බදු පනතේ සැර බාල කරයි


ලොක්කන්ට සහනයක් 

(අජන්ත කුමාර අගලකඩ)  

බදු සංශෝධන පනතේ වගන්ති කිහිපයක් ළඟදී  වෙනස් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.  මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ අමාත්‍යාංශ ලේකම්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සතියේ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇතැයි ද වාර්තා වේ.  


රජයේ ඉහළ නිලධාරින්ට හා මැති ඇමැතිවරුන්ට ලැබෙන වාහන පහසුකම්, ඉන්ධන දීමනා ආදිය ආදායම් ලෙස සලකා අගය මත දැනට පනවා ඇති බදුවල යම් සංශෝධනයක් මේ යටතේ සිදුකෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.  

මෑතදී සම්මත කරන ලද නව බදු සංශෝධන පනත යටතේ, රජයේ ඉහළ නිලධාරීන්ගේ හා මැති ඇමැතිවරුන්ගේ වාහන පහසුකම්, ඉන්ධන හා අනෙකුත් දීමනා ආදායම් ලෙස සලකා වැටුපෙන් විශාල ප්‍රමාණයක් බදු වශයෙන් කපා ගැනීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව මැති ඇමැතිවරුන් හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද මීට පෙර පැමිණිලි කර තිබිණි.