දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතින්ට නිල වාහනයක් සමග ඉන්ධන


(අජන්ත කුමාර අගලකඩ) 

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් සහ ඉන්ධන ලබා දීමට රජය තීරණය කර ඇත. 
ඒ සඳහා මුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඉකුත් බද‌ාද‌ා (18) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 


සෑම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයකුටම ඒ අනුව නිල වාහනයක් රජයෙන් හිමිවන අතර ඒ සඳහා ලැබෙන ඉන්ධන ප්‍රමාණය ඒ ඒ දිස්ත්‍රික්කය අනුව තීරණය වන බව පැවසේ. 

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර හිමි නොවූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිධුර හිමිව ඇති අතර ​ඔවුන්ට පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ඉකුත්ද‌ා පිරිනැමිණි.