පිළිකා හටගැනීම අාහාර මගින් වළක්වාගන්නේ කොහොමද ?


ඔබේ ජීවන රටාව වෙනස් කිරීමෙන් හා සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීමෙන් පිළිකා හට ගැනීම් අවද‌ානම් තත්ත්ව බොහෝ දුරට වළක්වා ගත හැකි බව ඇමෙරිකානු වෛද්‍යවරයකු වන ඩේවිඩ් සර්වන් ෂෙරිබ් ලියා ඇති “Anticancer A New Way Of Life” නම් කෘතියේ දක්වා තිබේ.


ඔබේ ජීවිතයට වඩාත් ගැළපෙන දිවා ආහාරය මෙන්ම රාත්‍රී ආහාරය ද මෙලෙසින් විය යුතු යයි එහි සවිස්තරව දක්වා ඇත. එම ආහාරවේල්වලට එළවළු, ඔලිව් තෙල්, සුදු ලුණු, ඖෂධ පැළෑටි, කුළු බඩු මෙන්ම මස් හෝ බිත්තර ස්වල්පයක් ද එක් කර ඇත.


ඔබ ගත යුතු ආහාර ඔබගේ පරිසරය සහ ඔබගේ මානසික ආකල්ප අාදිය කෙසේ සකස් විය යුතු දැයි විස්තර කර ඇති මේ කෘතිය සම්පාදනය කර ඇත්තේ පිළිකාව ජය ගැනීම සඳහා වන අලුත්ම විද්‍යාත්මක සාක්ෂි පදනම් කර ගෙනය. තමන් මුලින් රෝගී වූ අවස්ථාවේ මෙවන් කෘතියක් තිබුණා නම් කොතරම් අගේ දැයි වෛද්‍ය ෂෙරිබ් පවසයි.


මීට වසර 15 කට පෙර ඔහුගේ මොළයේ පිළිකා ගැටිත්තක් ඇති බව හඳුනාගෙන තිබේ. ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව, ඉන් වසර හතකට පසු තමා පිළිකා තත්ත්වයෙන් මිදී ඇතැයි සිතා සිටි ඔහුට නැවත එය හට ගෙන රෝගී තත්ත්වය වඩාත් උත්සන්න වී තිබේ.


සාර්ථක සැත්කමකින් හා මාස 11ක කීමෝතෙරපි ප්‍රතිකාරයෙන් පසු එම රෝගය නැවත හටගැනීම වළක්වා ගැනීමට තමා කුමක් කළ යුතු දැයි වෛද්‍යවරුන්ගෙන් විමසා ඇත. එවිට ඔවුන් පැවසූ දෙයින් මම මවිතයට පත් වීමි. එයට කළ හැකි කිසිවක් නැතැයි ද, තමා නිතිපතා පරීක්ෂාවට භාජනය කර නැවත පිළිකාව හට ගැනීමේ තත්ත්වයක් උද‌ා වුවහොත් එය කළින් මෙන් ප්‍රතිකාර කිරීමට හඳුනා හැකි බවද ඔවුහු පැවසූහ. මෙම වචන ඇසීමෙන් මම බෙහෙවින් අසරණ තත්ත්වයකට පත්වීමි.


පීටර්බර්ග් වෛද්‍ය පීඨයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයකු වන ඔහු වෛද්‍ය පෝත් පත් හා ලිපි ලේඛන පීරමින් මේ පිළිබඳව කරුණු හද‌ාරන්නට විය. අපට මේ සම්බන්ධ​ෙයන් කළ හැකි බොහෝ දේ ඇති බව මට මෙවිට අවබෝධ විය.


ෂෙරිබ්ගේ කෘතියේ හරය නම් ඔබට ප්‍රති පිළිකා ජීවන රටාවක් ගොඩ නගා රෝගය හටගැනීමෙන් වැළකී සිටිය හැකි බවය. අප කාගෙත් සිරුරුවල දුර්වල සෛල ඇති නමුදු පිළිකා කාරක ගැටිති බවට පත් වන්නේ ස්වල්ප දෙනෙකුගේ සෛල පමණි. අන් අයගේ සිරුරු සතු ආරක්ෂක යාන්ත්‍රණයක් මගින් ඒවායින් අපව ආරක්ෂා කරයි. ඔහුගේ අදහස නම් පිළිකාවලට එරෙහිව සටන් කිරීමෙහිලා ඔබ සිරුර සතු ප්‍රතිශක්ති පද්ධතියේ හැකියාව ඔබ ශක්තිමක් කළ යුතු අතර, අවට ඇති පටක ආක්‍රමණය කිරීමට පිළිකාවලට අවශ්‍ය ප්‍රද‌ාහ තත්ත්ව අඩු කර පිළිකා කාරක විශාල ගැටිති වර්ධනය කිරීම සඳහා පිළිකාවලට අවශ්‍ය කරන අලුත් රුධිරවාහිනී වැඩීම අඩු කිරීමට මඟ සැලසිය යුතු බවය.


ඔහුගේ කෘතියේ පරමාර්ථය නම් මේ අපේක්ෂා මුදුන් පත් කර ගැනීම සඳහා ඔබ කුමක් කළ යුතුද යන්න පැහැදිලි කිරීමය. මෙහිලා වඩාත්ම වැදගත් වන්නේ පරිසරයේ ඇති අසමතුලිත භාවයන්ගෙන් ඔබ ආරක්ෂා වී පිළිකා වර්ධනය කරන සීනි, සුදු තිරිඟු පිටි හා සත්ව මේදය අඩංගු ආහාර ගැනීමෙන් වැළකී සිටීමය. පිළිකාවලට එරෙහිව සටන් කරන පයිටොකෙමිකල් (Petrochemical) සංයුතීන් අඩංගු කොළ තේ, කොළ එළවළු වර්ග සහ කහ වැනි දෑ ප්‍රධාන වශයෙන් ඔබේ ආහාරයට එක් කර ගත යුතුය. මීට අමතරව මානසික තත්ත්වය නිරවුල්ව තබා ගෙන ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත්ව තබා ගත යුතුය. ඔබේ ඇඳුම් වියළිව පිරිසිදු කර ගැනී​ෙමන් පසු (Dry Cleaned) ගෙමිදුලේ සුළං වැදීමට සැලැස්වීමෙන් ඒවායේ ඇති පිළිකා ජනක රසායනයන් ඉවත් කර ගත හැකි වේ. මෙවන් එදිනෙද‌ා ජීවිතයේ සාමාන්‍ය කරුණු ද මේ කෘතියේ අඩංගු වේ. ආහාර පුරුදු වෙනස් කර ව්‍යායාමවල නිරත වී ආතතිය පාලනය කිරීමෙන් ඔබට මේ අපෙක්ෂා මුදුන් පත් කර ගත හැකිය.


මේ කරුණු සියල්ල එක් තැන් කර කෘතියක් වශයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. එහි දැක්වෙන පරිදි පිළිකා හට ගැනීමෙන් ආරක්ෂා වීම සඳහා ඔබ ගත යුතු ආහාර පාන වර්ග කිහිපයක් පහත දක්වා ඇත.
රතු වයින් - මිදි යුෂවලට වඩා වයින්වල පිළිකා කාරකයන්ට එරෙහිව සටන් කරන පොලිපෙනෝල් සාන්ද්‍රණය (Poly phenol) වැඩිය.


කොළ තේ - පිළිකා ගැටිති වැඩීමට අවශ්‍ය අලුත් රුධිරවාහිනී නිර්මාණය අවහිර කරන Epigallocatechin Gallate (EGCG) නම් අණුක කොළ තේවල අඩංගුය.


තද දුඹුරු පැහැති චොක්ලට් - කොකෝවා 70% කට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු චොක්ලට් පිළිකා සෛල වැඩි මේ වේගය අඩු කර ප්‍රතිඔක්සිකාරකයන් Proahthocyanidins සහ Polypenols වලින් පොහොසත්ය.
දෙළුම් යුෂ - පැරණි පර්සියානු වෛද්‍ය ක්‍රමයේ දී උපයෝගී කර ගන්නා ලද දෙළුම් යුෂ, පුරස්ථි ග්‍රන්ථි පිළිකා වර්ධනය වීම වළක්වාලන බව දැන් හෙළි වී තිබේ. දිනපතා මෙම යුෂ පානය කිරීමෙන් පිළිකාව පැතිරීමේ වේගය තුනෙන් දෙකකින් අඩු කර ගත හැකිය.


මුහුදු පැළෑටි - මුහුදු පැළෑටිවල පියයුරු, පුරස්ථි ග්‍රන්ථි, සමේ සහ මහ බඩ වැල පිළිකා වර්ධනය වීමේ වේගය අඩු කරන අණුක අඩංගු වේ.


මල් ගෝවා -  ගෝවා පවුලට අයත් එළවළුවල Sulforaphane සහ Indole 3 Carbinols (136) අඩංගු අතර මේවා පිළිකා කාරක ද්‍රව්‍යවල විෂ නැසීමට සමත් ප්‍රබල ප්‍රති පිළිකා අණුකයන්ය.


​දොඩම්, විෂ නැසීමේ ශක්තිය වැඩි කරයි - දොඩම් කුලයට අයත් පළතුරුවල ප්‍රතිප්‍රද‌ාහ හා පිළිකා කාරකවල විෂ නැසීමට අක්මාවට උපකාර වන ෆෙල්වනයිඩ්ස් අඩංගු වේ. ජමනාරන් ලෙලිවල අඩංගු ෆෙල්වනයිඩ්ස් මොළයේ පිළිකා සෛල විනාශ කිරීමටත් ඒවා පැතිරීම වළක්වාලීමටත් උපකාර වේ. දොඩම් ලෙලි තේ හෝ උණු වතුරේ පොඟවා හෝ පෙරන් ගා සලාද සමග ආහාරයට ගත හැකිය.


පිළිකා සෛල පැතිරීම වම්බටු මගින් පාලනය කරයි.


වම්බටු ටර්පේන් ලබා ගත හැකි හොඳම මාර්ගයකි. අනෙක් පටකයන් ආක්‍රමණය කිරීමට පිළිකා සෛලවලට අවශ්‍ය එන්සයිම අවහිර කිරී​ෙමන් පිළිකා කාරක ගැටිති මත මේවා ක්‍රියා කරයි. රොස්මේරි මිංචි ආදී පැළෑටි ද ටර්පේන් පවුලට අයත් අත්‍යාවශ්‍ය තෙල්වලින් පොහොසත්ය.


අනතුරුද‌ායක හෝමෝන ටෝෆු මගින් අවහිර කරයි.


ටෝ​ෆු මිසෝ බෝංචි අංකුර ආදියේ අඩංගු සෝයා එසොෆෙල්වන්ස් (Soy Isoflavones) පිළිකාවන්ට එරෙහිව සටන් කරන පයිටොකෙමිකල් අණුකවලින් සමන්විතය.


(Phytochemical Molecules) පියයුරු පිළිකා අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වන ටැමොක්සිපින් (Tamoxipin) නම් ඖෂධය මෙන් මේවා ක්‍රියා කරයි. යොවුන් වියේ සිට සෝයා ආහාරයට ගන්නා ආසියානු කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ ප්‍රවණතාව බෙහෙවින් අඩුය.


කහ ප්‍රබල ප්‍රතිප්‍රද‌ාහ ඖෂධයකි


ව්‍යාංජනවල කහ පැහැය ඇති කරන ප්‍රධාන කුළු බඩුව වන කහ මගින් පිළිකා වැඩීම වළක්වාලයි. මෙය මහ බඩ වැල, අක්මා, ආමාශ, පියයුරු හා ඩිම්බකෝෂ පිළිකා සමගත් ලියුකේමියාවට එරෙහිවත් සටන් කරයි. නිතිපතා කහ ආහාරයට ගන්නා ඉන්දියානුවන්ට බටහිර ජාතීන් සමග සසඳන විට පෙණහලු පිළිකා වැළඳීමේ අවද‌ානම අටෙන් එකකින් අඩුය.


කුම්බලා මාළු පිළිකා සෛල පැතිරීම නතර කරයි.


පෙණහලු, පියයුරු, මහ බඩවැල, පුරස්ථි ග්‍රන්ථි හා වකුගඩු ආදියේ අර්බුදකාරී ගැටිතිවල පිළිකා සෛළ වැඩීම අඩු කරන ​ඔමෙගා 3 වැනි මේද අම්ල ලබා ගත හැකි ප්‍රධාන මාර්ගයක් ලෙස කුම්බලාවන් සැලකේ. සතියකට දෙවරක් මාළු ආහාරය ගැනීමෙන් පිළිකා හට ගැනීම වළක්වා ගත හැකි බව අධ්‍යයනයන් ගෙන් හෙළි වී තිබේ. ප්‍රතිශක්ති සෛල උත්​ෙත්ජනය කරන සිලේනියම් (Selenium) වලින්ද මේවා පොහොසත්ය.


පිළිකා කාරක ගැටිතිවල සෛලවලට එරෙහිව සටන් කිරීමේලා සිරුර සතු ශක්තිය තක්කාලි මගින් වැඩි කරයි.


පිළිකා වැඩීමේ වේගය අඩු කරන හා ග්ලියෝමා (Glioma) නම් මොළයේ පිළිකා ගැටිතිවලට එරෙහිව සටන් කිරීමේ ශක්තියක් ඇති විටමින් ඒ සහ ලයිකොපේන් තක්කාලි, කැරට්, බීට් රූට් හා ඇප්රිකොට් වැනි එළවළු හා පලතුරුවල වැඩි වශයෙන් අඩංගු වේ. තක්කාලි සෝස් සතියකට දෙවරක් ආහාරයට ගන්නා පිරිමින් පුස්ර්ථි ග්‍රන්ථි පිළිකාවලින් ආරක්ෂා කෙරේ.


පිළිකා කාරක ශක්තීන් සුදු ලූණු මගින් අඩු කරයි.


ඉපැරණි ඖෂධයක් වන සුදු ලූණුවල අඩංගු ගෙන්දගම් සංයෝගයන් දුම් කොළ හා අධික ලෙස පුලුස්සන ලද මස්වල ඇති පිළිකා කාරකයන් අඩු කර මහ බඩ වැල, පියයුරු, පෙණහලු, වකුගඩු හා පුරස්ථි ග්‍රන්ථි ආදියේ හටගන්නා පිළිකාවලට හා ලියුකේමියාවට එරෙහිව සටන් කරයි. පිළිකා සෛල සීමා කිරීමට උපකාර වන රුධිර සීනි මට්ටම් ද මෙමගින් විධිමත් කරයි.

 

 

 

 

 

 

​ෙක්.එන්.ඕ. අමරද‌ාස