පුළුවන් හොඳම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ විතරයි. ඒනිසා රටම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ඒනිසා ඔහුගේ ප්‍රතිවාදීන් සියලු දෙනාම ඔහුට භය වෙලා. ඒනිසා ඔහු දඩයම් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් යනවා.  
හැබැයි ඒ මොන දඩයම් කිරීමකට ගියත් අධිකරණය කෙරෙහි අපට විශ්වාසයක් තියෙනවා. එතුමාට දාලා තියෙන්නේ බොරු චෝදනා මත පදනම් වූ නඩුවක්. ඒනිසා අධිකරණය කෙරෙහි අපට ලොකු විශ්වාසයක් තියෙනවා.   

 

මුස්ලිම් ඡන්ද අපට ලැබුණේ කොහොමත් අඩු ප්‍රතිශතයක්. එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් ඡන්ද දිහා බලාගෙන තමයි මේ ප්‍රශ්නය කළමනාකරණය කළේ. අපි එහෙම දේශපාලන වාසි බලාගෙන කටයුතු කළා නම් රිෂාද් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංගයක් ගේන්නේ නෑ


• ප්‍රශ්නය:ඒක බොරු චෝදනාවක් නම් නඩුව පවරපු ගමන් ගිහින් ගෝඨාභය සල්ලි ගෙව්වේ ඇයි?   


පිළිතුර: එතුමා මුදල් වියදම් කරලා තියෙනවා. ඒ වගේම මුදල් නැවත ගෙවලත් තියෙනවා. ඒනිසා රජයට මුදලක් වැය වෙලා නෑ. සාමාන්‍යයෙන් එතුමා ඒ කොන්ත්‍රාත් දීපු ආයතනය රජයේ හා ​ෙපෟද්ගලික ආයතනවල කොන්ත්‍රාත් ලබා ගන්නවා. ඒ සඳහා ගෙවීම් කරනවා. ඒ ආයතනය රජයේ වැඩ විතරක් කරපු ආයතනයක් නොවෙයි. ඒ මුදල් නොගෙවා තිබුණා නම් තමයි ගැටලුව. නමුත් ඒ මුදල් ගෙවලා ඒ සමාගමට අවුරුදු 10-15 පමණ මුදල් ගෙවීම් කරන්න කොන්ත්‍රාත් තියෙනවා. නමුත් ආණ්ඩුව කිව්වේ මොකක්ද?   
2015 දී මොනවද කිව්වේ. හයිවේ රොබරි, මෙගා ඩීල්, ලැම්බෝ ගිනි, විදේශ ගිණුම් කෝ් ඒවා. තමන්ගේ මාපියන්ගේ සොහොන හදන්න සල්ලි වියදම් කරපු එකකටනේ මේ නඩු දාලා තියෙන්නේ. කොයිතරම් බංකොලොත් ද කියලා බලන්න.  


• ප්‍රශ්නය: ගෝඨාභය රාජපක්ෂ මේ මොහොත වනවිටත් ඉන්නේ සිංගප්පූරුවේ රෝහලක?  


පිළිතුර: ඔව්. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එතුමා සිංගප්පූරුවේ රෝහලකට ඇතුළු වෙලා තියෙනවා. සති තුනකින් ඒ සියලු කටයුතු අවසානයි. එතුමා දැන් ඉතාම සුවෙන් පසුවෙනවා. තව සුමාන දෙකකින් විතර එතුමා ලංකාවට ඇවිත් රටේ දේශපාලන කටයුතුවල වෙනදාට වැඩිය ජවයකින් ආරම්භ කරනවා. අවුරුදු 10කින් එතුමා තරුණ වෙලයි ලංකාවට එන්නේ. ඒනිසා වෙනදාට වඩා ජවයකින් එතුමා ක්‍රියාත්මක වෙනවා.   


• ප්‍රශ්නය: පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මං හිටියා නම් ඔහොම වෙන්නේ නෑ කියලා ගෝඨාභය කිව්වා. ඒ සම්බන්ධයෙන් සමාජයෙ විශාල විරෝධයක් ආවා.   


පිළිතුර: ඒක වැරදි අර්ථ නිරූපණයක්. ඔහුගෙන් රොයිටර් මාධ්‍යවේදියා පාස්කු ප්‍රහාරය ගැන බොහෝ ප්‍රශ්න අහලා ඒ ඉන්ටවිව් එක ඉවර වුණාට පස්සේ අහනවා ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද කියලා. එතුමා නැහැ කියලා කියන්නද? ඔහුගෙන් අහපු ප්‍රශ්නයට එතුමා කියනවා ඔව් මම සූදානම් කියලා. එච්චරයි.   


