ශ්‍රීලනිප මන්ත්‍රීවරු 21ක් දැඩි තීරණයක


(දයාසීලි ලියනගේ) 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු 21 දෙනාගෙන් බහුතරයක පිරිසක් ලබන ජනවාරි මාසයේදී දේශපාලන වශයෙන් අති විශේෂ තීරණයකට එළඹීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.  


සිය පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු පසුපස යාමට සිදුවී තිබීම ඇතුළු කාරණා කිහිපයක් නිසා යම් තීන්දුවකට එළඹෙන බව එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කීය.  
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ලද තීරණය නිසා දඬුවම් විඳීමට සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුනට බව ප්‍රකාශ කළ ඔහු ඇමැති පදවි පවා අහිමි වූ බව ද ප්‍රකාශ කළේය.  


පක්ෂයෙන් ඉවත් වීමට අදහස් නොකරන අතර පක්ෂය ආරක්ෂා කරන ආකාරයට කටයුතු කරන බව ද කීය.