තරබාරුව මට්ටු කරන ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන


 

තරබාරුව කියන්නේ කිසිම සමාජයක නිරෝගී බවට හේතු වන්නේ යැයි පිළිගත් තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම තරබාරු බව නිසා සිරුරේ හැඩයට ඇතිවෙන අවලස්සන වගේම සෞඛ්‍යමය වශයෙන් ප්‍රශස්ත නොවෙන අතුරුඵල රාශියක්ම ඇතිකරවන නිසා ලොව පුරාම තරබාරුවෙන් අත්මිදෙන්න එක හා සමාන අවශ්‍යතාවක් මතුව තිබෙන බව ඔබ දැනටමත් දන්නා කාරණයක් විය හැකියි. ඒනිසා තරබාරුකම අඩුකරගන්න සියලු දෙනාටම මහත් ඕනෑකමක් ඇති බව කීවොත් එය වරදක් නොවෙයි.   


විශේෂයෙන් එදා සමාජයේ දරුවන් ලැබූ පසු වුවත් කාන්තාවන් එසේ අධික මහත සිරුරකට හිමිකම් කියූවේ නැහැ. ඒ අය ගේ ආහාර රටාව මෙන්ම ඇවතුම් පැවතුම් මේ තත්ත්වයට හේතු වූවා යැයි පවසන අයට කිසිම ආහාර පාලනයක් නොමැතිව, කිසිදු ඖෂධයක් ශරීරගත නොකර, කිසිදු උපකරණයක් භාවිත නොකර, කිසිම ව්‍යායාමයක් භාවිත නොකර අධික තරබාරුවෙන් ගැලවෙන්නට මගක් තිබුණා යැයි පැවසුවහොත් ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද?   


ආසිරි සෙන්ට්‍රල් රෝහලේ, ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන එවැන්නක්. මෙය ලංකාවට අලුත් අත්දැකීමක් වූවාට ලොව පුරාම මේ අතුරු ආබාධ රහිත ප්‍රතිකාර ක්‍රමය ඉතාම ජනප්‍රිය බවත් නොකියාම බැහැ. සිරුරේ නිල ස්ථාන උත්තේජනය තුළින් මේද ස්ථරය ස්වභාවිකව දියකර හරින ඉහත කී ක්‍රමය සියයට සියයක්ම සාර්ථක නිසා මෙය තරබාරු සිරුර මට්ටු කරන්නට හොඳම ක්‍රමයක් වී තිබෙනවා. මේ ඒ සම්බන්ධ ඔබ දැනගත යුතුම කතාවයි.   


සිරුර තරබාරු වෙන්නේ කොහොමද? මේ කතාවට ඔබේ උත්තරය නිකම්ම කියල වෙන්න පුළුවන්. ඔව් නිකම්ම සිරුර තරබාරු වෙන්න නිකම් ඉඳීම නැතිනම් ව්‍යායාමයෙන් තොරවීමත් බලපාන්න පුළුවන්. ඒත් එය තරබාරු බවට බලපාන එකම හේතුව නම් නෙවෙයි. තරබාරු බවට විවිධ හේතු බලපාන්න පුළුවන්. තරබාරු බව වැඩි කරන හේතුව කුමක් වුවත් තරබාරු බව මට්ටු කරන්න හැම අයෙකුටම දැනට සුලභව පවතින සමහර ක්‍රම සාර්ථක නොවී පැවතිය හැකියි. එනම් ආහාර පාලනය, ව්‍යායාම සහ යම් යම් උපකරණ තුළින් හා ඖෂධ මගින් යන කාරණා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ප්‍රතිඵල ලබාදෙන්නට හැකියි.   


තරබාරුව ඇතිවෙන්නේ කෑම නිසා යැයි ඇතමුන් තරයේම සිතා සිටිනවා. සත්‍යය එය නොවේ. සමහරු කොතරම් අඩුවෙන් කෑම ගත්තත් ඔවුන් අතරිනුත් මහත් වෙන පිරිස සොයාගන්නට හැකියි. මෙහිදී ඔවුන්ට වඩා වැඩියෙන් ආහාර ගන්නා අය කිසිවිටෙක මහත් නොවීමට හේතු වන තත්ත්වයන් සලකා බැලීමේදී ඒවා දහනයවීමේ ක්‍රියාවලිය ඉතාම කාර්යක්ෂම බව දැක ගන්නට පුළුවන්. තරබාරුබව ඇතිවීමට බලපෑ මේදය දහනයවීමට බලපානු ලබන කාර්යක්ෂම බවෙහි ඇති වෙනස්කම් නිසා මේදය දහනය නොවී මේද තට්ටු වශයෙන් සම යට තැන්පත්වීම අරඹන්නට පුළුවන්.   


තරබාරු බව සතියෙන් දෙකෙන් ඇතිවන දෙයක් නොවන බව ඔබ දන්නවා. කාලයක් තිස්සේ සමට යටින් තැන්පත්වන මේදය ක්‍රම ක්‍රමයෙන් තරබාරු බරින් වැඩි සිරුරක් ඇතිකරවන බව සත්‍යයක්. මහත්වන සිරුරක් ඇති අය ව්‍යායාම් කරන බව කීවත් එයින් ප්‍රතිඵල නොලබන්නට හේතුව ව්‍යායාම අවසානයේ කිසියම් රථයකින් නිවසට පැමිණෙන අතර කෙටි කෑම හෝ පිෂ්ටය අධික පහසුවෙන් ලබාගත හැකි තෙල් ආධාරයෙන් සකස් කළ ආහාර භාවිතයයි. තරබාරුවට අප මෙතරම් බිය ඇයි?   


 තරබාරුවත් සමග අපට අහිමි වෙනුයේ සිරුරේ ප්‍රසන්න පෙනුම පමණක් නොවේ. සමේ පැහැපත් බවද යම් හානියකට පත්විය හැකිය. එමෙන්ම අස්ථිවල ගෙවීයාම්ද දණහිස් හා කෙණ්ඩේ ආබාධ, කොලෙස්ටරෝල් අධික බව මෙන්ම රුධිර පීඩනයේ වෙනස්කම් ආදිය ඇතිවීම දැකිය හැකි අතර දියවැඩියාව, හෘද රෝග මෙන්ම ආඝාත අවදානමද පිළිකා රෝග අවදානමද නොදැනීම තරබාරුව හා එක්වෙන බව ලොව පුරාම පිළිගත් මතයකි. තරබාරුව ඇතිකරන හේතු එකිනෙකට වෙනස් බව අප කීවේ ඇතමුන් ආහාර මතම නොව හෝර්මෝන සහ ආරය ඇතැම් ඖෂධ ආදිය හේතුවෙන්ද බර වැඩි වී ඇති බව දත්ත අනුව පැවසෙන බැවිනි.   


 දැන් අපි මෙසේ බර වැඩිවීම සඳහා එය මට්ටු කරන්නට සමත් පිළියම් සම්බන්ධයෙන් විමසීමක් කරමු.   


 ඇතමුන් මේ සඳහා ෆුඩ් සප්ලිමන්ට්ස් යොදාගන්නා බව අප කවුරුත් දන්නා කාරණයකි. ෆුඩ් සප්ලිමන්ට්වලින් බර පාලනය කළ හැකි නම් මෙතරම් ෆුඩ් සප්ලිම්න්ට් දවසින් දවස ලොව පුරා බිහිවන්නේ ඇයි? මේවා සියලු දෙනාටම එක සේ ගැළපෙන්නක් නොවන බැවිනි. අනෙක් කරුණ නම් එම බර අඩුකරවීමේ ආහාරමය සැකසුම් තරමක් මිල අධික වන අතර ඒවායින් නියමිත ප්‍රතිපල ලැබෙන බවට ස්ථීරවම සහතිකයක් නොවේ. තරබාරු බව යනු නිසි පෝෂණයක් ඇති බවට සහතිකයක් නොවෙන තත්ත්වයකි. ඇතැම් අය අධිපෝෂණය නිසා තරබාරු වුවත් ඇතැමුන් එසේ නොවෙයි. එහෙයින් හිතුමතයට ආහාර පාලනය ආහාර වේල් මගහැරීම වෙනත් ආකාරවලින් කෙනෙකුට බලපෑම් එල්ල කළ හැකි වැරදි සෞඛ්‍ය පුරුදු ලෙස හැඳින්විය හැකිය.   


එහෙයින් ආහාර පාලනය කළ යුත්තේද නිසි වෛද්‍ය උපදෙස් ඇතිව බව ඔබට වැටහෙනවා ඇති. එසේ නම් ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන තරබාරුව මට්ටු කරන ක්‍රමය තුළ ඇති සාර්ථක බව මනින්නේ කෙසේද යන්න අපි දැන් විමසා බලමු.   

 


ස්ලිම් ඇන්ඩ් හෙල්දි පළමුව විමසා බලන්නේ ඔබේ සිරුරේ බර සහ මිමි පිළිබඳවයි. වයසට සහ උසට ගැළපෙන බරක් නැතිනම් ඔබට නියමිත ශරීර ස්කන්ධ දර්ශකය කුමක්දැයි මූලිකවම සොයා බැලෙයි. මෙම ක්‍රමයෙන් සිහින් වෙන්නට හා බර අඩුකරගන්නට වෙනත් කිසිම රෝගයකට ලබන ප්‍රතිකාර බාධාවක් නොවේ. දියවැඩියාව අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් අධිකතාව හෘද රෝග, මේ ආදී බෝ නොවන රෝග කොතරම් පැවතියත් ඒවාට ඔබ කොතරම් ප්‍රතිකාර ලබමින් හා ඒවා භාවිතකරමින් සිටියද ස්ලිම් ඇන්ඩ් හෙල්දි ක්‍රමයෙන් බර සහ මහත අඩුකරගන්නට කෙනෙකුට කිසිදු බාධාවක් නොපවතී.   


වයස අවුරුදු දහයෙන් පහළ දරුවන්ට සහ ගර්භණී මවුවරුන් පමණක් හැරෙන්නට අනෙකුත් ඕනෑම රෝගියෙකුට සියයට සියයකම සාර්ථක බවක් මෙයින් ලද හැකිය. ශරීරයේ ප්‍රෙෂර් පොයින්ට්ස්. නැතිනම් නිල ස්ථාන තෙරපීමෙන් සහ ක්‍රියාකාරී කරවීමෙන් පමණක් අතිසාර්ථක ලෙස සිරුරේ බර අඩුකරගන්නට හැකියාව උදාවන්නේ කෙසේදැයි අපි දැන් සවිස්තරව විමසා බලමු.   


මේදය දහනය කිරීම සඳහා උපකාරී වන ශාරීරික ක්‍රියාවලියට ආධාර කරන ස්නායු පිහිටා ඇති තැන් ක්‍රියාකාරී කළ විට එම ස්නායු හොඳින් ක්‍රියාත්මක කිරීම අරඹන අතර එම නිල ස්ථාන එසේ ක්‍රියාකරවීම නිසා ශරීරයේ සෙසු සෑම මාංශ පේශියක් කරාම එම ස්නායු ආවේග ගමන් කර එහි තැන්පත්ව ඇති මේදය දියකර බහිශ්‍රාවය මගින් ඉවත්කිරීම අරඹයි. සැබවින්ම මෙම ස්නායු ක්‍රියාකරවීම සියයට සියයක්ම වේදනා රහිත වන අතර එම නිල ස්ථාන හා බර වැඩිවීමට බලපා ඇති සරල හේතුන් නිර්ණය කරමින් එම හේතු අක්‍රියකරවීම මෙහි මූලික පසුබිමයි. ශරීරයේ නිල ස්ථාන උත්තේජනය කරවීමෙන් මේදය දියකර හැරියත් එයින් ලබන සිහින් බව, සම එල්ලා වැටීම හෝ සිරුරේ සිහින් බවක් ඇති වනවිට දිස්වන රැළි ඇති නොවෙයි. සැබවින්ම මේ ක්‍රමයෙන් සිහින්වීම හෝ බර අඩුකර ගැනීමේදී කිසිදු අතුරු ආබාධයක් ඇති නොවෙයි.   


 එමෙන්ම විශාල උදරය, පපුව, පිට, ඉණ, කකුල් සහ අත්, කලවා සහ බාහු බෙල්ලට යටින් ඇතිවන එල්ලා වැටීම් ආදිය සියල්ලම සිරුරට කිසිම අපහසුතාවක් හෝ අවලස්සන එල්ලා වැටීම්වලින් තොරව නිසි හැඩයක් පැහැපත්බවක් සහිතව සිහින් කරවීමට ලොව පුරාම පිළිගත් ක්‍රමයකි මේ. සිරුරේ නිල ස්ථාන උත්තේජනය කිරීමෙන් සිදුකරන මෙම නිල ප්‍රතිකාර ක්‍රමය දැනට වසර දහයකට අධික කාලයක් කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදුකරනු ලබයි. ආසිරි සෙන්ට්‍රල් රෝහලේ පස්වැනි මහලේ ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන සහ එම ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටා ඇති අතර 0773237738 හෝ 07155555655 අංකවලින් ඇමතීමෙන් අදාළ වෛද්‍යවරයා වෙතින්ම ඔබේ ගැටලුවලට අවශ්‍ය පිළිතුරු ලබාගන්නටද හැකියාව පවතී.   


 කාර්ය බහුල බව නිසා ව්‍යායාමයෙන් හෝ ආහාරවලින් බර අඩුකරගන්නට වෙලාවක් නැති ඔබට ඒකාන්තයෙන්ම සිරුරේ බර අඩුකරගන්නට ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහනට එක්විය හැකිය. එමගින් මාස 3 ත් 6 අතර ස්ථීර වශයෙන් සිරුරේ බර අඩු වී සිහින් වන බව ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන ස්ථීර වශයෙන්ම පවසයි. ඇතැම් අය සති කීපයකදී මෙම ක්‍රමයෙන් සාර්ථකව බර අඩුකරගන්නා අතර එසේ වන්නේ ඔවුන්ගේ තරබාරුව වඩා පරණවන්නට ඉඩ නොහැරීම නිසාය. දීර්ඝකාලීනව විශාල උදරයක් පැවති අයෙකුගේ මාංශ පේශී වඩා විශාල වී ඒ තුළ අධික තෙල් තැන්පතු ඇති වූ විට උදරය අඩුවෙන්නේ ඉතාම සෙමින් යැයි මෙයින් අදහස් නොකරයි. වසර ගණනාවක් පුරා අනවශ්‍ය ලෙස තෙල් තැන්පතු ඇතිවන්නට ඉඩ හළ ශරීරයක එම තෙල් තට්ටු දහනය ඉතා ඉක්මනින් දවසකින් දෙකකින් අඩුවන්නේ නැත. මාසයක් දෙකක් ඇතුළත මේ දිගුකාලීනව තැන්පත් වූ තෙල් තට්ටු දියවී සිරුරේ නිසි හැඩය ඉස්මතු කරයි.   


එමෙන්ම සිරුරේ නිවැරදි ශරීර ස්කන්ධ දර්ශකයට පැමිණීමට නොහැකිව ළතවන අධී බර හෝ ස්ථූල පුද්ගලයින්ට මෙම ක්‍රමය තුළින් ලබාගත හැකි සාර්ථකත්වය අතිවිශාලය. සතියකට තෙවතාවක්වත් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉක්මනින් බර අඩුකරගන්නටත් නිසි පරිදි සිරුරේ හැඩය පවත්වාගන්නටත් මග සලසන බැවින් ස්ලිම් ඇන්ඩ් හෙල්දි ඔබේ අනවශ්‍ය බර පාලනය කරනවා පමණක් නොව නැවත සුපුරුදු ස්ථූලභාවයට පත්වීමද පාලනය කරයි.   


 දරු ප්‍රසූතියෙන් පසු සිරුරේ බර අඩුවීම වෙනුවට අධි බර තෙක් ගමන්ගත් කාන්තාවන්ට, විවිධ කායවර්ධන ව්‍යායාම් කර පසුව අතහැරීම නිසා තමන් මහත් වූවා යැයි කියන සියල්ලන්ගේම තරබාරු බවට ප්‍රතිකාර මෙහි පවතී. අවුරුදු දහයට වඩා වැඩි නව යොවුන් වියේ සිරුරේ වැඩීමෙහි කිසියම් අසමතුලිත බවක් නිසා තරබාරු බවට මුහුණ දුන් දරුවන්ටද ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහනේ උපකාරයෙන් ශක්තිමත් සහ එල්ලා නොවැටෙන මාංශ පේශී ඇතිකරගන්නටත් ශරීරයේ වැඩීමත් සමග නැවත තරබාරු බවට ළංවන්නට ඇති ඉඩකඩත් සීමාවන බැවින් දැන් ඔබට ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහනේ උපකාරයෙන් ඒ සියල්ල කිසිදු අතුරු ආබාධයකින් තොරව විසඳාගත හැකිය.

 

 

සටහන - ඡායාරූප : 
නාලිකා රාජපක්ෂ