ආණ්ඩුව කයිවාරු ගැහුවට මැතිවරණ තියන්නේ නෑ


වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සමඟ කළ සාකච්ඡාවකි මේ.

 

මන්ත්‍රීතුමා රටට මොකද වෙන්නේ?

මේ ආණ්ඩුව රට ඉතාම අවදානම් අඩියකට ගෙනියමින් ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ක්‍රමයෙන් ඇකිළෙමින් යනවා. පළාත් පාලන ආයතනවල පැවැත්ම හමාර කරලා ඒවා බලධාරීන්ට බාරදීලා අවුරුදු දෙකක් ගත වුණානේ. ඒ විදියටම ආණ්ඩුකාරවරුන්ට බාරදෙන්නයි යන්නේ. මේ අය කයිවාරු ගහන හැටියට මැතිවරණ නොපැවැත්වීම තමයි අපට තියෙන ප්‍රශ්නය. ඒ ගැන තමයි අපිට තියෙන ප්‍රධාන දුක්ගැනවිල්ල.  


ඒකාබද්ධ විපක්ෂය ඡන්ද ක්‍රමයේ වෙනස්කම්වලටත් විරුද්ධයි. ඊට පස්සේ ඒවා කල් යනකොට ඒවටත් කෑ ගහනවා. ඇයි මේ කොට්ඨාස ක්‍රමේට විරුද්ධ?  

අපිට කොට්ඨාස ක්‍රමය ගැන විවේනයක් නෑ. අපිට ප්‍රශ්නෙ ඡන්ද නොපැවැත්වීම.  


ඔබලා පනතට විරුද්ධ වුණේ එහෙනම්?  

 ඒක කොට්ඨාස ක්‍රමය ගේන්න අරගෙන ආ පනතක් නෙවෙයි. එබඳු මුහුණුවරින් ගෙන ආ පළාත් සභා ඡන්දය නැති කිරීමේ පනතක්. මේ පනතෙන් පළාත් සභා අහිමි කිරීමේ උත්සාහයක් තියෙනවා. වෙන දෙයක් තමයි මේ ගොල්ලො රටට කියන්නේ. මේ පනතේ තියෙන යෝජනාවල ප්‍රශ්නයක් නෑ. අපිත් කිව්වා මේවා නීතිගත කරලා ක්‍රියාත්මක කරමු කියලා. හැබැයි එහෙම කියලා පළාත් සභා ඡන්ද නොතියා ඒවා අකුළන්න දෙන්න බෑ. අපි මේවා ගැන කියපු දේවල් හරියට බීරි අලින්ට වීණා වැයුවා වාගේ.  


අගමැතිවරයා දිගින් දිගටම කියනවා හැකි ඉක්මනින් ඡන්දය පවත්වනවා කියලා. ලබන වසර මුලවෙද්දී මේක කෙරෙයි කියලා ඔය කියන්නේ?  

 අපෝ ඒ පොරොන්දු ගැන කතා කරලා වැඩක් නෑ. එයාගේ පොරොන්දුවල වටිනාකම තුට්ටු දෙකයි. මම මේක ඊයේ පාර්ලිමේන්තුවෙදිත් කිව්වා. අගමැතිවරයාගේ පොරොන්දු තුට්ටු දෙකයි.  


ඡන්ද ක්‍රමය හරියට හරිගස්සගෙන ඡන්ද තියන්නනේ ආණ්ඩුවත් මහන්සි ගන්නේ?  

 මේ ඡන්ද ක්‍රමේ කිසිම අවුලක් නෑ. අවුල් වෙලා තියෙන්නේ ආණ්ඩුවට ඡන්දයට මුහුණ​ෙදන්න බැරිකම. ක්‍රමවල අවුලක් තියෙනවා කියමු. ඒවත් ඉක්මනට හදාගෙන යමු. ඒක පිට දාලා ඡන්ද මේ තරම් ප්‍රමාද කරන්න දෙන්න බෑ. ක්‍රමේ අවුලක් කිය කියා ආණ්ඩුව ඡන්ද කල් දාන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි ආණ්ඩුව හොඳටම දන්නවා ඡන්දය තිව්වොත් පරදින්න වෙනවා කියලා. ඒකයි වෙන වෙන කතා කියලා හැංගිමුත්තන් කරන්නේ. මේවා මේ ආණ්ඩුවේ කූට ප්‍රයෝගයක්. මේ ආණ්ඩුව ගැන අපිට නම් තුට්ටු භාගෙක විශ්වාසයක් නැ.  