ඒ පාස්කු ප්‍රහාරයත් එක්ක ලෝකයේ හැම මාධ්‍යයක්ම කතා කළේ එතුමාට. ඒ අහපු එක ප්‍රශ්නයක් අල්ලාගෙන ඔහුට චෝදනා එල්ල කරන එක සාධාරණ නෑ. ඒ වෙලාව වෙනකොට ඊළඟ ජනාධිපති අ​පේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියන එක අ​ෙප් පක්ෂය තීරණය කරලත් ඉවරයි. රටම පිළිඅරගෙනත් ඉවරයි. ඉතින් ඒක ආයෙමත් රොයිටර්ට කියන්න අවශ්‍ය නෑ. එහෙම නම් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එතුමාට බොහොම ආඩම්බරයෙන් තවත් කොච්චර දේවල් කියන්න තිබුණා ද?   


• ප්‍රශ්නය: ජනාධිපති මෛත්‍රීට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ගෝඨාභය රාජපක්ෂ හිර කිරීමේ උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ඉන්නවා.   


පිළිතුර: විවිධ කතා පතුරවලා සමාජ ජාලාවල යනවා. මම විශ්වාස කරන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා මොනම හේතුවකටවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදිරිව යයි කියලා. ​මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හිටගන්න තියෙන එකම තැන අපිත් එක්ක පමණයි.   


මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කඳවුර අපේ කඳවුර පමණයි. අපි මත දෙකකින් වෙන්වෙච්ච පිරිසක්. එක්සත් ජාතික පක්ෂය කවදාවත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සමාවක් දෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය දැඩි වෛරයකින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා එක්ක ඉන්නේ. එහෙම නම් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ඉදිරියේ දී දේශපාලනය කරන්න කඳවුරු දෙකයි තියෙන්නේ. ඒ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒනිසා එතුමාට හොඳම කඳවුර තමයි අපේ කඳවුර.   


අපි දැක්කා දින 52 ආණ්ඩුවේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා එක්ක කට යුතු කළ ආකාරය. ඒනිසා මහින්ද මෛත්‍රී අතර ළෙන්ගතුකමක් දැඩි සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් මෛත්‍රී රනිල් අතර තියෙන්නේ දැඩි වෛරයක්. ඒනිසා කිසිසේත් අපි විශ්වාස කරන්නේ නෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ තිඹිරිගෙයට පිටුපායි කියලා.   

 

දයාසිරි ජයසේකර නමට ලොක්කෙක් වුණාට අපි නම් එතුමා කියන ඒවා ගණන් ගන්නේ නෑ. දයාසිරි මහත්තයගේ ප්‍රකාශ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ලොකු විවේචන තිබෙනවා.   
ඔබ දැක්කනේ ඔහු මාධ්‍ය සාකච්ඡාවක දී කිව්වා අගවිනිසුරු ඉවත් කරලා හරි අධිකරණයෙන් අහනවා කියලා ඔහු තමන්ගේ පක්ෂයේ නායකයාට පක්ෂ කෙනෙක්ද? එහෙම පක්ෂ කෙනෙක් නම් ඔහොම කියයි ද? දැන් ජනාධිපතිවරයට මත විමසීමක් කරන්න අවශ්‍ය වුණත් ඒක කරන්න බෑනේ. ඒනිසා දයාසිරි ජයසේකර මහත්තයා ගිරවෙක් වගේ කියන කතාවලට අපි උත්තර දිය යුතු නැහැ.​


• ප්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර කියන්නේ අගමැති අපේක්ෂකත්වය මහින්දට දීලා ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට දිය යුතුයි කියලයි.   


පිළිතුර: දයාසිරි ජයසේකර මහත්තයා කියන ඒවා අපි ​ෙමාකටද ගණන් ගන්නේ. දයාසිරි ජයසේකර නමට ලොක්කෙක් වුණාට අපි නම් එතුමා කියන ඒවා ගණන් ගන්නේ නෑ. දයාසිරි මහත්තයගේ ප්‍රකාශ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ලොකු විවේචන තිබෙනවා.   


