ඇමැතිවරුන්ට ගෙනා වාහන නිලධාරීන් අතේ


 

 

  • අලුත් ඇමැතින්ට යළිත් වාහන ගේන්න වේදැයි  සැකයක්

 

 

(දයාසීලි ලියනගේ)  

වර්ෂ 2015 සිට 2019 දක්වා කාලය තුළ රුපියල් කෝටි 281 ක් වැය කර ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී වාහන ගණනාවක් මේ වෙන විට අමාත්‍යංශ කීපයක ලේකම්වරුන් හා අතිරේක ලේකම්වරුන් විසින් පාවිච්චි කරනු ලබන බව වාර්තා වේ.  

ඉදිරියට පත්වෙන රජයක මැති ඇමැතිවරුන් සඳහා මෙම වාහන ආරක්ෂිතව තැබිය යුතු වුවත්, නිලධාරීන් මේවා පාවිච්චි කිරීම බරපතළ වරදක් බව වෘත්තීය සමිති පෙන්වා දී ඇත.  අමාත්‍යංශවල නිලධාරීන් සඳහා වාහන වෙන්කර ඇතත් මෙම පිරිස ඇමැතිවරුන් සඳහා ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන හිතූමතේ පාවිච්චි කරන බව කියති.  
 ඇමැතිවරයා සඳහා ගෙන්වන ලද බී.එම්.ඩබ්ලිව්. හා රේන්ජ් රෝවර් වාහන අමාත්‍යශයක ලේකම්වරයෙක් හා අතිරේක ලේකම්වරයෙක් දැනටත් පාවිච්චි කරති. තෙල් ලීටරයකින් කිලෝමීටර් 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් පමණක් ධාවනය වෙන මෙම වාහන සුළු හෝ අනතුරකට භාජනය වුවහොත් අලුත්වැඩියා සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවෙන බව ද වාර්තා වේ.