හිරේ ඉඳපු හිටපු ජනාධිපතිගෙ ලේකම් සහ විදුලි සං​දේශ කොමිසමේ සභාපති ඇප පිට එළියට ආවා.  


ඕක අධිකරණ ක්‍රියාදාමයට අයිති කාරණයක්. ඒක අධිකරණ ක්‍රියාවලිය තුළම තීරණය වෙන්න ඕන දෙයක්. ඒ ගැන අපිට කතා කරන්න දෙයක් නෑ. ඒවා ගැන අපිට ප්‍රශ්න කරන්න අවශ්‍ය නෑ. අපිට මේ ගැන ඉදිරිපත් කරන්න පුළුවන් සාධාරණ නෛතික විවේචනයක් තියෙනවා නම් ඒවා අදාළ තැන්වලට යොමු කරනව මිසක් ඕවා ගැන තැන තැන කතා කරලා වැඩක් නෑ. මේවා දේශපාලන ප්‍රශ්න විදියට මම හිතන්නෙත් නෑ. බාර ගන්නෙත් නෑ. දඬුවම් ලැබුණා වගේම දැන් ඇප ලැබුණා. දෙකම අධිකරණ ක්‍රියාවලියෙන් සිද්ධවුණු දෙයක්.  

 

 

ඒ පක්ෂෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත් මම තාම දැකලා නෑ. පක්ෂයක වටිනාකම තියෙන්නේ ඔය ලියවිලිවලම නෙවෙයි ඒ අය ක්‍රියා කරන ආකාරයට තමයි ඒ අය පිළිබඳ තීරණය කරන්න වෙන්නේ. අපි බලමු ඒ අය මොන විදියටද වැඩ කරන්නේ කියලා. ජී.එල්. පීරිස්ගෙ සභාපතිත්වයෙන් හැදෙන ඒ පක්ෂය එක්ක අපිට සන්ධානගත වෙන්න පුළුවන් වෙයි.

 

 දැන් එතකොට ඒකාබද්ධ විපක්ෂය මුල්වෙලා හාමුදුරුවරුන් එකතු කරගෙන පිඬු සිඟා ගත්තු සල්ලි ටිකට දැන් මොකද කරන්නේ?  

 ඒක ඉතිං හාමුදුරුවන්ගේ වැඩක්නේ. මං දන්නේ නෑ මේව කාගේ අනුදැනුමට සිද්ධවුණු දේවල් ද කියලා. හාමුදුරුවරු මේ මුදල හොයන්න කියලා පිඬු සිඟා ගියා. ඒක මට වරදක් විදියට පේන්නෙ නෑ. මගේ ළඟට ආව නම් මමත් කීයක් හරි දෙනවා. මගේ ළඟට නම් ආවෙ නෑ. මොකද මේ මුදල ගෙවන්න ඒ දෙන්නට නෑනේ.  


අපි නම් දැක්කෙ ඒ පිඬු සිඟා වඬින වැඩේ පෙරමුණේම ගියේ ඒකාබද්ධ විපක්ෂෙ කියන කණ්ඩායමේ අය...  


ඔබ එහෙම කියනවා නම් මම ඔබත් එක්ක තර්ක කරන්න යන්නේ නෑ.  


 ඔබ මේ පිඬු සිඟා වඩින වැඩේට හවුල් නැද්ද?

අනේ නෑ. මම ඕකට හවුල් වුණේ නෑ. ඒක හාමුදුරුවරු කරපු වැඩක් විදියටයි මම දැක්කේ. ඒකට අපි මැදිහත් වෙන්න ඕනැ නෑ.  

ඒකාබද්දෙටත් මේවා ගැන එකඟතාවක් නෑ, ඒ කියන්නේ?  

බොහෝ දේවල් ගැන අපි හැමෝම එකඟ වෙන්නේ නෑ. අපි අතරෙත් විවිධ වාද විවාද තියෙනවා. හැබැයි ඒ ප්‍රතිවිරෝධයන් එක්ක වුණත් මේ සන්ධානය තුළ අපිට එකට කටයුතු කරන්න පුළුවන්.  


