ආනයන සීමා තිබියදීත් කෝටි 1500 ක රටින් බඩු ගෙනත්


(අජන්ත කුමාර අගලකඩ)   

ආනයනය සීමා කර තිබුණ ද ඉකුත් වසරේ මෙරටට පිටරටින් බඩු ගෙන ඒමට වැය කළ මුදල  ඇමෙරිකානු ඩොලර් කෝටි 1500 ක් පමණ වෙන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.   


 එසේ වුව ද ඉකුත් වසරේ මෙරට අපනයන ආද‌ායම ඇමෙරිකානු ඩොලර් කෝටි 1,100 ක් පමණ වූ බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 

 එම තත්ත්වය තුළ ඉකුත් වසරේ අපනයනය සහ ආනයනය අතර හිඟය ඇමෙරිකානු ඩොලර් කෝටි 400 ක් පමණ වෙන බව ද මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.   


එසේ වුවද ගිය වසරේ දී විදේශ ණය හා පොලී ගෙවීම් යටතේ ඇමෙරිකානු ඩොලර් කෝටි 4300 ක් ගෙවා ඇති බව ද මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වේ. 

 
 මේ වසරේ මැද භාගය පමණ වෙන විට සංචාරක කර්මාන්තයේ නැගීමත්, විදේශ ප්‍රේෂණවල ගලා ඒම යථා තත්ත්වයට පත්වීමත් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.   


විදේශ අංශය මත ඇති වෙන පීඩනය එතෙක් මේ ආකාරයෙන්ම පවතිනු ඇතැයි මුදල් අමාත්‍යාංශය උපකල්පනය කරයි.