ඡන්දෙට පෙර තවත් පිල්මාරු


(අජන්ත කුමාර අගලකඩ)  
පළාත් පාලන මැතිවරණයට පෙර තවත් දේශපාලන පිල්මාරු කිහිපයක් සිදුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


ආණ්ඩුවෙන් ඒකාබද්ධ විපක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවටත් වශයෙන් පාර්ලිමේන්තු හා පළාත් සභා මට්ටමින් මෙම පිල්මාරු සිදුවීමට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය සහ වීරකුමාර දිසානායක මහතා මීට සති කිහිපයකට පෙර ආණ්ඩුවට එක්වූ අතර මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය නායක සෝමවීර චන්ද්‍රසිරි සහ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයකුවූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ යන මහත්වරුද ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූහ.  


මේ අතර හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාද ආණ්ඩුවෙන් ඉවත්ව ගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයට ගිය සතියේ එක්විය.