හිටපු පුංචි මන්ත්‍රීන් රැසකට යළි ඡන්දෙ බෑ


(දයාසීලි ලියනගේ)  
පළාත් පාලන ආයතනවල මන්ත්‍රී තනතුරු ලබා සිටි 420 දෙනකුට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීමේ අවස්ථාව අහිමි වී ඇත.  


පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අනුමත කරනු ලැබූ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව අදාළ කොට්ඨාසයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අයට මින් ඉදිරියට මෙම මැතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි යැයි සීමාවක් පැනවී තිබේ.

මීට පෙර අදාළ කොට්ඨාසවල රජයේ සේවයේ යෙදී සිටි කෘෂිකර්ම පර්​ෙ‍ය්ෂණ නිලධාරීහු හා සංවර්ධන නිලධාරීහු පළාත් පාලන මැතිවරණවලට තරග කළහ. එවැනි නිලධාරීන් 420ක් ඉකුත් කාලයේ පළාත් පාලන ආයතනවලට පත්වී සිටි බව ද දැනගන්නට ඇත.