සිරුරින් විහිදෙන කිරණ දැකගන්න පුළුවන් යන්ත්‍රයක්


 

මේ ලෝකයේ නවීනතම සොයා ගැනීමක් වන කිරිලියන් තාක්ෂණයෙන් (Kirilian) නිපදවා ඇති Aura 3D තාක්‍ෂණය මෙරට ජ්‍යොතිෂය දැක්වෙන ආකාරයට විශ්ව ශක්තිය මිනිස් සිරුර හා ගැටීමෙන් ඇතිවන සප්ත චක්‍රවල දැක්වෙන වර්ණාවලිය මේ කැමරා තුළින් දැක ගත හැක.   


ඉපැරණි වේදයට අනුව මිනිස් සිරුරේ කොඳු ඇට පෙළේ පහළ සිට හිස මුදුන දක්වා ප්‍රධාන නිල චක්‍ර 07ක් තුළ මේ සප්ත චක්‍ර ඇති කරයි.   


මේවා අදාළ චක්‍ර වර්ණ හා ඊට අදාළ ග්‍රහයා මගින් පාලනය වේ. 


මෙහිදී ඕරා කැමරාව සහ ස්කෑනරය මගින් ක්‍ෂණිකව ඔබේ සිරුරේ ඇති මේ කිරණ ශක්තිය විවිධ ආකාරයට ප්‍රදර්ශනය වේ. 


1. ඔබේ ශරීරයේ ත්‍රිමාණ රූප හා චක්‍ර 

 

 

 

2. චක්‍ර 07 පිළිවෙළින් 

 

 

3. මනස ශරීරය සහ ආත්මය යන තුන සමානුපාත කිරීම 

 

 

4. ඔබේ ඕරා ශක්තිය 

 

 

5. හිතේ ඇතිවන හැඟීම 

 

 

6. දම් පාට - ප්‍රතිභාන ඥානය - ප්‍රඥාව, කොළ පාට - මානසික ශක්තිය, ළානිල් පාට - හැඟීම්වල ශක්තිය, රතු පාට - භෞතික ශක්තිය 

 

 

7. චක්‍ර දර්ශකය 

 

 

8. කැමරාවෙන් ගන්නා සිරුරෙන් විහිදෙන කිරණ 

 

 

ඔබේ ශරීරයේ ඇති කිරණ ශක්තිය (Aura) මේ තුළින් පරීක්‍ෂා කෙරෙන අතර දුර්වල කිරණ ඉවත්කර යහපත් කිරණ ලබාදීමට හැකි අයුරින් ඔබේ ශරීරයේ සප්ත චක්‍ර බලවත් කරනු ලැබේ. මෙය ඔබට දැක ගත හැකිය. ග්‍රහයෙකුට අයත් මැණික් හෝ පළිඟු වර්ගයක් ඔබේ අත තැබූ සැණින් ඔබේ කිරණ ශක්තිය වෙනස් වේ. මෙහිදී ඕරා සමානුපාත (Aura balance) කිරීමක් කරනු ලැබේ. මින් ඔබේ කායික හා මානසික තත්ත්වය වර්ධනය කරනු ලබන අතර ඔබට අැති රෝග පීඩා කරදර බාධක ඉවත් වේ. ඔබේ ලෞකික දියුණුව ඇති කෙරේ, ප්‍රඥාව වර්ධනය කෙරේ, බුද්ධිය ප්‍රභාවත් වේ. මෙය කුඩා දරුවන්ගේ සිට වැඩිමහලු අය දක්වා ඉතාමත් ප්‍රයෝජනවත් දෙයකි. 


ජ්‍යොතිෂය බොරුවක් මිත්‍යාවක් යැයිද, ග්‍රහ තාරකාවලින් මිනිසුන්ට කිසිදු බලපෑමක් නැතැයිද, එක් එක් මිනිසාට සුවිශේෂ වූ විශේෂ බලපෑමක් ශරීරයේ නැතැයිද, ග්‍රහයින්ගේ වෙනස්වීම මිනිසුන්ට බලපාන්නේ පොදුවේ පමණක් වන අතර එක් එක් පුද්ගලයින්ට ග්‍රහයින් වෙන වෙනම බලපෑම් නොකරයි. 


ග්‍රහයින් හා මිනිස් සිරුර අතර ඇති සියුම් සබැඳියාව පඨවි, අාපෝ, තේජෝ, වායෝ යන මූලධාතුවල ඇති අන්තර් සම්බන්ධතාව වේ. ඕරා තාක්ෂණයෙන් මෙය විද්‍යාත්මකව පැහැදිලි කර දේ. මුලදී අප විසින් මැණික් ප්‍රතිකාරය කරන විට කෑ ගෑසූ අයට දැන් ඒ මැණික් ප්‍රතිකාරය මගින් මේ කිරණ ශක්තිය වෙනස් වන අයුරු ඇස් පනාපිටම ඔප්පු කර පෙන්විය හැක. 

