ජාසිංහට තවමත් කොවිඩ් කමිටුවට කැඳවීමක් නෑ


(දයාසීලි ලියනගේ)   

කොවිඩ් මර්දන කමිටුවේ උපදේශකයකු ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කැඳවන බවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියත් ඒ සඳහා මෙතෙක් කැඳවීමක් කර නැති බව වාර්තා වේ.   

අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොවිඩ් මර්දන වැඩපිළිවෙලට විශාල ද‌ායකත්වයක් ලබා දෙමින් සිටිය දී ඔහු ඉවත් කිරීම පිළිබඳව විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර තිබුණි.   
එයට පිළිතුරු දෙමින් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ තමන් කතාව පවත්වන දිනයේ සිටම අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්දනය පිළිබඳව සාකච්ඡාවලට සහභාගි කර ගන්නා බවයි.  එහෙත් මේ දක්වාම ඔහු එවැනි සාකච්ඡාවලට සහභාගි කරගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.   


මේ පිළිබඳව විමසීමට අනිල් ජාසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.