විස්මිත ගුණ ලැබෙතැයි සිතා පලඳින පාෂාණ සහිත ආභරණ


​ජ්‍යොතිෂය ජීවිතයට  වැදගත් වන්නේ කෙසේද?

 

මිනිසුන් අතර මේ වන විට අලුත් විලාසිතාවක් ලෙස ක්‍රම ක්‍රම​ෙයන් පැතිර යන දෙයක් තමයි මැණික්වලින් ගුණ ලැබෙතැයි සිතා පාෂාණ සහිත ආභරණ පැලඳීම. ​බොහෝ අය මේවා පලඳින්නේ සැබෑ මැණික් යයි සිතලා.  


ලෙඩදුක් දුරුවෙනවා. මහා ජයග්‍රහණ ලැබෙනවා. තමන්ගේ තියෙන ලිංගික ශක්තිය වැඩි වෙනවා. රෝග දුරු වෙනවා. කල්පනා ශක්තිය වැඩි වෙනවා. උනන්දුව වැඩි වගේම විවිධ පුද්ගලයන්ගේ ආකර්ෂණය ලැබෙතැයි සිහින මවමින් ඔවුන් මේ පාෂාණ වර්ග පලඳිනවා.  


කෙසේ වෙතත් මේ පාෂාණවලින් හැදූ ආභරණ පිළිබඳව හරිහැටි නොදැන පැලඳීම ප්‍රතිඵලදායක නැහැ. මැණික් හා මෙවැනි පාෂාණ අතර වෙනස්කම් තියෙනවා. මැණික් කියන්නෙත් මිල කළ නොහැකි දුර්ලභ පාෂාණයක්. මැණික්වල ජාති ගල් හා ජාති ගල් නොවන ඒවත් තියෙනවා. මේවායේ ඝනත්වය අඩුවීම මතයි. ජාතිගල් ද නැද්ද යන්න තීරණය වන්නේ.  


රතු, නිල් පුෂ්පරාග, දියමන්ති, ආරනූල්, පසිංගල් ආදි මාණික්‍යයන්වලට ජාති ගල් කියනවා. තෝරමල්ලි, පච්ච ආදී ජාති නොවන ගල් තියනවා.  


මේවා අපේ තියන අඩු වැඩිය ශරීරයේ තියන අඩු රසායන ද්‍රව්‍ය සපුරා ගැනීමට පලඳා ගැනීම කරනවා. අඩු රසායනික ද්‍රව්‍ය තිබේ ද යන්න හඳහන පරීක්ෂාව අත්ල බලාගැනීම අංක විද්‍යානුකූල ක්‍රම ආදිය මඟින් සොයා ගත හැකියි. අඩු රසායන ද්‍රව්‍ය ගැටීමක් නොවන ආකාරය තමන්ගේ ශක්තීන් දුර්වල නොවන ආකාරයට තමයි පැලඳිය යුත්තේ.  
ටයිගරයින්, එමටයිට්, ක්වාට්ස්, ටක්වයිට්ස්, මූන්ස්ටෝන්, රෝස් ක්වාට්ස්, කොරල්, නෙක්ස්, එපිටයිට් ජෙඩයිට් ආදී මාණික්‍ය නොවන පාෂාණ වර්ග ද තිබේ.  


මුතු කොරල් ආදි මාණික්‍ය ගණයට වැටෙන පාෂාණ පවා තිබෙනවා. නමුත් කොරල් යනු වැඩිපුරම ඉතාලියේ ඉඳන් එන ස්වභාවික කොරල් මාණික්‍ය ගණයට ගන්නවා.  
මම මේ අද කතා කරන මාණික්‍යවල තියෙන්නේ පවුඩර් එකක් වගේ අංශුවලට කඩල පසුව ඝන බවට පත් කරල හදපුවා. කානේරියන්, කොරල් වැනි ඒවායින් හදපු ආභරණත් තියෙනවා.  


මෙන්න මේ දේවල් වැළඳීමෙන් පෙර කී ජන ආකර්ෂණ හෝ වශීයන් ලැබේ යැයි සිතනවා නම් ඒක වැරදියි. ඒක එහෙම වෙන්නේ නැහැ. බොහෝ අය රැවටීමකට ලක් වීමක් තියෙනවා ටයිගරයින් පැලඳීමෙන් ධනාකර්ෂණ විශාල ජයග්‍රහණ ලැබෙනවා කියලා. කාලයක් මෙය ෆෙන්ෂුයිවල පවා තිබුණා. මේක හරිම වැරදි මතයක්. ඒවා මාණික්‍ය ගණයට වැටෙන ඒවා නෙවෙමි. ඕක හරියටම තේරුම් ගන්න පුළුවන් විදේශ රටවලට ගිහින් තියෙන විශේෂයෙන් ඉන්දියාව හොංකොං, ජපානය, බැංකොක් චීන වගේ රටවලට ගිය අයට දැක ගන්න පුළුවන් මේ පාෂාණයන් තොග ගණනින්, කිලෝ ගණනින් මිලදී ගන්න පුළුවන් බව.  


විශේෂයෙන් මේවා චයිනා ටවුන්වල තියෙනවා. මේ තරම් බහුල වශයෙන් තියෙන දෙයකින් ධන ආකර්ෂණ හෝ යම්කිසි ගුණයක් තියෙනවද කියා ඔබ හිතනවාද? මෙවැනි පාෂාණයන්වලින් තැනූ අත් පලඳනා කර පලඳනා කරාබු ආදිය දැමීමෙන් මේ දේවල් සිදුවෙයිද කියා ඔබ සිතා බලන්න.  


මේ ආභරණවල තියෙන බ්ලු සපායර්, රතුකැට, එමරල්, මරකත ආදිය නියම ජාතිගල් නොවෙයි. ඒවා පොළොවේදී දුර්වල වෙලා, ආලෝකය නොලබා සාමාන්‍ය ගල් බවට පත් වෙනවා. නමුත් මේවා කපා ඔපමට්ටම් කිරීමෙන් යම් කොළක්, යම් නිලක්, රතු වර්ණයක් ආදී ​ලෙස ජාතිගල්වල මට්ටමක් ගත හැකියි.  


මේවා මැරුණු ගල් හා සමානයි. ආලෝක විනිවිද යන ගතියක් නැහැ. මෙන්න මේ ගල් මැණික් ගල් යැයි කියා සිතාගන පාරිභෝගිකයා මේවා මිලට ගන්නවා. පලඳිනවා. කුට ව්‍යාපාරිකයෝ මේවා ග්‍රහ අපලට ගුණ දෙනවා කියා අලෙවි කරනවා. මේවා පැලඳීමෙන් ශරීරයේ කිසිදු දේකට යහපතක් හෝ සිදු වන්නේ නැහැ. ඒක වැරදි මතයක්. අපි කලින් සඳහන් කළ මෙවැනි ගල් වර්ග පැලඳීම ගැන හා ඒවායේ විපාක ගැන අපි මෙයට පෙර ලිපිවල කතා කරල තියෙනවා.  


කිසිම ලාභයක් ගෙන නොදෙන මෙවැනි පාෂාණ පැලඳීමෙන් වළකින්න කියලා තමයි මගේ උපදේශය නම්. ඒ වගේම යම් කිසි කෙනෙක් හිතනවා නම් යම් ප්‍රධානී කෙනෙක් මේවා පැලඳ සිටියොත් ඔහුට එවන් තත්ත්වයක් උදා වුණේ ඒවා පැලඳීම නිසා කියලා ඒක වැරදි මතයක්. ඒක ඔබ මනාව හිතා බලන්න.  


කිලෝ ගණනින් වෙළෙඳපළේ ගත හැකි මට්ටමට තියෙනව නම් ජාති ගල් නොවන බව වගේම ප්‍රධාන මැණික් ඒතරම් සුලභ නොවන බවත් ඔබ සිතට ගන්න.  


ඒක නිසා අපි කියන ප්‍රධාන මැණික් ගල් මිස වෙනත් දෑ පැලඳීමෙන් ඔබේ කිසිදු යහපත් අරමුණක් ඉටුවීමක් හෝ රෝග සමනයක් වන්නේ නැහැ. ඔබේ අතේ ඇති මුදල් වියදම් වීමක් පමණයි සිදු වන්නේ. එසේ කරන්න එපා කියලයි අපි ඔබට කියන්නේ.  


කලකට පෙර ඇතැම් අය වාලම්පුරිවලට රැවටිලා හිටියා. වාලම්පුරියේ දී ඉතාමත් දුර්ලභව හමුවන දුර්ගා වාලම්පුරිය හැර අනික් ඒවා හක්බෙල්ලෝ නැත්නම් යම් රටක නිපදවන ලද එසේත් නැත්නම් ඉන්දියානු වෙරළින් ගත් බෙල්ලන් විශේෂයක් බව. අන්න ඒවගේ ඔබ මේ වගේ ආභරණ ගැනත් සිතා බලන්න.  


