ජිනීවා යෝජනාවලියට ආණ්ඩුවෙන් දැඩි ප්‍රහාරයක්


බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයට ගිය අගමැතිවරයා එහිදී ඉඩම් ඔප්පු හා උප්පැන්න ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවට එක්වී පැමිණ සිටි විශාල පිරිසකගේ අවශ්‍යතා සපුරාලීමට පියවර ගත්තේය.


වේයන්ගොඩ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම ද සෙනසුරාද‌ා සවසම සිදුවිය.


පසුද‌ා මාවනැල්ල නගරයට ගිය අගමැතිවරයා ඇමැති කබීර් සමග එක්ව අලුතින් ඉදිකළ මාර්ග රැසක් ජනතා අයිතියට පත් කළේය.
පස්වරුවේ කොච්චිකඩේ - මාඔය පාලම විවෘත කිරීම ද සිදුවිය.


කැකිරාව දේවතිස්ස රජමහා විහාරයේ නව ගොඩනැගිල්ල ද විවෘත වූයේ අගමැති අතිනි.


බ්‍රහස්පතින්ද‌ා අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා සුපුරුදු ලෙස එහි සිටි මැති ඇමැතිවරුන් ඇතුළු හිතවතුන් සමග සතියේ සුපුරුදු දේශපාලන කතිකාවට ද එක් වූයේය.
‘ජිනීවාවලදී ආණ්ඩුව රට පාවා දෙයි කියලා විපක්ෂයයි, කළු මාධ්‍යයි බලන් හිටියා. අන්තිමට ආණ්ඩුව විපක්ෂයටත් වඩා එඩිතරව රට වෙනුවෙන් පෙනී හිටියා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


‘හයිබ්‍රිඩ් අධිකරණයටයි, නිත්‍ය නියෝජිත කාර්යාලයටයි විරුද්ධ වෙලා අපේ පැත්තේ කරුණුත් පැහැදිලි කර රටත් බේරගෙන ඉතිරි වැඩ ටික කරන්න වසර දෙකක් කල් ගන්න සමත් වීම ආණ්ඩුව වගේම රටත් - ජනතාවත් ලබපු ජයක්.’ නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.


සාමාන්‍යයෙන් ජිනීවා වාර්තාවක ‘කෙනෙකු’ නම් කරන්නේ කලාතුරකිනුයි. ඒත් අපේ හමුද‌ාවේ ඉහළ කෙනෙකුගේ නම මේ පාර කියැවුණා. ඔහු දිගටම තියා ගන්නව ද, නැද්ද කියන එක තීරණාත්මක තීන්දුව වෙන්න බැරි නැහැ.’ චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.


‘ඔය කියන කෙනා හමුද‌ාවේ ඉහළම තනතුරට පත් කරන්නේ නැහැ කියා ප්‍රබලම රටක ලංකාවේ තානාපතිට ජනාධිපති පාර්ශ්වයෙන් පොරොන්දුව දීලා කියා ආරංචිය යනවා. ඒක ඇත්ත ද?’ හේෂා විතානගේ ඇසුවේ අගමැති රනිල්ගෙනි.


අගමැතිවරයා නළල රැලි ගන්වා ඉවත බලා ගත්තා මිසක කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.


‘පාර්ලිමේන්තුවේදී විජයද‌ාස රාජපක්ෂ බ්‍රිතාන්‍යය ජිනීවා යෝජනාවට විරුද්ධව කතා කළා. ලංකාව ඊට සම අනුග්‍රහය දක්වනවා කියාත් ප්‍රහාර දුන්නා මිසක් යෝජනාවේ තිබෙන දේවල් කිව්වේ නැහැ. මා ඒකට හොඳ උත්තරය දුන්නාම ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ තමන්ගේ කාර්යාලයේ ඒ කතාව අහගෙන හිටපු ජනාධිපතිතුමා මට එන්න කියා පණිවුඩයක් එව්වා.’


මම ගිහින් බ්‍රිතාන්‍ය යෝජනාවේ ගෙවුණු වසර 4 ලංකාවේ ප්‍රගතිය වර්ණනා කර තැන් 7 ක ස්තූති කර තිබෙනවා කියා යෝජනාවේ පිටපතකුත් එතුමාට දුන්නා.
හයිබ්‍රිඩ් අධිකරණ හෝ අපේ ව්‍යවස්ථාවට හෝ නොගැළපෙන කිසිම දේකට ආණ්ඩුව එකඟ වෙන්නේ නැහැ කියා මා පැහැදිලි කළාම ජනාධිපතිතුමා එ්ක පිළිගත්තා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


‘මා අවස්ථාවෙන් ප්‍ර​ෙයා්ජන ගෙන ම​ෙග් ඇමැතිකම දුර්වල වීම ගැනත් කතා කළා. සියයට 56 කින් මාව ගිය ජනාධිපතිවරණයේදී මහනුවරදී දිනවන්න ඔබ කටයුතු කළ හැටි මට මතකයි. ඕනෑම විෂයක් අගමැතිතුමා හරහා එවන්න. මා ඒක කරන්නම් කියා ජනාධිපතිතුමා මට කිව්වා.’ කිරිඇල්ල එය සෘජුවම ප්‍රකාශ කළේ අගමැති රනිල්ටය.
‘ඇමැතිධුර බෙදීමේ අඩු පාඩු සියල්ල ඉක්මනින් විස​ෙඳ්වි. රිෂාඩ් ට දෙන්න කියා නොදී ඉඳපු දේවලුත් ළඟදී ජනාධිපතිතුමා දුන්නා. අනිත් ඒවත් ඒ විදියටම වේවි කියා මා හිතනවා.’ අගමැතිවරයා කීවේ මද සිනහවද පාමිනි.


