​නොඇසේවා යළිත් බියකරු සුනාමිය


දෙදහස් හතරෙ සුබ නත්තල උදාවෙලා   
කිතු බැතිමතුන් ලොව සමරයි සතුට ගලා   
හිරු බැස ගොසින් යළි දිනයක් එළිය කළා   
ගැලුවා සයුර බිය කරමින් දෙගොඩ තලා  
 
පවනට වේගයෙන් ජල රළ හමා ගිය   
ජීවිත දහස් ගණනක් විය අපේ අය   
හිත් පිත් නොමැති දිය රකුසා රැගෙන ගිය   
නොඇසේවා යළිත් බියකරු සුනාමිය
  
හැකිනම් යකඩ යකෙකුව බිම හෙළන්නට   
ගේ දොර සමග ගහ කොළ පොඩි කරන්නට   
එතරම් සැඩ පරුෂ ජල කඳ ගලන්නට   
අසරණ ජීවිතයි මේවට උනේ යට
 
තැන තැන වැටුණ මළ මිනි ඇත එකට බදා   
අමු සොහොනක් වුණා ලක්මව හැඬුව එදා   
මියගිය සැවොම සිහිකර පිං පුදමු මෙදා   
අජරාමර නිවන්සුව ලැබ ගන්න සදා   
 
 
විමලා යාපා - සයිප්‍රස්