මිනිසුන්ට දැනෙන විවාහ පීඩා, මානසික පීඩා, ආර්ථික පීඩා, විවාහ, දෝෂ, විවාහ ප්‍රමාදය, තමන්ට ආකර්ෂණය නොලැබීම, විදේශ ගමන් ප්‍රමාදවීම යන හේතු ඉස්මතු කරමින් මේ මේ දේවල් සහිත ආභරණ දැම්මම මේවා නැතිවෙනව යැයි ඔබ සිතන දුර්වලකමින් ප්‍රයෝජනය ගන්න තමයි මේවා බිහිවෙලා තියෙන්නේ.  


ඒ නිසා එවැනි දේවල් පැලඳීමෙන් වළකින්න.   


නමුත් මේ කියන දේවල්වල නොපැලඳිය යුතුම එ්වත් තියෙනවා. ඒ කියන්නේ ලස්සනටවත් පැලඳුවා කියා ඔබ හිතන විශ්මිත දේවල් සිදුවේයැයි සිතන්න එපා. ඕන තරම් සහතික විවිධ ආයතන දේවි. සහතික දුන්නා කියා ඒ තියෙන්නේ මොකක්ද කියලා පමණයි. එකෙන් ඔබට මොකක්ද සිද්ධවෙන්නේ කියා ඔබට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඔබ ඒවා පැලඳුවහොත් ඔබටම ඒවා අත්දකින්න පුළුවන්.  


ඒ නිසා වැරදි පාෂාණ පැලඳීමෙන් ඔබට කිසිවක් ලැබෙන්නේ නැහැ. මම මේ කියන්නේ මැණික් නොවේ මැණික් මෙන් පාට පාට ඔප මට්ටම් කළ පාෂාණ ගැනයි කියන්නේ. නැති ප්‍රශ්න ඇති කරගන්න එපා කියලයි ඔබට කියන්නේ.  


මේ කියන පාෂාණ ලෝකයේම ජනතාවට ඇති ආකාරයට පවතිනවා. උදාහරණයක් ලෙස රෝස තිරිවාණා කන්ද, කොයි තරම් තියෙනවා ද? එයින් අප යම් ආභරණයක් තනා ගත්තානම් මොන දේවල් ලැබෙනවාද? ඒවගේම මම කියන්න ඕනා රෝස තිරිවාණ අසුබ තත්ත්වයක් ඇති කරන පාෂාණයක් නම් නොවේ.  


ඒවගේම ටයිගරයින් කඳු පිටින් තියෙන්නේ. මේවා ලෝකයේ සිටින සෑම දෙනාටම පලඳින්න පුළුවන්. එවිට කිසිම අඩුවක් පාඩුවක් නැතිව හැමෝටම එක හා සමානව ජීවත් වෙන්න පුළුවන්නේ. ඒත් එය සත්‍ය නොවේ. එවැනි විදියට රැවටීමට ලක් වෙන්න එපා. එ නිසා මේ ගල් එක්කෝ මියගිහින්. නැත්නම් මියයෑමට ආසන්නයි. ඒ වගේම වටිනාකම අඩු වී ගොසිනි.  


ඒ වගේම සමහර ඒවා මේ පාෂාණ පැලඳීමෙන් කුණ්ඩලිනි ශක්තිය ඇති කර ගත හැකි බව කියලා තියෙනවා. කුණ්ඩලිනි ශක්තිය තියෙන්නේ අපේ තුන්වෙනි ඇස ඇරීමටයි. එය භාවනාවක් කිරීමෙන් ලබා ගත හැකි අපේ ශරීර ශක්තියෙන් සමබර වෙන තැනකි.  


නාභියෙන් අඟල් දෙකක පහළට වෙන තැනයි ඒ ශක්තිය තියෙන්නේ. ඒ ශක්තිය දියුණු කර ගන්න පුළුවන් වෙන්නේ සිත දියුණු කරගන භාවනා කිරීමෙන් මිස නැතිව මේ ලස්සනට දාන ටොන් ගණන් මිලට ගත හැකි පාෂාණ දාලා නෙවෙයි. ඒක තේරුම් ගත යුතුයි.  


ඒ වගේම තමයි අපි කලින් ලිපිවලින් කතා කරන ලද මැණික් ගල් නොපැලඳිය යුතු වර්ග ලෙස අපි හැඳින්වූ ඒවගේම මේ කියන පාෂාණ වර්ගත් ලස්සනට පෙනුනාම ඔබ රැවටෙන්න එපා. ඔබට කිසිම යහපතක් සිදු වෙන්නේ නැති බව නම් කියන්න ඕනෑ.

 

 

සටහන සහ සේයාරූ  
පුෂ්පා වීරසේකර