සියයට 70කට රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ


විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය   

 

(දයාසීලි ලියනගේ)   

කොරෝනා රෝගීන්ගෙන් සියයට 70 කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.   

මේ තත්ත්වය නිසා නිරෝධායනයේ යෙදී සිටින පිරිස අතර රෝගීන් සිටිනවා ද යන්න අනාවරණය කර ගැනීමට දින කීපයක් යන තත්ත්වයක් පවතින බව ද ඔහු කීය.   


මේ තත්ත්වය නිසා මෙතෙක් අවදානම් කලාප නොවන කලාපවල වෙසෙන ජනතාව වෛද්‍ය උපදෙස් තරයේ පිළිපැදිය යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.   


මේ මොහොත වනවිටත් රටම අවදානම් මට්ටමට පත්වී නොමැති අතර දැනට සිදු කරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 10,000 දක්වා වත් වැඩි කළ යුතුව ඇති බව ද විශේෂඥ වෛද්‍යවරයා කීය.   


හිරුඑළියෙන් ලබන ‘ඩී’ (D) විටමින් හා ක්ෂය රෝග එන්නත මගින් මේ රටේ ජනතාවට විශාල ප්‍රතිශක්තිකරණ ලබා දී තිබෙන අතර වයිරසයේ පැතිරීම යම් ආකාරයකට වැඩි වුවත් වයිරසය භයානක වී නැති බව ද ඔහු කීය.