සැලකිලිමත් විය යුතු නොනවතින කැස්ස


 

 

“ඩොක්ටර් මට ගොඩක් කල් ඉඳන් කැස්ස තියෙනවා.  


 බෙහෙත් ගත්තට අඩු වුණෙත් නැහැ. සති ගාණක් තිස්සේ තියෙන මේ කැස්ස නිසා මම ගොඩක් පීඩා විඳිනවා.”   
වර්තමානයේ බොහෝ දෙනෙකු කල්පවතින කැස්සෙන් පීඩා විඳින නිසාම අපි ඒ ගැන සටහන් තැබීමට උත්සාහ ගත්තෙමු.   
කැස්ස යනු රෝගයක් නොවන අතර කැස්ස කෙනෙකුට ඇති වෙන්නේ වෙනත් රෝග ලක්ෂණයක් පෙන්වීමක් ලෙසය.   
විශේෂයෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන කැස්ස බොහෝ රෝග වලදී මතු විය හැකි රෝග ලක්ෂණයක් විය හැක.   


කැස්ස ඇති විය හැකි රෝගා බාධයන්


​වෛරස් ආසාදනයකින් පසු ස්වසන පද්ධතියට වෛරස කරන බලපෑම නිසා ද කැස්ස දීර්ඝ කාලීනව පැවතිය හැකිය.   


මයික්‍රොබැක්ටීරියම් ටියුබර්කියුලෝසීස් බැක්ටීරියාව මගින් පෙණහැල්ලේ පටක වලට හානි සිදු කරමින් ඇති වන ක්ෂය රෝගය හෙවත් කාසය රෝගය නිසා ද කෙනෙකුට සති දෙකකට වඩා පවතින කැස්සක් පැවතීමට පුළුවන. කැස්ස පැවතීමට තවත් හේතුවක් විය හැක්කේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව නියුමෝනියා තත්ත්වයක් වර්ධනය වීමය. නොනවතින කැස්ස ඇති වීමට තවත් හේතුවකි. ඇදුම රෝගයෙන් පෙළීම මෙම තත්ත්වයේදී වියළි නොනවතින කැස්සක් ඇති වන අතර සෙම පිටවීමක් සිදු නොවේ. රාත්‍රී කාල​යේදීත්, උදෑසන කාල​යේදීත් ඇදුම රෝගයේදී කැස්ස වැඩිපුර ඇති වීම දැකිය හැක. එමෙන්ම දූවිල්ල දුම පඩි පෙළ නැගීම ආදී අවස්ථා වලදී රෝග තත්ත්වය තරමක් උත්සන්න වීමට පුළුවන.   


දීර්ඝ කාලීනව දුම් පානය කරන්නන්ට ද නොනවතින කැස්සක් පැවතිය හැක. සිගරැට් දුම හේතුවෙන් පෙණහලු වලට සිදු වන සෘජු බලපෑම සහ ඵුප්පුශීය අවරෝධතා රෝගය නිසා ද කැස්ස ඇතැම් රෝගියෙකුට දිගු කාලීනව පැවතිය හැක.   


තවත් නිතර කැස්ස ඇති වීමට බලපාන තත්ත්වයකි. ගෑස්ට්‍රයිස්ටීස් රෝගයට ගොදුරු වී සිටීම. ඇතැම් ගැස්ට්‍රයිටීස් රෝගය හේතුවෙන් ආමාශයේ ඇති ඇසිඩ් තත්ත්වයන් උගුරට එමෙන්ම ශ්වසන පද්ධතියට හානි සිදු වීමට පුළුවන.   


විශේෂයෙන්ම මෙහිදී හාන්සි වූ විට කැස්ස වැඩිපුර ඇති වීමට පුළුවන. ඇතැම් විට කැස්ස සමග ලේ පිට වීමක් ද ඇති වීමට පුළුවන. හදවතෙහි අකර්මණ්‍ය බවද වියළි කැස්සක් ලෙස රෝග ලක්ෂණ මතු විය හැකිය. එහිදී රාත්‍රී කාලයේදීත් හාන්සි වූ විටත්, වියළි කැස්සක් පවතින අතර හති ස්වභාවයක් ද රෝග ලක්ෂණ ලෙස මතු වීමට පුළුවන.   
ඇතැම් රෝගීන් නොනවතින හති ස්වභාවයක් සමග රෝහල් ගත කිරීම සිදු වන අතර, එහිදී සොයා බැලූ විට නියුමෝනියා තත්ත්වයෙන් පෙණහල්ලේ වතුර පිරීම නිසා ද නොනවතින කැස්සක් රෝග ලක්ෂණ ලෙස මතු වේ.   