 

 


සප්ත චක්‍ර යනු මොනවාද? 


අපේ ශරීරය විශ්වය හා සම්බන්ධ වන ප්‍රධාන මාර්ග තුනකි. 


1. හිරු සඳු ඇතුළු ග්‍රහ තාරකා මගින් වේරම්භ වාතය හරහා පෘථිවිය නිකුත් කරන පාරජම්බුල කිරණ මගින් 


2. වායුගෝලයේ ඇති අපට හුස්ම පොද ලබා දෙන වායුව මගින් 


3. අප බිම පය ගසා සිටින මහ පොළොවේ ඇති ගුරුත්වාකර්ෂණ ශක්තිය මගින්


මෙම ක්‍රම තුන හරහාම පඨවි, අාපෝ, තේජෝ, වායෝ මූල ධාතු මගින් විශ්වය හා අප අතර ඇති සම්බන්ධය අපේ ජීවිත ගෙනයාමට හේතු වේ. ඇස්, කන්, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ට අමතරව අප හා විශ්වය සම්බන්ධ කරන කොටස් 04ක් ශරීරයේ තිබේ. ඒ අපේ දෙපයේ ඇති පතුල් සහ දෙඅතේ ඇති දෙඅත්ලයි. අපේ යටිපතුල්වල හා දෙඅත්ලෙහි අපේ මුළු ශරීරයෙන්ම ඇති ඉන්ද්‍රයන් පාලනය කරන විශේෂ නිල පිහිටා ඇති ඕරා තාක්ෂණයේ ඔබේ අත්ල ස්කෑන් කරන්න ඔබේ සම්පූර්ණ ශරීරයට කියවීමට ඇති හැකියාව නිසයි. 

 

ඔබේ ශරීරයේ ඇති කිරණ ශක්තිය (Aura) මේ තුළින් පරීක්‍ෂා කෙරෙන අතර දුර්වල කිරණ ඉවත්කර යහපත් කිරණ ලබාදීමට හැකි අයුරින් ඔබේ ශරීරයේ සප්ත චක්‍ර බලවත් කරනු ලැබේ. මෙය ඔබට දැක ගත හැකිය. ග්‍රහයෙකුට අයත් මැණික් හෝ පළිඟු වර්ගයක් ඔබේ අත තැබූ සැණින් ඔබේ කිරණ ශක්තිය වෙනස් වේ.

 

ඕරා පරීක්‍ෂණයකින් ලැබෙන ප්‍රයෝජන 

 

  • ඔබේ ශරීර චක්‍ර කුමන ආකාරයකින් ක්‍රියාත්මක වේ දැයි දැන ගැනීම. 
  • අයහපත් ලෙස වැඩි වී ඇති චක්‍ර හා යහපත් එහෙත් දුර්වල වූ චක්‍ර හඳුනා ගැනීම 
  • මනස, ශරීරය, ආත්මය යන තුන සමානුපාත කිරීම 


එක් එක් ග්‍රහයින්ට අයත් මැණික් හෝ පළිඟු ඔබේ අතට දී ඒ තුළින් ඔබේ චක්‍ර වෙනස්වන ආකාරය ඔබටම දැන ගත හැකිය. 


ඔබගේ ශරීරයේ පීඩා විය හැකි කොටස් වෙන් වෙන්ව හඳුනාගැනීම (පිළිකා, ස්නායු රෝග, හදවත් රෝග, අස්ථි දුර්වලතා, ලිංගික දුබලතා, මානසික දුබලතා, මානසික පීඩා) 
දැනට ඇති පීඩා සමනය කිරීමට අදාළ චක්‍රය සමානුපාත කිරීම හා අනාගතයේ ඇති වන පීඩා වැළැක්වීම. 


ඔබේ ලෞකික හා අාධ්‍යාත්මික දියුණුව පරීක්‍ෂා කිරීම. ඒවාට ඇති බාධක ඉවත් කිරීම. 


වේදිය මැණික් ප්‍රතිකාරය මෙතෙක් කරන ලද්දේ කේන්දරය පරීක්‍ෂා කිරීමෙනි. 


නමුත් දැන් එය කේන්දරය පරීක්‍ෂා නොකර ඕරා ස්කෑන් මගින් කළ හැක. 


කේන්දරයක් නැති අයට වුවද ඕරා පරීක්‍ෂණයක් මගින් අවශ්‍ය පිළියම් යෙදිය හැක.

 

 

ජ්‍යොතීර්වේදී
කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර