විස්සට ශ්‍රීලනිපයේ පූර්ණ සහාය


 

(අජන්ත කුමාර අගලකඩ)  

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.  


විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රීලනිප විසින් ඉකුත්දා කමිටුවක්ද පත්කරනු ලැබූ අතර එම කමිටුවද 20 වැනි සංශෝධනයට උපරිම සහාය දිය යුතු බවට නිර්දේශ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.  

එම කමිටුවේ වාර්තාව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බාරදීමට නියමිතව ඇත. විසිවැනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රීලනිපය විසින් පත්කරන ලද කමිටුවේ ප්‍රධානත්වය දරන්තේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාය.