එජාපයට තවත් රාජ්‍ය නි: ඇමැතිධුර 6ක්


(අජන්ත කුමාර අගලකඩ)  
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 6 දෙනකුට පමණ ඉදිරි දිනවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුර හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද හෙටම දිවුරුම් දෙනු ඇතැයි ද පැවැසේ.  


අලුතින් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර සඳහා යෝජනා වී ඇති එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 6 දෙනකුගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ඉකුත් බ්‍රහස්ප්‍තින්දා ජනාධිපතිවරයා වෙත යවා ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි. දැනට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත්වී නොමැති අමාත්‍යාංශ සඳහා මෙම නියෝජ්‍ය ඇමැතිවරුන් පත්කෙරෙනු ඇති බවද වාර්තා වේ. ජල සම්පාදන හා නගර සැලසුම්, බුද්ධ ශාසන යන අමාත්‍යාංශ ඇතුළු අමාත්‍යාංශ කිහිපයකම රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැතිවරුන් තවමත් පත්කර නොමැත.