ඔබ නොදකින-නොපෙනෙන ඔබේ ජීවිතයේ සැඟවුණු මංගල කරුණු


නිසල තපෝ වන සෙනසුනක ‘සපිරුණු මෙත් සිතින්’ යුතුව විමුක්ති සුවය අත්විඳිමින් වැඩ වසන ඒ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඔබෙත් මගෙත් මහත් වූ කුසලයටම පහළ වූ බව හැඟේ. තථාගත අමා මෑණියන් වහන්සේ වදාළ සදා නිවී සැනසෙන ලොව්තුරු දහම් තමා තුළින්ම ප්‍රායෝගිකව අත්දැක, අත්විඳ ඒ ‘දහම් සාරය’ අපට බෙදා දෙන්නට මෙම නිවුණු උතුමෝ, තම මුළු දිවියම කැප කරමින් සුවසේ වැඩ වසන සේක. උන් වහන්සේ වෙතින් නිරායාසයෙන්ම ගලා එන ‘නිවන් දකිමු’ දහම් පණිවිඩය තුළින් නිමක් නොපෙනෙන සසර ගමන නිමා කොටගෙන පූර්ණ නිවීමෙන් සදාකාලික සුවය අත්විඳ ගන්න ‘අප සැමට’ උන්වහන්සේ මෙත් සිතින් අැරැයුම් කරන සේක. කුසල් බර පින්වතුනි. අවදිවන්න මේ එයට කාලයයි.   


අසේවනා ච බාලානං   
පණ්ඩිතානං ච සේවනා   
වාසනාවන්ත පින්වත්නි,   


ඔබේ උත්පත්තියේ වටිනාකම ඔබ තවම නොදන්නවා වෙන්නට පුළුවන. ඔබට ප්‍රශ්න ගැටලු ඇති නමුත් එයට හේතුව තවම නොදන්නවා වෙන්නට ද පුළුවන. ඒ ප්‍රශ්න ගැටලු හැම එකකටම උත්තරය ඔබ තුළම තිබෙනවා කීවොත් ඔබ එයට එකඟ ද?   


අසේවනාච බාලානං යන පාලි පාඨයේ අර්ථය බාලයන් ඇසුරු කරන්න එපා කියන බව අප දැන සිටියා. අසත්පුරුෂ වැඩ කරන, මිනිසුන්ට කරදර කරන, ගුණධර්ම නැති අය බාලයන් කියා අපි සිතනවා. බාලයන් මොවුන් නම් ගෞතම බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත කාලය පුරාවටම ඇසුරු කළේ මොවුන් නොවේ ද? ආර්ය උත්තමයන් බවට පත් වුණේ රහතන් වහන්සේලා නෙවෙයි. ඒ කියන අය බාලයන් නම් මේ කියන ධර්මය ලෞකික එකක් නොව ලෝකෝත්තර එකකි.   


පින්වත්නි, මේ කියන බාලයා සිටින්නේ බාහිර ලෝකයේ නොව තමාගේම බඹයක් පමණ උස තිබෙන තමාගේම කය තුළයි. අපේම ඇස අපගේ බාලයාය. අපි බාහිර ලෝකය දෙස ලෝබයෙන් දකින විට දැන් ඒ ලෝබය තුළින් දුක හට ගන්නා විට ඇස බාලයා බවට පත් වී හමාරයි. අපි බාහිර ලෝකය දෙස ද්වේශයෙන් දකින විට දැන් ඒ ද්වේෂය තුළින් දුක හට ගන්නා විට ඇස බාලයා බවට පත් වී හමාරයි. අපි බාහිර ලෝකය දෙස මෝහයෙන් දකින විට දැන් ඒ මෝහය තුළින් දුක හට ගන්නා විට ඇස බාලයා බවට පත් වී හමාරයි. අපි බාහිර ලෝකය දෙස රාගයෙන් දකින විට දැන් ඒ රාගය තුළින් දුක හට ගන්නා විට ඇස බාලයා බවට පත්වී හමාරයි.   
පණ්ඩිතයා සිටින්නේත් අප තුළමයි. මෙසේ ලෝබයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දකින ඇස අලෝබ අද්වේෂ අමෝහයෙන් දකින්නට දක්ෂ වන විට ඒ නිකෙලෙස් තුළින් පණ්ඩිතයා ඇසුරු කිරීමට ලැබෙනවා. මෙතෙක් ඔබ ඔබට බාලයකු වුණා නම් මේ මොහොතේ සිට ඔබ ඔබට පණ්ඩිතයකු වන්න.   


අපි බාහිර ලෝකයේ ශබ්ද ලෝබයෙන් අසන විට දැන් ඒ ලෝභය තුළින් දුක හට ගන්නා විට, කන බාලයා බවට පත් වී හමාරයි. අපි බාහිර ලෝකයේ ශබ්ද ද්වේෂයෙන් අසන විට දැන් ඒ ද්වේශය තුළින් දුක හට ගන්නා විට කන බාලයා බවට පත් වී හමාරයි. අපි බාහිර ලෝකයේ ශබ්ද මෝහයෙන් අසන විට දැන් ඒ මෝහය තුළින් දුක හට ගන්නා විට කන බාලයා බවට පත් වී හමාරයි. අපි බාහිර ලෝකයේ ශබ්ද රාගයෙන් අසන විට දැන් ඒ රාගය තුළින් දුක හට ගන්නා විට කන බාලයා බවට පත්වී හමාරයි.   


පණ්ඩිතයා සිටින්නේත් අප තුළමයි. මෙසේ ලෝබයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අසන කන අලෝභ අද්වේෂ අමෝහයෙන් අසන්නට දක්ෂ වන විට ඒ නිකෙලෙස් තුළින් පණ්ඩිතයා ඇසුරු කිරීමට ලැබෙයි. මෙතෙක් ඔබට ඔබ බාලයකු වුණා නම් මේ මොහොතේ සිට ඔබ ඔබට පණ්ඩිතයකු වන්න.   


අපි බාහිර ලෝකයේ රස ලෝබයෙන් විඳින විට දැන් ඒ ලෝබය තුළින් දුක හට ගන්නා විට දිව බාලයා බවට පත්වී හමාරයි. අපි බාහිර ලෝකයේ රස ද්වේෂයෙන් විඳින විට දැන් ඒ ද්වේෂය තුළින් දුක හට ගන්නා විට දිව බාලයා බවට පත්වී හමාරයි. අපි බාහිර ලෝකයේ රස මෝහයෙන් විඳින විට දැන් ඒ මෝහය තුළින් දුක හට ගන්නා විට දිව බාලයා බවට පත්වී හමාරයි. අපි බාහිර ලෝකයේ රස රාගයෙන් විඳින විට දැන් ඒ රාගය තුළින් දුක හට ගන්නා විට දිව බාලයා බවට පත්වී හමාරයි.   


පණ්ඩිතයා සිටින්නේත් අප තුළමයි. මෙසේ ලෝබයෙන් ද්වේෂයෙන් මෝහයෙන් රස විඳින විට අලෝබ අද්වේෂ අමෝහයෙන් විඳින්නට දක්ෂ වන විට ඒ නිකෙලෙස් තුළින් පණ්ඩිතයා ඇසුරු කිරීමට ලැබේය. මෙතෙක් ඔබට ඔබ බාලයකු වුණා නම් මේ මොහොතේ සිට ඔබ ඔබට පණ්ඩිතයකු වන්න.   


අපි බාහිර ලෝකයේ ජීවත් වනවිට ලෝභයෙන් හැසිරෙමු නම් ඒ ලෝභය තුළින් දුක හට ගන්නා විට කය බාලයා බවට පත්වී හමාරයි. අපි බාහිර ලෝකයේ ජීවත් වන විට ද්වේෂයෙන් හැසිරෙමු නම් ඒ ද්වේශය තුළින් දුක හට ගන්නා විට කය බාලයා බවට පත් වී හමාරයි. අපි බාහිර ලෝකයේ ජීවත් වන විට මෝහයෙන් හැසිරෙමු නම් ඒ මෝහය තුළින් දුක හට ගන්නා විට කය බාලයා බවට පත්වී හමාරයි. අපි බාහිර ලෝකයේ ජීවත් වන විට රාගයෙන් හැසිරෙමු නම් ඒ රාගය තුළින් දුක හට ගන්නා විට කය බාලයා බවට පත්වී හමාරයි.   


