මරණ 91 යි 110 ක් අතුරුදන්


 

(ඩයනා උදයංගනී සහ අලුත්ගම සරත් සිරිවර්ධන) 
මහා වැසි සහ නායයෑම්වලින් දිවයින පුරාම 91 දෙනකු මියගොස් 110 දෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉකුත් සිකුරාදා සවස (26) සඳහන් කළේය.


මේ අතර මහවැසි සහ කඳු නායයෑම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 80 දෙනකු අතුරුදන්ව ඇති අතර 38 දෙනකුගේ මළ සිරුරු සොයා ගෙන ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.


දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී වසම් 138ක පවුල් 9210කට අයත් පුද්ගලයන් 40284 දෙනකු අවතැන් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.


වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ බුලත්සිංහල, පාහියන්ගල කන්ද නායයාමෙනි. එම ප්‍රදේශයේ හැට ගණනක් අතුරුදන්ව ඇතැයිද අයහපත් කාලගුණය නිසා ගලවා ගැනීමේ කණ්ඩායම් ගුවනින් ගොඩ බැස්වීමට බාධා පැමිණ ඇතැයිද පත්‍රය මුද්‍රණයට යන අවස්ථාවේ වාර්තා විය.