කොරෝනා මරණ ගණන්හිලව් පරස්පරයි


මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය

(දයාසීලි ලියනගේ)   

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගල සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කරන සංඛ්‍යාව හා කොට්ඨාස මට්ටමින් ඉදිරිපත් වෙන සංඛ්‍යාව අතර පරස්පරතාවක් පැවතීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසීරුවට පත්වෙන අවස්ථා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කීය.  

ගම් මට්ටමින් කොරෝනා ​රෝගයෙන් මිය යන පුද්ගලයන් කොරෝනා නීතියට අනුව ආද‌ාහනය කරනු ලබන අතර එසේ මියයන පිරිස් පිළිබඳව වාර්තා නොකිරීම නිසා මිය ගිය පුද්ගලයන්ගේ ඥ‌ාතීන් මහජන පරීක්ෂකවරුන්ගෙන් ප්‍රශ්න කරන අවස්ථා ඇති බව ද බාලසූරිය මහතා කීය.   


 කොරෝනා රෝගයෙන් මියගිය ඥ‌ාතියාගේ සිරුර නිවසට ගෙන ඒමටවත් ඉඩ නොතබා ආද‌ාහනය කරනු ලබන නමුත් ඒ කිසිවක් වාර්තා නොවීම නිසා ඇතැම් මහජන පරීක්ෂකවරු ප්‍රදේශවාසීන්ගේ දෝෂාරෝපණයට ලක්වෙන අවස්ථා තිබෙන බව ද ලේකම්වරයා කීය.