තත්ත්වය අවදානම් ! වෛද්‍ය සංගමය අනතුරු හඟවයි


පිට රැටියන්ගෙන් පරෙස්සම් වෙන්න

(දයාසීලි ලියනගේ)  

කොවිඩ් වසංගතය පැතිරී යාමේ දැඩි අවදානම්සහගත තත්ත්වය නිසා සියලු අමාත්‍යංශ එකතු වී ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට පෙන්වා දී ඇත.  

ඉන්දියාව පුරා බරපතළ ලෙසින් පැතිරී යන කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ල නීති විරෝධී ලෙස මෙරටට පැමිණෙන අයගෙන් ශ්‍රී ලංකාවේද ප්‍රචලිත වීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.  

මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සියලු අමාත්‍යංශ හා ඒවාට සම්බන්ධ පෞද්ගලික ආයතන එකතු වී ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.  එන්නත රටට ලබා ගැනීම නිසා ජනතාව වෛද්‍ය උපදෙස් පවා නොසලකන තත්ත්වයක් පැවැති අතර දැන් යළිත් රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සඳහා පෙළඹිය යුතුව ඇති බවද ඔහු සඳහන් කළේය. 

 
සිංහල අලුත් අවුරුද්දෙන් පසු යළි කොරෝනා වසංගතය ඉස්මතු වෙන බැවින් පරෙස්සම් විය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කල් ඇතිව දන්වා තිබෙන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දුන්නේය.