‘ජනාධිපතිතුමා පොහොට්ටුකාරයන් පස්සේ යන්න ගිහින් දැන් ඔවුන්ගේ අවස්ථාවාදීකම වගේම එජාපෙ අපේ හිතවත්කම හා අවංකකම හොඳට තේරුම් ගනිමින් ඉඳීම ඉතා වටිනවා.’ නවීන් දිසානායක කී දේ සියලු දෙනාම අනුමත කළහ.


‘ජනාධිපතිතුමා සතිය පටන් ගත්​ෙත් සිංගප්පූරු අගමැතිට බැණලයි. ඊළඟට මොන රටේ නායකයට බණී ද දන්නෙ නැහැ. හැබැයි මට එකක් ෂුවර්, මෙතෙක් කල් දිගටම බැණපු අපේ අගමැතිතුමාට නම් එතුමා ආපහු බණින එකක් නැහැ. යාළු වෙනවා මිසක්.’ චමින්ද විජේසිරි කීවේ කාගේත් සිනා මැදය.


‘සිංගප්පූරුවට දොස් කිව්වාම සිංගප්පූරුව උත්තර දී තිබෙන්නේ ලංකාවෙන් කිසිම ලියවිල්ලක් අර්ජුන මහේන්ද්‍රන් ගැන එයාලට ඇවිත් නැහැ කියලයි. ලියවිලි තිබෙනවා නම් අපේ ආණ්ඩුව යැව්වේත් නැතිනම් පොලිසිය සී අයි ඩී එක මාස 4 ක් තිස්සේ ජනාධිපතිතුමා යටතේ නිසා තිබ්බෙ නම් දැන් ලියවිලි යවන්නේ නැත්තේ ඇයි කියලයි මිනිස්සු අහන්නේ’ හේෂා විතනගේ තර්කය එය විය.


‘බැඳුම්කර කළේ ඇලෝසියස්ලයි. ඥ‌ාතිකම නිසා මහේන්ද්‍රන් ඒකට උදව් කළා ද කියා ඔප්පු වෙන්න ඕනෑ. මොකද කෙනෙකු මිනියක් මැරුවහම නඩු ද‌ාන්න පුළුවන් මරපු කෙනාට විරුද්ධවයි. එතන හිටපු මිනිහෙකු ඒකට අනුබල දුන්නා ද නැද්ද කියා ඔප්පු කරන්න ඕනෑ. බැඳුම්කරේ ගැන මහේන්ද්‍රන්ගේ සම්බන්ධය තිබේ නම් එය ඔප්පු විය යුත්තේ ඒ න්‍යාය අනුවයි.’ එජාප නීති නිලධාරියෙක් විග්‍රහ කළේය.


‘ටොප් 10 කියා නඩු දුසිම් ගානක් තිබෙන පොහොට්ටුවේ මහ හොරෙකු අපේ ආණ්ඩුවේ හොරකම් ගැන පොතක් ලියලා. ඒක නම් මාර ජෝක් එකක්.’ රංජන් රාමනායක කීවේ කාගේත් සිනා මැදය.


‘රටට කිසිම නැවක් ගන්න ගෙවුණු වසර හතරේ කිසිම කැබිනට් පෙ​්පර් එකක් ඇවිත් නැහැ. ඇමෙරිකාව නොමිලේම අපට නැවක් දුන්නා. ඒක දැන් හවායිවල ඉඳන් ලංකාවට ඒවි.’
අප සල්ලිවලට ඉන්දියාවෙන් තව නැව් 2 ක් ගන්නවා. ඒවා ගෝවේ හදනවා. ඒ අතරේ චීනය අවි ගලවා ඉවත් කළ ප්‍රහාරක හා වෙරළ සංරක්ෂක නැව අපට නොමිලේ දෙන්න සූද‌ානම්. ඒක ආවහම අපට අවශ්‍ය අවි හයි කිරීම හෝ හෙළිකොප්ටර් අංගණ ඉදිකිරීම හෝ කළ හැකියි.’ අගමැතිවරයා පැහැදිලි කළේය.


‘රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා දෙකක් ගන්න ළඟදී කැබිනට් පත්‍රිකාවක් ආවා. ඒත් ඊට වඩා ​ෙහාඳ ඔෆර් එකක් ස්වීඩනයෙන් ලැබිච්ච නිසා අප ඒ ගැනත් සලකා බලන්න වෙනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


‘ශ්‍රීලනිපය - පොහොට්ටු දීගය පෝරුවේ නගින්නත් කලින් හබක් වෙන ලකුණුයි තිබෙන්නේ. පොහොට්ටුවේ අය ශ්‍රීලනිපය ගාවා ගන්න කැමැති නැහැ. ඔවුන් එල්ටීටීඊ කාරයන් වගේ විශ්වාස කරන්න බැහැ කියා දිළුම් අමුණුගම ප්‍රසිද්ධියේ කිව්වා.


​‘පොහොට්ටු කාරයන් ඊටත් වඩා ආත්මාර්ථකාමී අවස්ථාවාදීන් බව ශ්‍රීලනිප අයත් පොහොට්ටුවට බැට දෙනවා. මේ දෙගොල්ල කාගෙන කාගෙන අන්තිමට ජනාධිපතිවරණය වෙන විට දෙගොල්ලගේම වලිග දෙක විතරක් ඉතුරු වේවිද දන්නේ නැහැ.’ මුජිබර් රහුමාන් පැවසුයේ සිනාසෙමිනි.