සිසු ආක්‍රමණය-කුණු ප්‍රශ්නය එජාපයේ දැඩි කතාබහට


 

අගමැතිවරයා පසුගිය බ්‍රහස්ප්‍රතින්දා උදේ 6 ට අරලියගහ මැදුරට ගියේ එහි තිබූ බෞද්ධ ආගමික උත්සවයට එක්වීමටය. ආගමික කටයුතු නිමවා යළි නිවසට ගිය අගමැතිවරයා අනතුරුව පාර්ලිමේන්තු ගියේය.  


 ඒ වන විට එජාප මැති ඇමැතිවරු රැසක් ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය තුළ රැදී සිටියහ. අගමැතිවරයා පිළිගනිමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පෙරමුණ ගත්තේය.  


‘විශ්ව විද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පැනලා. ඒකේ තට්ටු හතරම අල්ල ගත්තා විතරක් නොවෙයි. තට්ටු හතරටම හා රජයේ වාහන රැසකට විශාල ​අලාභ හානි කරලා. අමාත්‍යාංශ නිලධාරින් සේවක සේවිකාවන්ටත් තර්ජන කරලා ඔවුන්ට පිටවෙන්න දීලත් නැහැ. කෝටි ගණනක පාඩුවක් කරලා තිබෙනවා.’ ලක්ෂ්මන් කිරිඅැල්ල කීය.  


 ‘උසාවියේ නඩු තිබූ දවසේම ළමයි එහෙම හැසිරෙන එක නරකයි. මහින්ද හිටියා නම් සයිටම් 10 ක් හදලා. ආණ්ඩුව විරෝධතාවලට කන් දෙමින් සාකච්ඡා කරමින් අතරමැදි තැනකට එන්න සූදානම් වෙලා ඉන්න අතරේ ළමයි ප්‍රචණ්ඩත්වයට යාම අනුමත කරන්න බැහැ.’ අගමැතිවරයා කීවේ ඉතා බැරෑරැම් ලෙසය.  


‘රාජ්‍ය දේපළ විනාශ කිරීමෙන් මේ දරුවන් අපරාදේ අමාරුවේ වැටෙනවා. රාජ්‍ය දේපළ රු. 25,000 ට වඩා හානි කළොත් ඒක ලොකු කේස් එකක් බව නීතිඥයකු මට කිව්වා.’ දයා ගමගේ කීවේය.  


‘ අමාත්‍යාශයට කඩා පැනලා මෙච්චර විනාශයක් කරන තුරු පොලිසිය හා පොලිස්පති මොකක්ද කළේ කියලා මන්ත්‍රීවරු හුඟ දෙනෙකු මගෙනුත් ඇහැව්වා. සාගල මැදිහත් වෙලයි එස්.ටී.එෆ් එක යවලා තිබෙන්නේ. එහෙම නොවුණා නම් මහා විනාශයක් වෙන්නේ.’ අගමැති කීවේ නළල රැළීගන්වමිනි.  


 ‘මම ලංකාවේ නැති තරේ කිහිප දෙනෙකු මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කර තිබුණා. ඥනසාර හාමුදුරුවො මා හංගගෙන හිටියාය කියලා. මුස්ලිම් ජාතිවාදි මත වපුරන කීඵ දෙනෙකුත් මට ප්‍රහාර දීලා තිබුණා. මා ආපු ගමන් මාධ්‍යවලට නොවෙයි. රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට ප්‍රකාශය කළේ ඒකයි. මමයි, චම්පික රණවකයි හාමුදුරුවෝ හංගෛන හිටියා නම් උසාවියට භාර දෙන්නෙත් අපිමනේ. විජයදාස රාජපක්ෂ කීවේ අගමැති ඇතුළු කාගේත් සිනා මැදය.  


 ‘අත්අඩංගුවට ගන්න එපාය. චෝදනා ඉවත් කරගන්න ආදී ඉල්ලීම් උන්නාන්සේ වක්‍රමාර්ග වලින් ඉදිරිපත් කර තිබුණා. සියල්ල උසාවිය තීන්දු කරාවි කියලා ආණ්ඩුවේ ස්ථාවරය අප දැනුම් දුන්නා.’ සාගල රත්නායක කීවේය.  


‘හාමුදුරුවන් හෝ අප හෝ කවුරුත් රටේ නීතියට යටයි. නීතියට ගරුකරන්න ඕනැ. මටත් එක එක පණිවිඩ ආවා. පොලිසිය විශ්වාස මදි කියලත් පණිවිඩ ආවා. මා කිව්වා නීතිඥ උපදෙසුත් අරන් පොලිසිය විශ්වාස මදි නම් උසාවියට භාර වෙන්න කියලා. පොලිසියේ හෝ උසාවියේ වැඩවලට අප අත ගහන්නේ නැහැනේ. අගමැති කීවේය.  


ඒක හරි සියල්ල සලකා බලා උසාවිය හරි තීන්දුව දේවි. අන්තිමට විශ්වාස නැහැ කියපු පොලිසියම උන්නාසේට ඇප දෙනවට විරුද්ධ වුණෙත් නැහැ’ විජයදාස රාජපක්ෂ කීවේය.  


​’ පොලිසිය සොයන හාමුදුරු කෙනෙකු නොවෙයි ගිහි කෙනෙකුවත් තියාගන්න කවුද කැමැති. පොලිසිය කණ්ඩායම් 6 ක් දාලා හොයලා තිණා. සාගල උපක්‍රමශීලීව වැඩේ මෙහෙයුවා කියලයි හුඟ දෙනෙකු කියන්නේ.’ විජයදාස රාජපක්ෂ කීවේය. 


 

 

උද්ඝෝෂණ කර ඩෙංගු මඬින්න බෑ

රවි කරුණානායක ඇමැතිවරයා කීවේ මේ ප්‍රශ්න කෙටියෙන් ඉවර කරගන්න ඕනැ කියාය....


‘පොලිසිය හා මාධ්‍යවල ඥානසාර හිමි ප්‍රධාන මාතෘකාව වූ නිසා ආපු පීඩනය එක්කයි හාමුදුරුවෝ බාරවෙන්න ඇත්තේ. රවි කියනව වගේ මේ ප්‍රශ්න දිගට අදින්න නරකයි. රට දියුණු කිරීම හා ජනතාවට සහනදීම ගැනයි අප මුල්තැන දෙන්න ඕනෑ.’ වජිර අබේවර්ධන කීය.  


‘අස්ගිරි පාර්ශවයේ නිවේදනයෙන් පසු අප රන්ගිරි දඹුළු විහාරය ගැන තීන්දු ගන්න යනවා කියා ප්‍රශ්නය වෙනතකට දැමීමටත් උත්සාහයක් තිබෙනවා. ඒක ඉතා වැරදියි. මේ වටිනා විහාරය ලෝක උරුමයෙන් ඉවත් කරන අනතුරක් තිබෙනවා. අප බලන්නෙත් ඒක රැක ගන්නයි. ඒ තීන්දු මේ සිදුවීම්වලට කළින් ගත් ඒවායි’ අකිල විරාජ් කාරියවසම් කී දේ අගමැතිවරයාද අනුමත කළේය.  
’කුණු ප්‍රශ්නය හා ඩෙංගු වසංගතය ඉතා භයානකයි. අගමැතිතුමා කුණු ප්‍රශ්නයට මැදිහත් වීම ගැන ජනතාව ප්‍රශංසා කරනවා.’ විජයදාස රාජපක්ෂ කීවේය.  


‘මහින්දල, ගෝඨාභයල කළේ කුණු එකතු කර මීතොටමුල්ලෙයි හිස් ඉඩමුයි පුරවන එකයි. අප හදන්නේ කසළ කළමනාකරණය කර දිගුකාලීන විසඳුම දෙන්නයි. කුණු වෙන් කර දීමට ජනතාව බැදී සිටිනවා.  


 එහෙම නොකරන අය ඇල්ලීමට පොලිසියට හමුදාවට උපදෙස් දුන්නා. ඩෙංගු වැඩි වුණේ කුණු ප්‍රශ්නය හා ගංවතුර වගේම තම නිවාස හා ඒ අවට පිරිසිදු කිරීම ජනතාව නොකරන නිසයි. ජනතා කැපවීම නැතිව ඩෙංගු නැති කළ රටක් නැහැ. උසාවි නියෝග හරි ඩෙංගු මර්දනයට ආණ්ඩුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය කැප වෙනවා. උද්ඝෝෂණ කර කුණු ප්‍රශ්නය හා ​ෙඩංගු මඩින්න බැහැ. කාගේත් කැපවීම අවශ්‍යයි. ජනමාධ්‍ය උද්ඝෝෂණ පෙන්නුවට ඩෙංගු මැඩීමේ ජනතා වගකීම ඉස්මතු කරනවා මදියි.’ අගමැතිවරයා කළ විග්‍රහය ඉතා නිවැරදි බව සියලු දෙනා කීය.  


 විගණකාධිපති තරම් ශුද්ධවන්තයකු මේ රටේ නෑ වගෙයි එතුමා හැසිරුණේ. වසර 3 1/2 ක් පමණක් පරණ වටිනා වාහනයක් තිබෙද්දී මාසෙකට රු. පන් ලක්ෂ තිස්පන්දහසක් කුලී ගෙවා පිටින් වාහනයක් ගැනීම හරිද’ රන්ජන් රාමනායක ඇසුවේය.  
‘මටත් මන්ත්‍රීවරුන් හුඟ දෙනෙක් ඔය පැමිණිල්ල කළාම පුදුම හිතුණා.’ අගමැතිවරයාද ප්‍රතිචාර දැක්වීය.  


 ‘ඇමරිකාව එක්ක අර ඇක්සා ගිවිසුම දීර්ඝ කරනවාද අලුත් එකක් ගහනවද? විජයදාස රාජපක්ෂ විමසුවේ අගමැතිගෙනි. ‘ඇක්සා ගිවිසුම දිගු කරන එකයි කරන්නේ ජවිපෙ අනුර කුමාර ඉල්ලුව නිසා පාර්ලිමේන්තුව දැනුවත් කිරීම ගැටලුවක් නොවෙයි. ලංකාවට අවශ්‍ය හමුදාවට, පොලිසියට අඩු මුදලට ආයුධ හා උපකරණ ගන්න ​ෙම් ගිවිසුමෙන් ඉඩ ලැබෙනවා. ඒක ලංකාවට වාසි ගිවිසුමක්.’ අගමැතිවරයා පැහැදිලි කළේය.  


‘උතු​ෙර් පළාත් සභාව හා විග්නේෂ්වරන්ගේ මහ ඇමැතිකම අර්බුදයට ගිහින් එක පාරටම ඒක ෂේප් වුණේ කොහොමද? දයා ගමගේ විමසීය.  


 ‘විග්නේෂ්වරන් පත්කරන්න මුල් වුණේ සම්බන්ධන්. මාවෙයි සේනාධිරාජා පත් කරන්නයි මුලින් අදහස තිබිලා තිබෙන්නේ. දඟලන්න එපා කියන පණිවිඩය තමයි විග්නේෂ්වරන්ට මේ විශ්වාසභාංගය හරහා දීල ඇත්තේ. ඒක අයින් කර ගත්තාම විග්නෙෂ්වරන්ට හීලෑ වෙලා ඉන්න වේවි. මට නම් ආරංචි එහෙමයි. ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා හිස සැලුවා මිසක ප්‍රතිචාර දැක්වූයේ නැත.  


 කිරිඇල්ල ඇමතිතුමාගේ විග්‍රහය හරි ඇති නේද අගමැතිතුමා.’ රන්ජන් රාමනායක කීවේ අගමැති ඇතුළු කාගේත් සිනා මැදය.  
‘ඒ විස්තරේ හරිද දැනගන්නයි තවත් විස්තරත් ඕනෑ නම් රන්ජන් ඔයා සම්බන්ධන් විපක්ෂ නායකතුමාට කතා කරන්නකෝ.’ අගමැති කීවේද සිනා මැදය.  


 

 

සේනානායක සමරුව

පාර්ලිමේන්තුව ආවරණය කරන නිල මාධ්‍යවේදීන් සඳහා කරු ජයසූරිය මහතාගේ මඟ පෙන්වීම පරිදි මීගමුවේ පැවැති දෙදින නේවාසික වැඩමුළුව දැනුම් සම්භාරයක් ලබා දුන් ඉතා සාර්ථක වැඩමුළුවක් විය. එහිදී මාධ්‍යවේදීන් සමග ඉතා කුළුපගව සාකච්ඡා කරමින් සෑහෙන වේලාවක් ගත කළ අතර ජනමාධ්‍ය අමාත්‍යාශය වෙනුවෙන් නව නියොජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ද ඒ සහා එක්ව සිටියේය.  


 බොරැල්ලේ පැවැති ඩඩ්ලි සේනානායක ගුණ සමරුව ද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර රුක්මන් සේනානායක සහ රුවන් විජයවර්ධන, වසන්ත සේනානායක යන ඩඩ්ලි සේනානායකයන්​ෙග් දෙමුණුපුරන් වූ රාජ්‍ය ඇමැතිවරු දෙදෙනාද දෙපසින් තබා ගෙන එම දෙදෙනා නොදුටු ඩී.එස්. සේනානායක මුත්තනුවන් ඇතුළු සේනානායක පවු​ෙල් පූර්වගාමීන් පිළිබඳව කරු ජයසූරිය මහතා සිය මතකය ආවර්ජනය කළේ සේනානායකවරු සතු අනාගත ජාතික වගකීම පිළිබඳව ඉඟි කරමිනි.  ගිලන්ව සිටි ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ සුවදුක බැලීමට ගිය කථානායකවරයා ඔහු මෙරට සුභාවිත සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් දුන් දායකත්වය අගයමින් ඉක්මන් සුව ප්‍රාර්ථනා කළේය.  


 

සජිත් ආධාර බෙදා රැස්වීම නවත්වයි​

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ගංවතුරෙන් විශාල ලෙස හානියට පත්වූ වලස්මුල්ලෙ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් තම අමාත්‍යාංශයේ අරමුදල් හා මිතුරන්ගේ ආධාර රැගෙන ඔවුන් හමුවට ගියේය. පවුල් 435 ක් මෙයින් විපතට පත්ව සිටියහ. මේ ජනතාවට සහනාධාර පිරුණු මල්ලක්ද පිරිනමන ලදී.


 සංවිධානය කර තිබූ රැස්වීම ඇමැතිවරයා විසින් නවත්වන ලද්දේ සහනාධාර බෙදා රැස්වීම් පැවැත්විය යුතු නැති බවය. තමා අතින් 10 දෙනෙකුට පමණක් ආධාර බෙදීමට නිලධාරින් යොදා තිබූ සැලැස්මද නතර කළ ඇමැතිවරයා තම අතින් සියලු දෙනාටම ආධාර බෙදා දුන්නේය. අපේ තාත්තත් ජනසවි මල්ල එයා අතින්මයි බෙදුවේ. මතක තියාගන්න 
ම​ෙග් අතින්මයි මේ හාරසිය ගානටම ආධාර බෙදන්නේ.’ රැස්වීම අවලංගු කර ආධාර බෙදා දෙමින් ඇමැතිවරයා කීවේය.