පණ්ඩිතයා සිටින්නේත් අප තුළමයි. මෙසේ ලෝබයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හැසිරෙන කය අලෝබ අද්වේෂ අමෝහයෙන් හැසිරෙන්නට දක්ෂ වන විට ඒ නිකෙලෙස් තුළින් පණ්ඩිතයා ඇසුරු කිරීමට ලැබෙයි. මෙතෙක් ඔබට ඔබ බාලයකු වුණා නම් මේ මොහොතේ සිට ඔබ ඔබට පණ්ඩිතයකු වන්න.   


අපි බාහිර ලෝකයේ ජීවත් වන විට ලෝභයෙන් සිතමු නම් ඒ ලෝභය තුළින් දුක හට ගන්නා විට සිත බාලයා බවට පත්වී හමාරයි. අපි බාහිර ලෝකයේ ජීවත් වන විට ද්වේෂයෙන් සිතමු නම් ඒ ද්වේෂය තුළින් දුක හට ගන්නා විට සිත බාලයා බවට පත්වී හමාරයි. අපි බාහිර ලෝකයේ ජීවත් වන විට මෝහයෙන් සිතමු නම් ඒ මෝහය තුළින් දුක හට ගන්නා විට සිත බාලයා බවට පත්වී හමාරයි. අපි බාහිර ලෝකයේ ජීවත් වනවිට රාගයෙන් සිතමු නම් ඒ රාගය තුළින් දුක හට ගන්නා විට සිත බාලයා බවට පත්වී හමාරයි.   


පණ්ඩිතයා සිටින්නේත් අප තුළමයි. මෙසේ ලෝබයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිතන සිත අලෝබ අද්වේෂ අමෝහයෙන් සිතන්නට දක්ෂ වන විට ඒ නිකෙලෙස් තුලින් පණ්ඩිතයා ඇසුරු කිරීමට ලැබෙයි. මෙතෙක් ඔබට ඔබ බාලයකු වුණා නම් මේ මොහොතේ සිට ඔබ ඔබට පණ්ඩිතයකු වන්න.   


පින්වත්නි අප තුළ පවතින කෙලෙස්වල ස්වභාවය බාලයා වන්නේය. අප තුළ පවතින නිකලෙස් ස්වභාවය පණ්ඩිතයා වන්නේය. අද වර්තමානයේ සෑම ප්‍රශ්නයකටම මුල ලෝබ ද්වේෂ මෝහ හා රාග නම් ලෝකයේ සෑම ප්‍රශ්නයකටම උත්තරය අලෝබ අද්වේෂ, අමෝහ වැඩීම මිස වෙන යමක් විය හැකි ද? පෞද්ගලිකව ඔබේ සියලු ප්‍රශ්න ගැටලු ලැයිස්තු කොට බලන්න. එවිට සියල්ලම මේ කියන ලෝභ ද්වේෂ මෝහ හා රාගවලට අන්තර්ගත බව ඔබම පිළිගන්නේය.   


අපි අපේ ජීවිතවල පුරුදු පුහුණු කරන්නේ ප්‍රශ්න වැඩි වන පැත්තක් මිස අඩු වෙන පැත්තක් නොවේ. ගෞතම තථාගතයන් වහන්සේ පෙන්වන මාර්ගය තුළ සියලු සත්ත්වයෝ නිවෙනු නිසැකය. ඒ මාර්ගය නම් සලායතන තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමයි. සෑම චේතනාවකටම කර්මයක් සැකසෙනවා නම් ඒ කර්මය කුසල් වුවත් අකුසල් වුවත් නිර්මාණය වන්නේ සලායතන තුළින් නම් නිවැරදි කළ යුත්තේ සලායතනමය. සලායතන නොමැතිව කර්මයක් නිර්මාණය වන්නේවත් ඉපදීමක් හට ගන්නේවත් නැත. සත්‍යය එයයි. එයමයි. අනෙකක් නොවේ.   

 

 

 


ප්‍රශ්න සඳහා විමසන්න niwandakimu0@gmail.com   
දේශන සඳහා - www.youtube.comiwandakimu