අමාත්‍යංශ ගෙවල්කුලී වසරකට කෝටි 180ක්


(දයාසීලි ලියනගේ)  
අමාත්‍යාංශ 46න් 24ක් හා තවත් අමාත්‍යංශ 16ක කොටස් කුලී ගොඩනැගිලිවල පවත්වා ගෙනයාම නිසා වර්ෂයකට රුපියල් කෝටි 180ක මුදලක් කුලී ගෙවීම සඳහා වැය කිරීමට රජයට සිදු වී ඇත.  


මීට අමතරව මෙම කුලී ගොඩනැගිලි සඳහා අත්තිකාරම් ලෙස කෝටි 100ක මුදලක් ද ගෙවා ඇත.


මෑතක පිහිටුවන ලද අමාත්‍යංශ තුනක් සඳහා ද කුලී ගොඩනැගිලි ලබාගැනීමට සිදුවී තිබේ.  මේ පිළිබඳව මහ නගර සභා, බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ සියලු රාජ්‍ය ආයතන ඉදිරියේදී බත්තරමුල්ලට ගෙන ඒමට සැළසුම් කර ඇති බවයි.  ඒ සඳහා දැනටමත් සෙත්සිරි පාය - 1, සෙත්සිරිපාය - 2, සුහුරුපාය යන ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යන අතර මෙම වැඩපිළිවෙළ තවදුරටත් සංවර්ධනය කර කුලී ගොඩනැගිලවලට යන අතිවිශාල වියදම අවම කර ගැනීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කීය. රජයේ ගොඩනැගිලිවලින් ද කුලියක් අයකරන අවස්ථා ඇතත්, එය මේ තරම් විශාල මුදලක් නොවනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.