ඇල්පිටිය ජය පොහොට්ටුවට


කොට්ඨාස 17ම දිනයි

 

  • සභික ධූර
  • පොහොට්ටුව-17යි
  • එජාප-7යි එජනිස-3යි
  • ජවිපෙ-2යි


(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)   

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් තෝරා ගැනීම සඳහා පෙරේදා (11) පැවැති ඡන්ද විමසීමේ දී ඡන්ද කොට්ඨාස 17ම දිනා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.   


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ප්‍රසාද ආසන ද ඇතුළුව සභිකයන් 31 දෙනකු තෝරා ගැනීම සඳහා එම ඡන්ද විමසීම පැවැත්විණි.   

 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යන දේශපාලන පක්ෂ පහෙන් අපේක්ෂකයෝ 85 දෙනෙක් ඡන්ද කොට්ඨාස 17 සඳහා තරග වැදුණහ.   


සභික ධූර 29 න් 17 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද සභික ධූර 7 ක් එක්සත් ජාතික පක්ෂයට ද සභික ධූර 3 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද සභික ධූර 2 ක් ජනතා විමුක්ති පෙරමුණට ද හිමි වී ඇත.   


ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 23372 ක් හිමිවී ඇති අතර   එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113 ක් ලබා ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273 ක් ලබා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435 ක් ලබා ඇත.
වලංගු ඡන්ද සංඛ්‍යාව 41503, ප්‍රතික්ෂේප ඡන්ද 597, ප්‍රකාශිත ඡන්ද 42100, ලියාපදිංචි ඡන්ද 53384කි.