ඔබ දැක්කනේ ඔහු මාධ්‍ය සාකච්ඡාවක දී කිව්වා අගවිනිසුරු ඉවත් කරලා හරි අධිකරණයෙන් අහනවා කියලා ඔහු තමන්ගේ පක්ෂයේ නායකයාට පක්ෂ කෙනෙක්ද? එහෙම පක්ෂ කෙනෙක් නම් ඔහොම කියයි ද? දැන් ජනාධිපතිවරයට මත විමසීමක් කරන්න අවශ්‍ය වුණත් ඒක කරන්න බෑනේ. ඒනිසා දයාසිරි ජයසේකර මහත්තයා ගිරවෙක් වගේ කියන කතාවලට අපි උත්තර දිය යුතු නැහැ.   


• ප්‍රශ්නය: පොහොට්ටුව හා ශ්‍රී ලංකා එක අතර සාකච්ඡාත් ඔහේ ඇදි ඇදී යනවා.   


පිළිතුර: සාකච්ඡා කෙරෙමින් පවතිනවා. අපි අතර කිසි අර්බුදයක් නැහැ. මොනවා කළත් අවසානයේ අපි දෙගොල්ලෝ එකට එකතු විය යුතුයි. පොදු හතුරා වන එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට දෙපාර්ශ්වය එකට එකතු විය යුතුයි. ඒනිසා නියම වෙලාවට මේ පක්ෂ දෙක එකතු වෙයි.   


• ප්‍රශ්නය: දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ​ෙයා්ජනාව අසාධාරණ නැහැ. ඔබලා ඒ යෝජනාවට එකඟ නැත්නම් ශ්‍රී ලංකා එකට කොහොමද සාධාරණය කරන්නේ.   


පිළිතුර: ඇයි මොකක්ද ප්‍රශ්නය. අපි මේ එක ගෙදර හිටපු මිනිස්සුනේ. අපි එකම ලැයිස්තුවෙන් ඡන්දෙ ඉල්ලන මිනිස්සුනේ. 2015 අගෝස්තු 17 වැනිදා එක කඳවුරේ එක පක්ෂයේ එක වේදිකාවේ එක පාටින් ඇඳපු මිනිස්සුනේ අපි. මොකක්ද අපිට බෙදා ගන්න බැරි. ඒගොල්ලන්ගේ ආසන තවම එහෙම තියෙනවා. ඒවට අපි අලුතෙන් කාවවත් පත් කරල නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ මෙතැනට ඇවිත් හිටගන්න විතරයි.   


• ප්‍රශ්නය:ඇමැති රාජිතත් තමන්ගේ විරෝධය ආණ්ඩුවට එළිපිට ප්‍රකාශ කළා. චීන සිගරට් ගෙනාවොත් ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියලා මේ විරෝධය ගැන ඔබේ තක්සේරුව.   


පිළිතුර: රාජිත සේනාරත්න ඇමැතිවරයා පිළිබඳ තක්සේරුවක් නැත. ඔහු සිගරට් ගැන නෙවෙයි, ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයට කරලා තියෙන අපරාධය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටට කියලා තිබුණා. ඔහු ඔෟෂධ ගෙන්වීම තුළින් පමණක් බිලියන 20ක් පාඩු කරලා තියෙනවා.   


එක්සත් ජාතික පක්ෂය ඇතුළෙම දැවැන්ත බල අරගලයක් තියෙනවා. සජිත්ව ජනාධිපති අපේක්ෂක කරන්න වෙනම මෙහෙයුමක් යනවා. රනිල්ව දාන්න වෙනම ​ෙමහෙයුමක් යනවා. ඒ අතරේ කරු තව ගමනක් යනවා. එ් අතර චම්පික රණවකත් වෙනම ගමනක් යනවා. රනිල්ට දුන්නොත් සජිත්, චම්පික, කරු වැඩ කරන්නේ නැහැ. සජිත්ට දුන්නොත් රනිල්, කරු, චම්පික වැඩ කරන්නේ නැහැ. කරුට දුන්නත් එහෙමයි. චම්පිකට දුන්නත් එහෙමයි. යුඑන්පිය ඇතුළේ කඳවුරු හතරක් තියෙනවා. එකකට දුන්නොත් අනික් කඳවුරු තුනම විරුද්ධ වෙනවා.   


• ප්‍රශ්නය:ඔබේ කඳවුරේ තත්ත්වයත් එයට වෙනසක් නැහැ?  


පිළිතුර: නෑ. එක කඳවුරයි. එක අපේක්ෂකයයි. ඒ සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නෑ.   

 

තුරුම්පු කිසිවක් අවශ්‍ය නැත. සියලු දේ අවසන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි අපේ ජනාධිපති අ​ෙප්ක්ෂකයා. ඒ මැතිවරණයේ මූලික මෙහෙයුම බාරව කටයුතු කරනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු කමිටුව. ඒකට නායකත්වය දෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා


• ප්‍රශ්නය:සජිත් අාවොත් අමාරුවෙයි කියලා හිතෙන්නේ නැද්ද?   


පිළිතුර: කිසිසේත්ම නැහැ අපිට සජිත් ප්‍රේමදාස මහත්තයා නොවෙයි මේ වෙලාවේ කවුරු ආවත් අපිට කිසිම අභියෝගයක් නැහැ. අපි ඉදිරිපත් කරන නායකයා මේ රටේ සියලු අර්බුදවලට මුහුණ දෙන්න පුළුවන් නායකයෙක්. මේ රටේ ජාතික ආරක්ෂාව සුරකින මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්, රට දැවැන්ත සංවර්ධනයක් කරා ගෙනියන්න පුළුවන්, වැඩ කළ හැකි ගෞරවනීය නායකයෙක් දෙන්නේ අපි. එය කළ හැක්කේ අපිට විතරයි. ඒනිසා කවුරු ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ.   


• ප්‍රශ්නය: යුඑන්පියෙන් තරුණ හොඳ අපේක්ෂකයෙක් අාවොත් මම සහාය දෙනවා කියලා ජනාධිපති මෛත්‍රී කිව්වා කියලා මාධ්‍ය වාර්තා කළා.   


පිළිතුර: ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගිහින් කිව්වා යුඑන්පී විරෝධී පෙරමුණකින් තරග කරන්න කියලා. ඉතින් ඒනිසා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් වෙනුවෙන් ඒ වේදිකාවට මෛත්‍රීපාල ජනාධිපතිවරයා නගී කියලා අප හිතන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ අපි දැක්කා එතුමට විරුද්ධව විශාල විවේචන තියෙනවා. විවිධ කතා කිව්වා. ඒනිසා මම විශ්වාස කරන්නේ නැහැ. මම දන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක නැවත දීග කයි කියලා.   


• ප්‍රශ්නය:ගෝඨාභය රාජපක්ෂට එන්න බැරිවුණොත් ඊළඟ තුරුම්පුව බැසිල් රාජපක්ෂ?   


පිළිතුර: නැත. තුරුම්පු කිසිවක් අවශ්‍ය නැත. සියලු දේ අවසන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි අපේ ජනාධිපති අ​ෙප්ක්ෂකයා. ඒ මැතිවරණයේ මූලික මෙහෙයුම බාරව කටයුතු කරනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු කමිටුව. ඒකට නායකත්වය දෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒනිසා මහින්ද බැසිල් ගෝඨාභය කියන ත්‍රිත්වය අතර අර්බුද හදන්න ගියාට එහෙම අර්බුදයක් නැත.   


මේ වෙනකොටත් නෙළුම් මාවතේ අපේ පක්ෂ මූලස්ථානයේ ජනාධිපතිවරණය සඳහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් බැසිල් රාජපක්ෂ මහත්තයා කරනවා. ඒනිසා ඒ ගැන කිසි ගැටලුවක් නෑ. කිසිදු විකල්ප නැත. රට ඉල්ලන විකල්පය ගෝඨාභය රාජපක්ෂ. අපි ඉන්නේ ගෝඨාභය සමගයි.   


• ප්‍රශ්නය: ඔබේ පැරැණි මිතුරා කුමාර වෙල්ගම මහතා කියනවා ගෝඨාභය කියන්නේ ඒකාධිපතියෙක් කියලා.   


පිළිතුර: වෙල්ගම මහත්තයා කරන්නේ රනිල් මහත්තයාගේ කොන්ත්‍රාත් එකක්. මං ඒක හැමදාම කියනවා. වෙල්ගම ජනාධිපතිවරණයේ දී යූඑන්පී වේදිකාවේ හිටියොත් ඒක පුදුම වෙන්න දෙයක් නොවෙයි.   


• ප්‍රශ්නය: ඔබ හිතනවා ජනාධිපතිවරණය අනිවාර්‌යෙන්ම එයි කියලා.   


පිළිතුර: ඔව්. රටේ නීතිය වෙනස් කරන්න බෑ. නියත වශයෙන්ම ජනාධිපතිවරණය එනවා. 

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්