තවද ඇතැම් විට නොනවතින කැස්සක් පෙණහැල්ලේ ඇති වී ඇති පිළිකා තත්ත්වයයක් නිසා ද පෙන්වීමට පුළුවන.   
 ඕනෑම වයසක පසුවන්නෙකුට කැස්ස දිගු කාලීනව ඇත්නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය. එහිදී ඉහතින් දැක් වූ රෝග ලක්ෂණ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර රෝගය නිවැරදිව හඳුනා ගැනීමට, රෝග ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කිරීම ඉතාම වැදගත්ය.   


ඉන් පසු රෝගියාව එක්ස් රේ කිරණ පරික්ෂාවකට ලක් කිරීම ද රෝග විනිශ්චයේදී අත්‍යවශ්‍ය කරුණකි.   
දිගු කාලීනව පවතින කැස්සට මූලිකම හේතුව සෙවීමට රුධිර පරීක්ෂාවකට ද ඇතැම් විට රෝගියා භාජනය කෙරේ.   


පෙණහලු ක්‍රියාකාරීත්වය මගින් පරීක්ෂාවන්ට ද සී.ටී. ස්කෑන් පරීක්ෂාවන්ට ද ඇතැම් විට රෝගියා වෙනුවෙන් කිරීමට සිදු වේ. පෙනහළු ගත රෝග තත්ත්වයන් නිවැරදිව හඳුනා ගැනීමට ඇතැම් විට පෙනහල්ලට කැමරා ඇතුළු කර සිදු කරන පරීක්ෂාවන්ට ද රෝගියා භාජනය කිරීමට සිදු වන අවස්ථා මතු වේ.   


විශේෂයෙන්ම සති දෙකකට වඩා කැස්ස පවතින ක්ෂය රෝගයකට රෝග ලක්ෂණයක් විය හැකි බැවින් සති දෙකකට වඩා කැස්ස පවතින්නේ නම් සෙම් පටල පරීක්ෂාවකට රෝගියා භාජනය කිරීමට ද ඉතා ඕනෑ කමින් කළ යුතුය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සති දෙකකට වඩා කැස්ස පවතින්නේ නම් ක්ෂය රෝගය හඳුනා ගැනීමේ සෙම් පටල පරීක්ෂාවකට රෝගියා ලක් කළ යුතු බව නිර්දේශ කර ඇත.   


තවද ඉහතින් සඳහන් කළ කුමන හෝ රෝග ලක්ෂණ ඔබට ඇත්නම් ස්වසන රෝග පිළිබඳ විශේෂඥය වෛද්‍යවරයෙකුට රෝගියා පෙන්වීම ඉතා වැදගත්ය. දිවයිනේ සෑම රෝහලකටම පාහේ ස්ථාපිත කර ඇති ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර සායනයකට යොමු වීමද රෝගය සඳහා නිවැරදි ප්‍රතිකාර ගත හැකිය.   


වළක්වා ගැනීම


ඔබට නිතරම කැස්ස පවතින්නේ නම් මුඛ ආවරණයක් යොදා මහජනයා අතරට යන්න උත්සාහ ගන්න.   


දුම් පානය කරන්නෙකු නම් ඉන් මිදීම අත්‍යවශ්‍ය වන අතර, වාහන දුම දූවිල්ල, ආදියෙන් හැකිතාක් දුරට වැළකී සිටීමද වැදගත්ය.   


ගැස්ට්‍රයිටිස් රෝගය හේතුවෙන් දිගු කාලීනව කැස්ස පවතින රෝගියෙකු නම් පළමුව අම්ල පිත්ත රෝග නිවාරණය සඳහා ප්‍රතිකාර ගත යුතුය. වයසින් වැඩි පුද්ගලයන්ට ඉන්ෆුලුවෙන්සා රෝගයෙන් මිදීමට එන්නතක් ඇති අතර, දීර්ඝ කාලීනව ශ්වසන රෝගයන්ගෙන් පෙළෙනා රෝගීන්ට වසරකට වරක් ඉන්ෆුලුවෙන්සා රෝගය වැළැක්වීමේ එන්නත ලබා ගැනීම යෝග්‍යයි.   


පරිසර දූෂණය කොළ පිච්චීම ප්ලාස්ටික් පොලිතින් වැනි දෑ පිළිස්සීම ද නොකළ යුතුය.   


ප්‍රතිකාර 

 
ප්‍රතිකාර ලෙස මුඛයෙන් ගිල දමන ඖෂධ, ඖෂධීය පැණි වර්ග මෙන්ම රෝග ස්වභාවය අනුව ඉන්හේලර් භාවිතය ද රෝග නිවාරණය වෙනුවෙන් නියම කළ හැකිය.   කෙසේ නමුත් සෑම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්ය.

 

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය