රැස්වීම් - උත්සව තහනම දිගටම


(අජන්ත කුමාර අගලකඩ)   

කො​රෝනා වයිසරය පැතිරයාම රට තුළ පාලනය වී ඇති නමුත්, මහජන ඒකරාශීවීම තවදුරටත් තහනම් බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවැසුවාය.   


ඒ අනුව, උද්ඝෝෂණ, විරෝධතා, මහජන රැස්වීම්, ප්‍රසිද්ධ උත්සව ආදිය පැවැත්වීමට ඉඩ නොලැබෙන බව ද ඇමැතිවරිය කීවාය.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල දී ද, මහජන රැස්වීම් තහනම් කර ඇතැයි කී වන්නිආරච්චි මහත්මිය කුඩා කණ්ඩායම් රැස්වීම්වලට ද සහභාගි කර ගත හැක්කේ 100 කට අඩු පිරිසක් යැයි සඳහන් කළාය.  


සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව කටයුතු කිරීමට කිසිවකුටත් හැකියාවක් නැති බව ද ඇමැතිවරිය කීවාය.   


කොරෝනා ආසාධිතයන් සමාජයෙන් වාර්තාවීමක් ගතවූ සති කිහිපය තුළම වාර්තා වී නැතැයි කී ඇමැතිවරිය, එසේ වුවද මහජන ඒකරාශීවීම් ආදියට සුදුසු පරිසරයක් තවමත් නිර්මාණයවී නැතැයි ද සඳහන් කළාය.