මුහුදු දෙකක් මැද ගිලෙන හොන්ඩුරාස් රට


වළපල්ලට ගිය රටවල්

 

දූෂිත දේශපාලකයන්ගේ රට වනසන ක්‍රියා හමුවෙහි ජනතාව නිද්‍රාශීලීව සිටීම හේතු කොට ගෙන එම රටවල් තව තවත් ප්‍රපාතයට ඇද වැටේ. ඔවුන්ට එදා වේල යාන්තම් පිරිමසා ගත්තා නම් හොඳටම ඇත. ඔවුන් සිදු කරන්නේ තක්කඩි පාලකයන් රැකීමයි. එවැනි රාජ්‍යයන් ලොව පුරාම ඇත. තමන් කැමැති දේශපාලන පක්ෂයේ එවුන් රට කා දැමීම ඔවුන්ට අවුලක් නොව්. ඔවුන්ට අවුල් වෙනත් දේශපාලන පක්ෂවල එවුන් රට කෑමය.


බොහෝ අරාජික රටවල සිටිනුයේ මිනිස් නිදහස තුට්ටු දෙකට දැමූ නරුම පාලකයන්ය. බලය අත හැරීමට අකැමැති දේශපාලකයන්ය. රට හැදීම නොව තම පවුල හැදීම බොහෝ දේශපාළුවන්ගේ අරමුණය. මොවුන් අතරේ මව්බිමට වැඩදායක අවංක දේශපාලකයන් ද සිටින බව කිව යුතුය.


මෙවැනි රටවල් ගැන මට කීමට ඇත්තේ පහතින් සඳහන් කරන පැදි පෙළයි.


“වළ පල්ලට ගියත් මොකද ඉපදුන රට ජාතිය
සලකන්නේ හැම තිස්සෙම තමන්ගේ පටු වාසිය”


අද ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නැත්තේ ජන වරමට පයින් ගසන පාලකයන් රජ කරන රටවල්ය. මා මෙම තීරුවෙන් හඳුන්වා දෙනු ලැබුවේ දූෂණයෙහි පත්ලටම කිඳා බැස්ස අසමත් රාජ්‍යයන්ය. අද අවධානයට යොමු කරනුයේ මධ්‍යම ඇමෙරිකාවේ (Central America) පිහිටි රටකි. එය නම් හොන්ඩුරාස් (Honduras) රාජ්‍යයි.


තරගයට මිනී මරණ රට


ලෝකයේ වැඩිපුරම මිනී මැරුම් සිදුවන්නේ මේ කියන හොන්ඩුරාස් ජනරජයේය. මෙය මත්කුඩු ජාවාරම්, පාතාල කල්ලිවල අපරාධ, කාන්තා හිංසනය, මනුෂ්‍ය ඝාතන ආදියෙන් ලොව පෙරමුණේ සිටින දේශයකි. මෙහි ද ජීවත් වෙන්නේ දේශපාලනය නමැති නැටුමට පැටලී නටන වියෝගින්න තුළින් දිවිය සමග පොර බදන ජනතාවකි. 2014 සිට 2016 දක්වා ​ෙමහි මාධ්‍යවේදීන් 25 දෙනෙක් ඝාතනය කරන ලදී. දූෂණයට එරෙහිව හඬ නැගූ නීතිඥයන් 13 දෙනකු ද ඝාතනය කරන ලදී.


හොන්ඩුරාස් නමැති මේ ළතින් ඇමෙරිකානු රට පිහිටා ඇත්තේ ​ෙගා්තමාලාව, එල්සැල්වදෝරය, නිකරගුවා නමැති රාජ්‍යයන්ට මායිම්වය. පැසිපික් සහ කැරිබියන් මුහුදුවලට මැදිවය. මෙය 1821 දී ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් රටකි. නිදහස ලබාගෙන වසර 188ක් තුළ ජනාධිපතිවරුන් 55 දෙනකු විසින් පාලනය කරනු ලැබූ රටකි. මෙය මුහුදු දෙකක් තුළ ගිලෙන රාජ්‍යයකි. දැන් ජනගහණය ලක්ෂ 91 (91,12,867) ඉක්මවා ඇත. විශාලත්වය ව.කි.මී. 112,492ක් හෙවත් ව.සැ. 43,433 කි. මෙය ලෝකයේ 101 වැනි විශාල රටයි. මෙහි ජනපති ජුවන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩෙස් ය. අගමැතිවරයෙක් නැත. උපජනාධිපතිවරයෙක් සිටී. ඔහු රිකාර්දෝ අල්වරෙස් ය.


