හැම රැසක්ම බුදුරැස් නෙවෙයි දේවතා එළි කියා දෙයක් නෑ


 

“ආනන්ද හාමුදුරුවෝ කිව්වාම ඔබ වහන්සේ දිලිසෙනවා කියලා. බුදු හාමුදුරුවෝ දේශනා කළා “ආනන්ද,  බුද්ධ  සිරුර දිළිසෙන අවස්ථා දෙකක් තියෙනවා.” එකක් බුදු වෙනකොට. අනිත් එක පිරිනිවන්පානකොට කියලා දේශනා කළා. 


ඉතින් ධාතුන් වහන්සේලා ඉන්න තැන්වල, චෛත්‍ය  කොත්වල බුදු රැස් විහිදෙනවා කියන්නේ කොහොමද?
මේ විදිහට මිනිස්සු රවටන්න හොඳ නැහැ. ඒ නිසා මේ ඇස්වලට පෙනෙන එළි බුදු රැස් හෝ දෙවිවරු කියලා හිතන්න  එපා.”
බණ්ඩාරවෙල කිතල්ඇල්ල, රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනාධිපති  මඩවල උපාලි හිමියෝ  එසේ පවසති.


කලක් විද්‍යා ගුරුවරයෙක් ලෙස සේවය කළ මඩවල උපාලි හිමියෝ ඉන්පසු පැවිදි ජීවිතය ආරම්භ කර ඇති අතර දිගින් දිගටම විවිධ විද්‍යාත්මක හා දාර්ශනික පර්යේෂණ සිදුකරමින් සිටින යතිවරයෙකි.


උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවකින් මෙම විශේෂාංගය සකස් කෙරිණ.


“මම පැවිදි වෙන්න කලින් විද්‍යා ගුරුවරයෙක්. මම තවමත් විවිධ පර්යේෂණ කරනවා.නියම බුදුදහම විද්‍යාත්මකවත්  සනාථ වෙනවා. ජායාරූකරණය කියන්නේත් විද්‍යාත්මක දෙයක් මෙන්ම කලාවක්.  ඒකත් හරි අවබෝධයකින් නොකළොත්  වැරැදි ආකල්ප දෙන්න පුළුවන්. මේ ඡායාරූප මගින් පෙන්වන බුදුරැස් හා දේවතා එළි ඒ වගේ මුලාවක්.


දැන් මේ ජායාරූපකරණය දන්න අයත් පින්තුර ගන්නවා.


ඔවුන් ජායාරූප ශිල්පීන්.


 තව කට්ටියක් ඉන්නවා, කැමරාවක් ගත්තා පින්තූරයක් ගහනවා. කැමරාවක් පරිහරණය කරනකොට දැනගත යුතු හුඟක් කරුණු 
තියෙනවා.


ඒකේ සිද්ධාන්ත වගයක් තියෙනවානේ. හැම කැමරාවකම ලෙන්ස් එකක් තියනවා. ඒ ලෙන්ස් ඒකට ඉස්සරහින් තියන ආලෝකයක් එන්නේ. ආලෝකයක් නැති තැන ගන්න බැහැ. එතකොට ආලෝකය ලෙන්ස් ඒක ඇතුළට වැටෙනකොට යම් කිසි ප්‍රතික්‍රියා වගයක් 
තියෙනවා.


 පිටින් එනකොටත් ඒ රූපය ඇහැටවැටෙන  විදිහට වැටුණට ඒ පිටින් එන රූපය ඒ කැමරාවේ ලෙන්ස් එක මතින් ඇතුළට යනකොට එක එක සිද්ධි වගයක් වෙනවා. 


ඒක තමයි දැන් අද කාලයේ දෙවිවරු කියලා හරියට පත්තරවලත් අපිට දකින්න ලැබෙන්නේ.


 මාධ්‍යවලත් කියනවා දෙවිවරු කියලා බෝල, වගයකට කැමරාවකින් මේ වැටෙන්නේ කවුරුවත්, දෙවිවරුන්ගේ මුහුණක්, නහයක්, ඇස් දෙකක්, තියන එහෙම දෙයක් නෙවෙයි. මේ ඔක්කොම බොරු. ඉතින් මේ බෝල ගැන අපි නිකම් හොයලා බලන්න නැතිව දෙවිවරු කියලා කියන ඒක හරි අපරාධයක්. 


මොනවද මේ බෝල කියලා හොයගන්න ඕනෑ. ඒ නිසා මේ කැමරාකරණය ඉගෙනගන්න ඕනෑ.  ආලෝකය  මේ කැමරාවට වැදුණාම මේ කැමරාවේ ලෙන්ස් එකෙන් මේක හරියට නාබි ගතකරලා දෙනවා. පින්තුරේ ඒ නාබිගත 
නොවෙනවා. කැමරාවට කිට්ටුවෙන්ම යන දෙවල්. එතකොට කිට්ටුවෙන්ම කුඩා අංශුවක් ගියොත් කැමරාව ඉදිරියෙන් මිලිමීටරයක් විතර මේ කැමරාවට මේක නාබිගත කරගන්න බැහැ.


 එතකොට මේ ගොඩක් නාබිගත හැඩය ගන්න බැහැ කියන්නේ බෝල හැඩය ගන්නවා. දැන් සමහර අය දැකලත් ඇති පහනක් ෆෝකස් ගත්තාම ඒ පහනේ එළිය බෝලයක් වගේ පේනවා. රූපවාහිනියෙත් එයාල කිට්ටු කරල ගන්නවනේ එක එක දේවල් පහන වගේ හොඳට දැල්ල වගේ පේනවා. පොඞ්ඩක් අවුට් ඔෆ් ෆෝකස් උනාම  වෙනම චිත්‍රයක්.


ඉතින් ඒක කැමරාවල හැකියාව අනුවත් වෙනස් වෙනවා. එක ලක්ෂණයක් මේ කැමරාව ළඟින්ම ලෙන්ස් එකට සමහර ඒවට වීදුරු දාලා ඒ වගේ එක එක අංශු හැප්පෙනවා? 


මොනවද  මේ?  මේ අංශු ඒකක තමයි දූවිලි විශාල ප්‍රමාණයක්. 


දූවිලි මේ අහසේ හුඟක්විට සෙනඟ ගැවසෙන තැන්වල හුඟක් තියනවා.


අනිත් එක ජල බිංදු, ජල වාෂ්ප කැමරාවට වැටෙන්නේ නැහැ. ජල බිංඳුත් මේ හුඟක්විට මිදුම ඒ අවස්ථාවල අර්ධතාවය වැඩි උනාම වාතයේ ජල බිංදු හැදෙනවා.


ඒ ජල බිංදු මේ කැමරාවේ ඉස්සරහා වදිනවා. ඒවා තමයි අනිත් බෝල. පාට නැති සුදු පාට බෝල. අර පාට පාට බෝල වදින්නේ අර දුහුවිලි අංශු. ඊළඟට පරාග.


මෙන්න මේ තුළ තමයි දැනට ඔය කැමරා ඉදිරියේ බෝල හැටියට දක්නට ලැබෙන්නේ. කාට හරි මේක සැක නම් මේ පරීක්ෂණය කරන්න.


පාපිස්සක් අරගෙන, ටිකක් ඇවිදපු පාපිස්සක්, අලු_ත් පාපිස්සක් නෙවෙයි කකුල් පිහදාපු පාපිසි අරගෙන රෑට  ඒක එළියට අරගෙන මේකට ලීයකින් ගහන්න. ගහලා කැමරාව දුවිලි අස්සේ තියලා  ජායාරූප ගන්න. කැමරාව දුවිලි අස්සට කරලා ගන්න. අනිත් පැත්තට අහස පසුබිමට අහස හිටවගන්න එතකොට ගොඩාක් බෝල තියෙනවා.


 අර ජාතියේ බෝල ගොඩක් තියෙනවා. ඉතින් මේවා දෙවිවරුද දේවතාඑළිද? මේ නොමගයාම හරිම ශෝචනීය තත්ත්වයක්.
පිටරටවලත් ඔහොම කැමරාකරණය දන්නේ නැතිව පින්තුර ගත්තට පස්සේ බෝල වැටිලා තිබුණා.


ඒක ඕනෑම රටක වෙන සිදුවීමක්. ඊට පස්සේ මේ කැමරා හදන ආයතවලට දුරකථන ඇමතුම් දුන්නා, අපේ මේ අලු_ත් කැමරාවල බෝල වදිනවා, හරි කරදරයක්. ඒ ගොල්ලො දෙවිවරු වගේ වන්දනා කරන්න ගියේ නැහැ.


මේක හරි කරදරයක්? මොකක්ද මේකට කරන්නේ? එයාලා මේක ගැන හෙවුවා. ඊට පස්සේ එයාලා හොයලා ඒගොල්ලොත්  කිවුවේ අර දුවිලි අංශු කතාවම තමයි. 


ඉතින් ඊට පස්සේ එයාලා බැලුවා ඇයි එහෙම වැටෙන්නේ කියලා.


 ඊට පස්සේ කිව්වා ඒක නැති කරන්න ඕනනම් මෙහෙම කැමරාවෙන් ගන්න කියලා. කොහොමද? කැමරාවෙ විශාල එළියක් සපයා දෙන ෆ්ලෑෂර් එක ළඟ තිබුණාම මේවා 
වැදෙන්නේ ඒ නිසා මේ ෆ්ලෑෂර් එක  අඩි දෙක තුනක් ඈතින් අල්ලන්න. එතකොට ඔය බෝල වදින්නේ නැහැ.


එහෙම ගත්තාම බෝල වැටෙන්නේ නැහැ. කාටහරි සැකනම් කැමරාවේ තියන ෆ්ලෑෂර් කරන ඒක වෙනුවට වෙන කැමරාවක ෆ්ලෑෂර් එකක් අරන් පින්තූර ගන්න.


 එහෙම නැතිනම් කැමරා දෙකක් එක ළඟ තියාගෙන ඔය පේනවා කියන දවසක හරි ඒ කැමරා දෙකෙන්ම දෙවිදියට ජායාරූප ගන්න.


එකක් වැටෙනවා එකක වැටෙන්නේ නැහැ. ඒ හේතුව තමයි මේ කැමරා දෙකටම ෆෝකස් වන්නේ නැහැ. ඉස්සරහ තියන ඒකනේ 
වැටෙන්නේ. ඉතින් ඒත් සැකනම් ඊට ඉස්සරහින් විදුරුවලින් සිලින්ඩරයකින් වහන්න.


 කැමරාවේ කාචය සාමාන්‍යයෙන් අඟල් දෙකක් තුනක් ඉස්සරහින් තියෙද්දි සිලින්ඩරයකින් වහලා පින්තුර ගන්න. එතකොට මේ බෝල එන්නෙත් නැහැ. 


අපි මේ ගැන පරීක්ෂණ 
කරනකොට මෙහෙමත් කළා. ඒ දවසේ වාතයේ තියන සාපේක්ෂ අර්ධතාවය කොච්චරද?  තෙතමනය තියනවද?  මීදුම තියෙනවද? කියලා මැනලා උෂ්ණත්වයත් මැනලා රෑ වේලාවත් මැනලා මේවා ඔක්කොම වෙන වෙනම ජායාරූප ගතකළා.


 මම බුද්ධගයාවේදී පින්තුරයක් ගත්තා. බුදු හාමුදුරුවන්ගේ සම්පූර්ණ සිරස වටා සම්පූර්ණ රැස් වළල්ලක් වගේ ජායාරූපයක් ආවා.
මේ සමහරු බුදුරැස් කියයි. ඕක දෙවි කෙනෙක් කියලා කියයි.


මම එතනම තව ජායාරූප ගත්තා. එහෙම අරන් මම එන ගමන් ගස් කොළන්වලත් ගත්තා. ඊට පස්සේ මම වැසිකිළිවලත් ගත්තා. හැමතැනම ඒ බෝල තියෙනවා. හෝටල්වලත් ගත්තා ඒත් තියනවා.


ඒ නිසා මේක ආගමික දෙයක් නොවෙයි. ඒ නිසා මේවා ආගමත් ඒක්ක පටලවාගන්න එපා. ඒ නිසා කැමරා ගැන ඉගෙන ගන්න. මේ කැමරාවට ඇයි මෙහෙම වෙන්නේ කියලා ඉගනගන්න. මොකක් හරි බෝලයක් හැටියට නෙවෙයි වැටෙන්නේ. ඒ කැමරාවේ හැප්පෙන දෙවල්, ඉස්සරහා විදුරුවේ හැප්පෙන දෙවල් පේන හැටි.


කැමරාවලින් තවම පින්තුර ගන්නේ 
ද්විමානවයි. ත්‍රිමානව නෙවෙයි. එතකොට ද්විමාන පින්තුරයක මේ දුර හොයන්න බැහැ.


 ගහකට මුවා වෙන එකක් කවදාවත් මුවා වෙන්නේ නැහැ. ගස්වලට ඉස්සරහින්මයි 
තියෙන්නේ. ගහකට මුවා උනොත් ඒ පැත්තේ කවුරුහරි ඉන්නවා නම් එහෙම බෝල පේන්නේ නැහැ. 


චෛත්‍යවල කොත්වල රැස් විහිදෙනවා කියනවානේ. කොත් වළල්ලෙන් රැස් විහිදෙන්න පුර්‍ළුවන්. හැබැයි බුදු රැස් කියන්න එපා. මොකද බුදුහාමුදුරුවන්ගේ රැස් විහිදුණු අවස්ථා බුදු හාමුදුරුවෝ දේශනා කළා. ආනන්ද හාමුදුරුවන්ට. පිරිනිවන් පාන්න හදනකොට, ආනන්ද හාමුදුරුවෝ ඇහුවා ඔබවහන්සේ දිළිසෙනවා කියලා.


 ඊට පස්සේ බුදුන්වහන්සේ දේශනා කළා, ආනන්ද, බුද්ධ සිරුර දිළිසෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් බුදුවෙනකොට කිවුවා. අනිත් එක පිරිනිවන්පානකොට කිවුවා. ජීවත්වෙනකොට නැහැනේ.


ඉතින් ධාතුන් වහන්සේලා ඉන්න තැන්වල කොත්වල වෙනවා කියන්නේ මොකක්ද? ඇයි මේ විදිහට මිනිස්සු රවටන්නේ. 
ඒ නිසා මේ දේවල් ඇස්වලට පේන එළියවල් ඔක්කොම බුදුරැස් හෝ දෙවිවරු කියලා ගන්න එපා.
ඒ එළි තිබුණාවේ.


දැන් අර එක කාලයක් තිබුණා බුදු පිළිම දිළිසෙනවා කියලා.
ඇත්තටම දිළිසෙනවා. රතු පාටයි. කහ පාටයි ඒකට  තියන තැනක බුදු පිළිමවල රතු පාට සිවුර සමහර විට කහපාටයි. කහ පාටයි රතුපාටයි ළඟ ළඟ තියලා ඕනෑනම් කඩදාසියක් තියලා කරලා බලන්න. 


අපි ඒ දවස්වල පත්තරවල එහෙම දාපු නිසා අපි කරලා බැලුවා.


පාට දෙකක කඩදාසි ගන්න පුළුවන්. 


කහපාටයි රතු පාටයි නැතිනම් කොළපාටයි නිල් පාටයි ගන්න පුළුවන්. කොළ පාටයි සුදු පාටයි ගන්න පුළුවන්. පාට දෙකක් කිට්ටු කරලා තියන්න. 


තිබ්බාම ඒකේ මැද දිහා බලන් ඉන්න. මැද සන්ධිය දිහා බලන් ඉන්නකොට අන්න රැස් විහිදිල්ල පටන් ගන්නවා.


දැන් ඉතින් ඕක බුදු රැස්ද? මේක විද්‍යාත්මක දෙයක්. මේක ඇහේ කාචය තියන විදිහ ක්‍රියා කරන අකාරයෙන් ඇහේ දෘෂ්ඨි විධානය මත මේ පින්තූරය වැටෙන ආකාරය මත සිදුවන විද්‍යාත්මකව ඇතිවෙන උත්තේජනය මත තමයි මේක වෙන්නේ.


 ඒ නිසා මේවා විද්‍යානුකූලව විස්තර කරනවා. දැන් විද්‍යාව නැති කාලේ දේදුන්න අපලයට පායන්නේ කියලා කිව්වා. විද්‍යාවෙන් දැනගත්තා මේක මොන අපලයක්වත් නෙවෙයි. මේක පායන අකාරයත් දේදුන්නක් හැදෙන හැටිත් දැන් දන්නවා.


මේ සත්‍යතාවයට කිට්ටුවෙන විදිහ අමාරුයි. බොරුව කියන ඒක ලෝකයෙන් නැති කරන්න බොහෝ අය උනන්දු වෙනවා.
කොපර්නිකස් කිවුවා පොළොව පැතලි නැහැ ගෝලාකරයි. ඉතින් ඒ නිසා ඇත්තක් කියන්න යනකොට මිනිස්සු කැමති නැති වෙන්න පුළුවන්.  


අර අදහාගෙන ඉන්න අය මේක උනත් මම කිවුවට සමහරු තම අදහස වෙනස් කරන්න කැමති නැතිව ඇති. හැබැයි මම ඒ අයගෙනුත් ඉල්ලනවා. ඒ නිසා කරුණාකරලා ඒ වැරැදි මතවල ඉන්න එපා. ඒවා  හොයලා බලලා ඒවා විමර්ශනය කරලා බලන්න. තනියෙන් බැරිනම් කණ්ඩායමක් එක්ක හොයන්න  බලන්න. ඕනම තැනක ගන්න ඒ පින්තුර ඔය පින්තුරවල බෝල වැටෙනවා. බෝගහක නෙවෙයි. දෙහි ගහක ගත්තත් බෝල වැටෙනවා. මම අගෞරව කරන්නේ නැහැ. මට බොහොම ශ්‍රද්ධාව තියනවා. මම මේ ඇත්ත පැහැදිලි කරන්නේ. ඇත්තනේ බුදු දහම. ඒ නිසා මේ ඇත්ත දැනගන්න කියන ඒක තමයි මම කියන්නේ.

 

ධාතුන් වහන්සේලාගේ ප්‍රදර්ශනයේදී දැනගතයුතු කරුණක් තියනවා. මේවා කිවුවම සමහරු කැමති නැති වෙන්න පුළුවන්. නමුත් අකමැති උනත් සමහර වටිනා බෙහෙත් තිත්තනේ. නමුත් ලෙඩ හොඳ 
වෙන්නනම් බොන්න ඕනෑ.


මේ ධාතූන් වහන්සේලා කියලා බුරුම රටේ ගොඩාක් හදනවා. පුංචි දෙවල්වලින් ලස්සනට ලස්සනට එක එක විදිහට අපි හිතමු සිවලී මහ රහතන් වහන්සේ ටිකක් ලොකුවට ලස්සනට හදනවා.


 ඒ ධාතුන් වහන්සේලා කියලා මැණික්වලිනුත් හදනවා මැෂින්වලින් රවුමට ලස්සනට හදනවා. එහෙම ඒවා කාට හරි සැකනම් වෙබ් සයිට්වල එක එක ඒවා තියනවා. බලන්න. රේලික්ස් ඍෑඛෂක්‍ී කියලා දාලා බලන්න. ඒවා ආටිෆිෂල් රේලික්ස් එතකොට වෙබ් සයිට් ගොඩක් තියනවා. හදන තැනුත් තියනවා. බැරල් ගණන් හදනවා. ඒවා ලෝකය පුරා පැතිරිලා යනවා.” යැයිද 
උන්වහන්සේ පැවසූහ.


ඒ නිසා ඒවා බොහොම පරිස්සමින් අඳුරගන්න ඕනැ  පුරාවිද්‍යාවෙන් හොයාගන්න ඕනැ නිවැරදි ඒවා.


විද්‍යාත්මකව සනාථ කළ ධාතුගැන නෙවෙයි මං මේ කියන්නේ. මේ නිකම් හම්බවෙන ධාතුන් වහන්සේලා සමහර ඒවා සල්ලිවලට හම්බවෙන ධතුන් වහන්සේලා බොහොම පරිස්සම් වෙන්න. ඒවා ව්‍යාපාර හැටියට ලෝකයේ පුරා යනවා. 

බදුල්ලේ පාලිත ආරියවංශ