මෛත්‍රී මහින්ද හදිසි හමුවක්


(අජන්ත කුමාර අගලකඩ)  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් ඉකුත් සතියේ කොළඹදී සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (22) කොළඹදී ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයකුගේ නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර ඊට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකුද සහභාගි වූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.  

ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු හා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකුගේ මැදිහත්වීම මත මෙම හමුව සිදුවූ බවත් දෙදෙනා අතර සාකච්ඡාව පැයකට ආසන්න 
කාලයක් පැවැති බවත් වාර්තාවේ.  


මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව හමුවූ පළමු අවස්ථාව ද මෙය බව පැවසේ.