පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි


(ඩබ් ඒ පියතිලක)


වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලැබෙන ජලය හේතුවෙන්  පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් දෙකක් අඩිය බැගින් විවෘත  කළ බව පොළොන්නරුව කළාපභාර වාරි අධක්ෂක එස්. කේ හේවාගම මහතා පවසයි.

පවතින අධික වර්ෂා තත්ත්වය සමඟ මෙලෙස වාන් දොරටු විවෘත කළ බවත් වර්ෂා තත්ත්වය පහව  ගිය විටදී නැවත වාන් දොරටු වසා දමන බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

එමෙන්ම  මහවැලි ගඟට මෙම වාන් ජලය පිටවන බැවින් ඒ ආශ්‍රිත  ගම්වල ජනතාව  සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා ජනතාවගෙන්  ඉල්ලා සිටියේය.