දෙපාර්ශ්වයම පොදු ලකුණකින් සන්ධානයකට එකඟවෙති?


අලියා ලකුණ දීම නීති උපදෙස් අනුව

(දයාසීලී ලියනගේ)   

එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර සිරිකොත මන්දිරයේදී සිකුරාදා සවස පැවැති සාකච්ඡාව බොහෝ දුරට සාර්ථක වූ බව හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.   

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (17) ප්‍රකාශයට පත් කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.   


ඒ අනුව දෙපාර්ශ්වයම එක්වී එක් සන්ධානයක් වශයෙන් පොදු ලකුණකින් තරගකිරීමට එකඟවූ බවද ඔහු කීය.   


මේ අතර මෙම සාකච්ඡාවට සහභාගිවූ රනිල් පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේ අලියා ලාංඡනයෙන් සන්ධානයට තරග කළ හැකිද යන්න පිළිබඳව නීතිඥ මණ්ඩලයකින් කරුණු විමසා බැලීමක් කරන බවය.   


සියයට 80ක් පමණ සාකච්ඡා සාර්ථකවූ අතර බොහෝ ගැටළු සාර්ථකව විසඳාගැනීමට හැකිවූ බවද ඔහු කීය.   
ඡන්ද පත්‍රිකාවේ ලාංඡන දෙකක් තිබීම අවාසියක් බවට මෙහිදී දෙපාර්ශ්වයම එකඟවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.