 අරුන්දික ප්‍රනාන්දු විපක්ෂෙ වාඩි වුණා. එයා කයිවාරු ගැහුවෙ නම් සෙට් එකක් එක්ක ආණ්ඩුවෙන් එළියට බහිනවා කියලා.  


 එනවා කියපු අය ටිකෙන් ටික එයි. ඒ ගැන කලබලයක් නෑ. එන නොඑන එක කවද කොහොම කෙරෙයිද කියලා අපිට අනාවැකි කියන්න බෑ. අපි බලාගෙන ඉඳිමු.  


මහින්ද රාජපක්ෂ හදන අලුත් පක්ෂෙට වාසුදේව නානායක්කාරගෙ සහයෝගය කොහොමද?  

ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට හදන පක්ෂයනේ. අපිට අපේ පක්ෂයක් තියෙනවනේ. අපි අපේ පක්ෂයේ ඉඳගෙන අලුතෙන් හැදෙන පක්ෂය එක්ක වැඩ කරන්න සූදානම්. ඒක මැද මාව​ෙත් පක්ෂයක්. අපි වමේ පක්ෂයක්. ඒ අතර සන්ධානයක් තමයි ඉදිරියේදී ඇතිවෙන්නේ.  


 ඔය හැදෙනවා කියන අලුත් පක්ෂය ගැන ඔබට පැහැදීමක් තියෙනවද?  

තාම ඒ ගැන හරි අවබෝධයක් නෑ. ඒ පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි ඒ ගැන බලන්න වෙන්නේ. ඒ පක්ෂෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත් මම තාම දැකලා නෑ. පක්ෂයක වටිනාකම තියෙන්නේ ඔය ලියවිලිවලම නෙවෙයි ඒ අය ක්‍රියා කරන ආකාරයට තමයි ඒ අය පිළිබඳ තීරණය කරන්න වෙන්නේ. අපි බලමු ඒ අය මොන විදියටද වැඩ කරන්නේ කියලා. ජී.එල්. පීරිස්ගෙ සභාපතිත්වයෙන් හැදෙන ඒ පක්ෂය එක්ක අපිට සන්ධානගත වෙන්න පුළුවන් වෙයි.  


 රාජපක්ෂ ආණ්ඩුවේදිත් ඔබලට ප්‍රශ්නයක් වුණා කියපු බැසිල් රාජපක්ෂත් ඒ පක්ෂයෙ ලොක්කෙක්ලු නේද? පුළුවන්ද එකට වැඩ කරන්න?  

ඕන තරම් අපහසුකම් දේශපාලනය කරද්දී තියෙනවා. අපහසුකම් කියලා මේවා අතඇරලා යන එක නෙවෙයි වැඩේ. අමාරුකම් මැද හරි වැඩ කිරීමයි වැදගත්. ඒකම තමයි අපිට තියෙන අභියෝගය. පොදු එකඟතාවයන්වලදී අපිට සිදුවෙන අපහසුකම් විඳගන්නත් පුළුවන් වෙන්න ඕනෑ.

 
 ඒකාබද්ධ විපක්ෂය මේ ආණ්ඩුවට කිය කිය හිටියේ කියපු විදියට හොරු ඇල්ලුවද කියලා. වංචා දූෂණවලට හවුල් වෙච්ච අයට දඬුවම් දුන්නම ඒකටත් විරුද්ධව හාමුදුරුවරුත් එක්ක පාරට බහිනවා. මොකක්ද මේකෙ තේරුම?  

මම නම් වංචා දූෂණවලට හවුල්වෙච්ච අයට 

 

 

මම නම් වංචා දූෂණවලට හවුල්වෙච්ච අයට දඬුවම් දෙන එකට විරුද්ධ නෑ. මම නම් කියන්නේ අධිකරණයේ කටයුතු අධිකරණයට කරන්න ඉඩ දෙන්න ඕන කියලා. අපි අපේ දේශපාලන කටයුතු වෙනම කරගෙන යමු. 

 

දඬුවම් දෙන එකට විරුද්ධ නෑ. මම නම් කියන්නේ අධිකරණයේ කටයුතු අධිකරණයට කරන්න ඉඩ දෙන්න ඕන කියලා. අපි අපේ දේශපාලන කටයුතු වෙනම කරගෙන යමු. අධිකරණ තීන්දුවක යම් වැරැද්දක් තියෙනවා නම් ඒක නෛතික පදනමක් මත විවේචනය කරමු.  


ඔබ ඔහොම කිව්වට ඒකාබද්ධ විපක්ෂය මේවා තමන්ගේ දේශපාලන වාසියට හරවාගෙන නේද?  

 ඒ ගැන මම මතයක් ප්‍රකාශ කරන්න කැමැති නෑ. අපි වෙන වැදගත් දෙයක් ගැන කතා කරමුකෝ.  
ඒකාබද්ධයේ කට්ටිය ජනතාවට කිය කිය යනවා පෝය ගණන් කර කර ඉන්න ආණ්ඩුව පෙරළලා පෙන්නන්නම් කියලා. ඡන්දයක්වත් නැතුව මේ 

 

ජනතා විමුක්ති පෙරමුණ කොහොමද මේ ආණ්ඩුව වට්ටන්න කතා කරන්නේ. ඒ ගොල්ලොනේ මේ ආණ්ඩුව වත්තම් කරගෙන ඉන්නේ. ඒ අයට වට්ටනවා කියන එකයි වත්තම් කරනවා කියන එකෙයි වෙනස තේරුම් ගන්න බෑ මං හිතන්නේ. 

 

විදියට මිනිස්සු අන්දන එක හොඳද?  

මේ ආණ්ඩුව පෙරළිය යුතුමයි. ඒත් ඒක අපේ හදිසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට කරුණු පෙළ ගැහෙන්න ඕන. ඒකට පසුබිම සැකසුණු ගමන් ආණ්ඩුව පෙරළන්න පුළුවන්. දැන් අපි ඒ සඳහා අවශ්‍ය බලවේග සූදානම් කරගෙන ඉන්න ඕන.  


ඔබ ආණ්ඩුව පෙරළන්න කතා කළාට ආණ්ඩුව 2025 ටත් ප්‍රතිපත්ති සකස් කරනවා.  


 ඒ කරන්නේ මේ අය 2025 වෙනකම් ඉන්නවා කියලා ජනතාවට අඟවන්නනේ.

 
 2020 මේ ආණ්ඩුව වට්ටලා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවනවා කියලා ජනතා විමුක්ති පෙරමුණත් බලමුළු සූදානම් කරනවා. ඔබලට ලොකු තරගයක් තියෙනවා දැන්?  

ජනතා විමුක්ති පෙරමුණ කොහොමද මේ ආණ්ඩුව වට්ටන්න කතා කරන්නේ. ඒ ගොල්ලොනේ මේ ආණ්ඩුව වත්තම් කරගෙන ඉන්නේ. ඒ අයට වට්ටනවා කියන එකයි වත්තම් කරනවා කියන එකෙයි වෙනස තේරුම් ගන්න බෑ මං හිතන්නේ. ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුව රකින ගමන් වට්ටන්න කතා කිරීම විහිළුවක්.  


පහුගිය කාලේ මේ ආණ්ඩුවෙ වැඩවලට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ විපක්ෂ වෙච්ච ආකාරය විමසලා බලන්න.  


 ඒකාබද්ධෙ වැඩි දෙනෙකුටත් දූෂණ චෝදනා තියෙනවා. මේ වගේ පිරිසකට මේ රටේ මිනිස්සු ආපහු ඉක්මනින් බලයක් දෙයි කියලා හිතනවද?  

දෙයිද නැද්ද කියලා මං දන්නේ නෑ. අපි උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවෙන් බැට කන ජනතාවගේ හඬ මතු කරන්න. අපි දන්නේ නෑ ජනතාව මේකට කොයි විදියේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. ඒක බලාගන්න පුළුවන් ඡන්දයක් තිව්ව නම්. ආණ්ඩුවට ඒ ගැන මොකක් හරි ඉඟියක් තියෙන නිසා වෙන්න ඇති ඡන්දවලට නොයා ඉන්නේ.  

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි