රෝහල් සියල්ල රජයට ගන්න


පළාත් සභා පණගන්වනවා නම් දොස්තර සංගමයෙන් රජයට කොන්දේසියක්

(දයාසීලි ලියනගේ)   

පළාත් සභා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරනවා නම් සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතට පත්විය යුතු අතර එසේ නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසීමට සිදුවෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. 

 
රටේ ජනතාවට ගුණාත්මක සමානාත්මක වෛද්‍ය පහසුකම් සැලසීමට නම් සෞඛ්‍ය සේවය මධ්‍යම රජයට පමණක් අයත් විෂයක් විය යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය.   

පළාත් සභා සඳහා වෙන වෙනම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යාමෙන් ජනතාවට ගුණාත්මක හා සමානාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදිය නොහැකි බව වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.