1969 දී එල්සැල්වදෝරය සමග පැවැති යුද්ධය හෙවත් ෆුට්බෝල් වෝ (Football War), 1974 දී හමා ගිය ෆිජි (Fiji) සුළි සුළඟ, 1998 මිච් (Mitch) සුළි සුළඟ ආදිය නිසා විනාශයට පත් මේ රට දැන් නැත්තට නැති කරන්නේ දේශපාලකයන්ය. ආසන 128කින් සමන්විත පාර්ලිමේන්තුව හෙවත් ජාතික රාජ්‍ය සභාවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට, අමාත්‍ය මණ්ඩලයට, පරිපාලන නිලධාරීන්ට සහ හමුදා ප්‍රධානීන්ට ජනතාවගේ දරිද්‍රතාව, අගහිඟකම්, ප්‍රශ්න නොපෙනේ. ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සුර සැප විඳින්නේ හිතක් පපුවක් නැති අය පරිද්දෙනි.


මහ මඟ දැරියන් දූෂණය කරන හැටි


මෙහි මුළු ජනගහණයෙන් සියයට 66ක් අන්ත දුගී අසරණයන්ය. සෑම ළමයි 4 දෙනකුගෙන් එක් ළමයකු මන්දපෝෂණයෙන් පෙළේ. අවුරුදු 12ට අඩු දැරියන් දහස් ගණනින් වැඩිහිටි මිනිසුන් විසින් දූෂණයට ලක් කරන රටකි. රෝගීන් එක්ලක්ෂයකට ප්‍රතිකාර ලබා දීමට සිටිනුයේ වෛද්‍යවරුන් 30 දෙනකු පමණකි. රට පුරා ඇත්තේ ප්‍රධාන රෝහල් 7ක් පමණකි. විවිධ පළාත්වල තවත් කුඩා රෝහල් 22 කි. ඒවා කිසිදු පහසුකමක් නැති රෝහල්ය. බෙහෙත් නැත. බහුතර ජනතාවගේ දෛනික වැටුප ඩොලර් 1.90ක් පමණ වේ. මෙය මධ්‍යම ඇමෙරිකාවේ දෙවැනි දුප්පත්ම රටයි. වසරකට මේ රට අතහැර යන අයගේ සංඛ්‍යාව 174,000කට අධිකය. සෑම ළදරු උපත් 1000කට ළදරුවන් 86 දෙනකු උපතේදීම මිය යයි. මහ මඟ දැරියන් දූෂණය කරන මෙවැනි රටක් තවත් ඇත්ද?


මෙය හයිටි, ගයානා, නිකරගුවාව මෙන්ම අගාදයට වැටුණු රටකි. දිනකට මෙහි සිදුවන මිනී මැරුම් සංඛ්‍යාව 25කට අධිකය. වසරකට මිනී මැරූම් 7,172ක් පමණ සිදුවන අනාරක්ෂිත දේශයකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි රජ කරන භූමියකි. මෙම පාතාල කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අත හිත දෙන්නේ ඇතැම් බලලෝභී දේශපාලකයන්ය. එමෙන්ම පොලිස් නිලධාරීන් ද ඔවුන් ආරක්ෂා කිරීම හොන්ඩුරාස් ජනතාවගේ කරුමයකි. නිසි වෛද්‍ය පහසුකම් නැති නිසා නිව්මෝනියා, ක්‍ෂය රෝගය, කොළරාව සහ ලිංගාශ්‍රිත ඒඩ්ස් රෝගය නිසා වසරකට මිය යන අයගේ සංඛ්‍යාව 58,000ක් පමණ වේ.


​ෙහාන්ඩුරාස් රටේ ඇතුල් පැත්ත


ලොව වැඩිපුරම මිනී මැරුම් මංකොල්ලකෑම් සිදුවන රට හොන්ඩුරාස් ය. දැවැන්ත අයුරින් මනුෂ්‍ය ඝාතන සිදුවන නමුත් පාලකයන් එය මැඩපැවැත්වීමට නිසි පියවර ගෙන නැත. වැඩිහිටි පිරිමින්ගෙන් වයස අවුරුදු 12 හා ඊට අඩු වයසැති දැරියන් ගලවා ගැනීම මෙහි දෙමව්පියන්ට ප්‍රබල අභියෝගයකි. ඒඩ්ස් රෝගය වැළඳුන කාන්තාවන් හා ළමයින්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකි.


රට පුරා බොහෝ ලෙඩ රෝග පැතිරී යන්නේ කැළි කසළ උවදුර උග්‍ර වීම සහ ජනතාවට පිරිසිදු පානීය ජලය සැපැයීමට රජය අපොහොසත් වීම නිසාය.


විවිධ ලෝහ වර්ගයන්හි සාන්ද්‍රණය මිශ්‍ර වීම හේතු කොට ගෙන මෙහි බොහෝ ප්‍රදේශවල ජලය අම්ල සහිත වී ඇතත් මෙම ජලය පානයට සුදුසු තත්ත්වයට පත් නොකිරීම මෙහි බලවත් දැවෙන ප්‍රශ්නයකි.


වඩාත් හොඳ අනාගතයක් සඳහා හොන්ඩුරාස් සිට ඇමෙරිකා එක්සත් ජනපදයට නීති විරෝධී අයුරින් ඇතුල් වූ හොන්ඩුරාස් පුරවැසියන්​ෙග් සංඛ්‍යාව පමණක් ලක්ෂ 9 ඉක්මවා ඇතැයි වාර්තා කළේ නිව්ෙ‌යා්ර්ක් ටයිම්ස් පත්‍රයයි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව එය සනාථ කර තිබේ.


හොන්ඩුරාස් සහ නිකරගුවා යන දේශයන් වෙන් කරන්නේ කොකෝ ගඟයි (Coco River). මෙම ග​ෙඟ් ජල කඳ රට හරහා ගලාගෙන ගොස් පැසිපික් සහ කැරිබියන් මුහුදට වැටෙන නමුත් එම ජල දහරාවෙන් කෘෂිකර්මාන්තය නංවා සිටුවීමට, විදුලිය උත්පාදනයට හෝ පානීය ජලය සැපැයීමට පාලකයන් නිසි පියවර ගෙන නැති වීම මෙහි ජනතාවගේ අභාග්‍යයකි.


මා ඉහතින් සඳහන් කළේ හොන්ඩුරාස් රටේ ඇතුල් පැත්තෙන් බිඳක් පමණකි. මෙය වූ කලී වළ පල්ලට ගිය රටක ශෝකාලාපය පිළිබඳ කතාන්දරයයි.


ජනපති වූ කෝපිකාරයා


​ෙකසෙල්, මඤ්ඤොක්කා, වී, කෝපි සරුවට වැවෙන රටකි. රටවල් රාශියකට කෝපි සහ කෙසෙල් සපයන්නේ හොන්ඩුරාස් රටයි. කෝපි හා කෙසෙල් වගාව විදේශ සමාගම්වලට පවරා මුදල් ගසාකන දේශපාලකයන් සිටින මෙවැනි රටක් ඉදිරියට යන්නේ කෙසේ ද? කෝපි වගා කරමින් කෝපිවලින් යැපුණ අයකු වූ ජුවන් හර්නෙන්ඩාස් මේ රටේ මුල් පුටුවට තේරී පත් වූ නමුත් අඩු වශයෙන් කෝපි වගාව දියුණු කිරීමටවත් ඔහු පියවර ගෙන නැත. මේ කෝපිකාරයාට බලය ලැබුණු විට කෝපි ද අමතක වී ඇති බව පෙනේ. මධ්‍යම ඇමෙරිකාවේ දැවැන්ත අයුරින් කෝපි නිපදවන රටවලින් දෙවැනි තැන හිමි වී ඇති මෙම ජනරජය අද වීදිවල කන්න අඳින්න නැතිව දුක් අඳෝනා නඟන අැටසැකිලි වැනි දරු දැරියන්ගේ අපායකි.


හිරේට ගිය හොරකම් කළ හිටපු ජනපති


අතීතයේදී දැව කර්මාන්තයෙන් සහ ධීවර කර්මාන්තයෙන් අතිවිශාල ධනස්කන්දයක් ඉපයූ රටකි. රත්රන්, රිදී, තඹ, ගල්අඟුරු, යකඩ ඇතුළු විවිධ ලෝහ වර්ගවලින් සමන්විත පොළොවක් ඇති හොන්ඩුරාස් රට අද පිට රටවලට අතපාන දේශයක් බවට පත් කර ඇත්තේ විටින් විට බලයට පත් වූ දේශපාලකයන්ය. රන්, තඹ, ගල්අඟුරු, යකඩ, රිදී ආකර කුණු කොල්ලයට විදේශ සමාගම්වලට විකුණා කොමිස් ගත්, අල්ලස් ලබා ගත් මෙහි දේශපාලකයන් පිරිසට තවමත් සහාය දෙන බහුතර ජනතාවක් මේ රටේ ද සිටීම කොතරම් ඛේදවාචකයක් ද? ඔවුහු දේශපාලන වහළුන්ය.


​ෙමහි හිටපු ජනාධිපති ඔටෝ පෙරෙස් මොලිනා ය. 2015 වර්ෂයේදී රේගු දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සිදු කළ මහා පරිමාණයේ මූල්‍ය වංචාවක් හෙළි වීම නිසා ඔහුට තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු විය. ඊට අමතරව ඔහු ඩොලර් මිලියන 120ක පමණ මූල්‍ය වංචා සිදු කළ බවට වාර්තා විය. නඩු විභාගයෙන් පසු සිර භාරයට පත් වූ ඔහු හොන්ඩුරාස් රට පාලනය කළ දේශපාලකයන්ගෙන් දූෂිතම පුද්ගලයෙකි.


වත්මන් ජනපතිගේ දූෂණ ක්‍රියා


කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කළ මුදල්වලින් ඩොලර් මිලියන 12ක් වත්මන් ජනපතිවරයාගේ දේශපාලන පක්ෂය වූ ජාතික පක්ෂයේ (National Party) අරමුදලට බැර කළ බවට වත්මන් ජනපතිට ​ෙචා්දනා එල්ල වී තිබේ. එමෙන්ම ජුවන් හර්නෙන්ඩාස් ජනපති ​ෙස්වක අර්ථ සාධක අරමුදලෙන් ඩොලර් මිලියන 330ක් වංචා කළ බව හෙළි කළේ අල් ජසීරා රූපවාහිනියයි. හොන්ඩුරාස් රජයේ ප්‍රබල දේශපාලකයන් 38 දෙනකු සිදු කළ මහා පරිමාණයේ වංචාවන් පිළිබඳ විස්තර වාර්තාවක් පසුගියදා ඉදිරිපත් කළේ නිව්ෙ‌යා්ර්ක් ටයිම්ස් පත්‍රයයි. මෙම මුදල් අවභාවිත කිරීමේ දූෂණයන්හි පෙරමුණේ සිටිනුයේ වත්මන් ජනපතිගේ මස්සිනා හෙවත් බිරිඳගේ සහෝදරයාය. වත්මන් ජනපතිගේ පවුලේ ඥාතීන් එක් වී ගිලන් රථ මිලට ගැනීම, රෝහල් ඉදිකිරීම සහ ඖෂධ වර්ග සඳහා වෙන් කළ මුදල් ගසාකෑ අයුරු 2018 මැයි 13 දා නිව්ෙ‌යා්ර්ක් ටයිම්ස් පත්‍රයේ විශේෂ ලිපියක් හා කර්තෘ වාක්‍යය මගින් කරුණු හෙළි කර තිබුණි. එහි සිරස්තලය වූයේ “Deadly Corruption in Honduras” යන්නයි.


​ෙම් රට එන්න එන්නම ප්‍රපාතයට ඇදවැටෙන්නේ දූෂණය, අල්ලස, දරිද්‍රතාව, අපරාධ සහ මත්කුඩු ජාවාරම් නිසාය.


රට කන අයියා මල්ලී නංගී


පවුල විසින් පාලනය කළ හැම රටක්ම හිඟා කන තත්ත්වයට ඇදවැටුණ අයුරු මෙම ලිපි පෙළ මගින් පෙන්වා දුනිමි. හොන්ඩුරාස්හි වත්මන් ජනපතිගේ සහෝදරිය හිල්ඩා හර්නන්ඩෙස් ය. ඇය ප්‍රබල ඇමැති තනතුරකට පත් කරනු ලැබීය. දූෂණ ක්‍රියා රැසකට සම්බන්ධ වූ ඇය මහජන විරෝධය මධ්‍යයේ ඉල්ලා අස් වූවාය. එමෙන්ම ජනපතිගේ සහෝදරයා වන ඇන්ටෝනියෝ හර්නන්ඩෙස් හොන්ඩුරාස් රටේ හමුදාව යොදවාගෙන මැක්සි​ෙකා්ව හරහා කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ අයුරු පසුගියදා අනාවරණය විය.


ඉකුත් දා ඔහු ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි හිදී අත්අඩංගුවට පත් විය. රාජ්‍ය අනුග්‍රහය යටතේ ලොව පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙසේ සිදු කිරීම තුළින් හොන්ඩුරාස් පාලකයන්ගේ කෙරුවාව මොනවට විදහා දැක්වේ.

 

 

 

 

සිරී හීන්පැල්ල 
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි