විස්ස සම්මත කළ පසු අලුත්ම ව්‍යවස්ථාවක් ගෙන එනවා


ජනපති ආණ්ඩු පක්ෂයට කියයි

(අජන්ත කුමාර අගලකඩ) 

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට පොරොන්දු වී ඇත. 

විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මැති අමැතිවරුන් දැනුවත් කිරීම සඳහා පසුගිය සතියේ පැවැති විශේෂ රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ලබාදී ඇත. 
විස්ස ගෙනෙන්නේ 19 අහෝසි කිරීමට බවත් ඉන් පසුව සියලු දෙනා සමග සාකච්ඡා කර රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. 
දහනව වැනි සංශෝධනය තබාගෙන තමාට වැඩ කළ නොහැකි බවත් තමාට වැඩ කරන්නට බලය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.